(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
සභානායකවරයා විසින් විපක්ෂයට ලපයි සිපයි යනුවෙන් ඇමතීම මුල්කර ගනිමින් සභාවේ විවාද තත්ත්වයක් ඇතිවී පවතී.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා;-(සජබ)
විවාදයකදී අයුතු වචන පාවිච්චි කළ මන්ත්‍රීවරයෙකුට එරෙහිව පාර්ලිමේන්තුව විසින් සුදුසු යැයි සලකනු ලබන කවර හෝ ආකාරයකින් කටයුතු කළ හැකි බව ස්ථාවර නියෝග වල සඳහන්ව තිබෙනවා. ඒක නිසා සභා නායකවරයාට ඒ කියපු වචනය ඉල්ලා අස්කර ගන්න කියන්න.
සභානායක නායක බිමල් රත්නායක මහතා:-
ඔබතුමාලා අපට කොච්චර වචන කියන කියනවද?
කථානායක ජගත් වික්‍රමරත්න මහතා:-
ඔබතුමාලා මට කොච්චර පරිභව කරලා තියෙනවාද? මේ පොඩි කාරණාවක් අල්ලගෙන නටන්නේ නැතුව ඉන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කථානායකත් හිටපු කෙනා වගේමයි. මෙලෝ රහක් නැහැ. තමන්ගේ පක්ෂයට කඩේ යනවා රෙදි නැතුව...
ලපයි සිපයිට යන එන මං නෑ දැන්
පෙනෙන විදිහට නම් සභානායක සහ කතානායක තුමාලා දෙන්නම කැමතියි වගේ ලපය කියන්න. හැබැයි මොනවා වුණත් ඔබතුමාලා ආවේ පරණ කැත සංස්කෘතිය වෙනුවට යහපත් අලුත් පිළිවෙළක් ගේනවා කියලා. ඒක දැන් උපන් තැනම ලොප් කරන්න එපා. තමුන්ගේ පක්ෂයේ මන්ත්රීවරුන්ට යහපත් ගති කියලා හදාගන්න.
එතුමා හිතා මතාම එසේ කිව්වාද,නැත්නම් කටින් පිටඋනාද ? කෙසේ හෝ වේවා පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයෝ කියන.අයගේ හැසිරීම හරිම පිළිකුල්.
දැන් මීඩියා එක හමගහනවා ඕක!
ජෙප්පො කියන්නෙ කෝමත් ලපයි සිපයි තමයි...