පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක්ෂකයකු වශයෙන් තරඟ කරනු ලබන අයකු අත් අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි. 09 April 2025
‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක් හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේ දි සිදු කෙරිණි. 08 April 2025
පිල්ලෙයාන් අත්අඩංගුවට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. 08 April 2025
ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොට්ටාවේදී අද (8) පැවසීය. 08 April 2025
ශ්‍රී ලංකන් ලොක්කෝ ජනපති හමුවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි. 08 April 2025
හිතුමතේ බෙහෙත් ගත් ගැබිනි මව මරුට වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පෞද්ගලික ඔසු සැලකින් මිලදී ගත් ඖෂධ කරලක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රුවන්වැල්ල පොලිසිය කියයි. 08 April 2025
දේශබන්දුට එරෙහිව කමිටුවක් පත් කරන යෝජනාව මැති සබේ සම්මතයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද 151කින් සම්මත විය. 08 April 2025
ඇමරිකා- චීන තීරු බදු වෙළෙඳ යුද්ධයක ඇරැඹුමක් ඇමරිකා එක්සත් ජනපදයේ ඊනියා ’’අන්‍යෝන්‍ය’’ තීරුබදු සහ චීනය ඇමරිකා එක්සත් ජනපදයෙන් පළිගැනීමේ අරමුණින් තීරුබදු පැනවීම හරහා වෙළඳ යුද්ධයක් ආරම්භ වෙමින් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 08 April 2025
අපරාධ දේපොළ පනතට ඡන්දෙ දෙන්න චාමර බන්ධනාගාරෙ සිට එයි අපරාධයකින් උත්පාදිත දේපොළ පවරා ගැනීමේ පනත් කෙටුම්පතට පක්ෂව කවුරු ඡන්දෙ දුන්නේ නැතත් තමා ඡන්දය ලබා දෙන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (8)පැවසීය. 08 April 2025
කෝටි10ක් වංචා කළැයි හිටපු කොස්තාපල් රිමාන්ඩ් විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළේ යැයි කියන ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(08) නියෝග කළේය . 08 April 2025
නානුඔය සහ දෙමෝදර අතර සුන්දරත්වය බලන්න අලුත් දුම්රියක් දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව අලුතින් නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් අද පෙරවරුවේ සිට ආරම්භ කළේය. 08 April 2025
ඇප කොන්දේසි නැතිව වියලේන්ද්‍රන් යළි බන්ධනාගාරයාට වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගැනීමට ආධාර අනුබල දුන්නේ යැයි ඇප මත මුදා හළ හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස් වියලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් බන්ධනාගාරයාට රැගෙන යනු දක්නට ලැබිණි. 08 April 2025
පනත සම්මත කළොත් රට හංගපු සල්ලිත් ගේන්න පුළුවන් අපරාධයකින් අත් පත් කරගත් දේපොළ විදෙස් රටක තිබුණත් එය නැවත ලබා ගැනීමට හැකි ප්‍රතිපාදන අපරාධයකින් අත් පත් කරගත් දේපොළ පිළිබඳ පනත් කෙටුම්පත යටතේ හැකියාව ලැබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 April 2025
මහ බැංකු හොරුන්ට අලුත් පනතින් දඬුවම් මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නට අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත මගින් හැකියාව ලැබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 April 2025
අපරාධ දේපොළ පවරා ගන්නා පනතට පොහොට්ටුව පක්ෂයි අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පූර්ණ සහාය ලබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:- (පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 April 2025
රජයේ ඉඩම් සංවර්ධනයට ආයෝජකයන් සොයයි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
’’අමෙරිකා බදු ගැන කතා කරන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න’’ අමෙරිකාව පැනවූ ප්‍රතිචාරක බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) ඉල්ලීමක් කළේය. 08 April 2025
අග්‍රාමාත්‍යවරිය - IMF ප්‍රධානී අතර සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා පත්කළ නව මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ඇතුළු නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (7) පැවැත්වීණි. 08 April 2025
ශාක වල අයිතිය රකින්නත් පනත් කෙටුම්පතක් නව ශාක ප්‍රභේද අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නීති කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
මාධ්‍ය වෘත්තිකයන්ට වරලත් ආයතනයක් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
ගුරු පුණුවට ජාත්‍යන්තර ත්‍රෛයි පාක්ෂික ගිවිසුමක් දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, යුනෙස්කෝ දකුණු ආසියාතික කලාපීය කාර්යාලය සහ ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්ව විද්‍යාලය අතර ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
පිස්සු බලු බේත ගන්න ප්‍රසම්පාදනය දෙයි රේඛීස් එන්නත් (මිනිස් පරිහරණය) මිලි ලීටර 0.5/ මිලිලීටර 1න් අක්‍රීය කරන ලද මාත්‍රා මිලියන 3ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
පෙට්‍රල් නැව් පහක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
අලුත් හැඳුනුම්පතට කාඩ් ගන්න ලංසු දෙන්න යයි ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සඳහා පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
මහා බැංකු වාර්තාව පාර්ලිමේන්තුවට 2024 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳව වන වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
වියලේන්ද්‍රන්ට ඇප වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගැනීමට ආධාර අනුබල දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස් වියලේන්ද්‍රන් මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (08)නියෝග කළාය . 08 April 2025
රාජ්‍ය සේවයට උපාධිධාරීන් තිස් දාහක් ගන්න අනුමැතිය රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරින් සහ තරුණ තරුණියන් 30,000 ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
අවම වේතන වැඩි කරන්න කැබිනට් අනුමැතිය සේවකයන්ගේ ජාතික අවම වේතනය පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 April 2025
අනුරගෙන් ට්‍රම්ප්ට ලිපියක් අන්‍යෝන්‍ය තීරුබදු ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද රාත්‍රියේ පවත්වන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 April 2025
ඊශ්‍රායලයේ හෝටල් වැඩට ලාංකිකයෝ 103ක් යති ඊශ්‍රායල් රැකියා වැඩසටහන යටතේ ප්‍රථම වරට හෝටල් ක්ෂේත්රය ආශ්රිත රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක් තෝරාගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 08 April 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026