
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට විපක්ෂ නායකගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තුවේදී ඊයේ තදින් කතා කළේ යැයි ද ඒ හැසිරීම අවලස්සන යැයි ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"වසර ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගණන ඉතා අඩු මට්ටමකයි පැවතුණේ.මම දකින්නේ මේක ප්‍රචණ්ඩත්වයක්, තර්ජනයක් විදියට.මේක වචන වලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි.
අද උදෙත් මෙතන හැසිරුනේ ඔය අන්දමට තමයි.මේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ ඔය සංස්කෘතිය වෙනස් කරන්නයි. ඒ මන්ත්‍රීවරියගේ දක්ෂතාවය මේ මන්ත්‍රීවරුන්ගේ පිරිමි කමට අභියෝගයක් වෙලා තියෙනවා" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපෝ, මේ පාපිසි, සුන්බුන්වලට වෙන කතාකරන්න වැදගත් දේවල් නැද්ද?
ඔය කරුණාව විපක්ෂයේ මන්ත්‍රීවරියන්ටත් තිබුණා නම් හොදයි නේ...
බදු ගෙවන්නන්ගේ මුදලින් නඩත්තු කරන PM කියලා අලංකාර කාන්තාවක් අපිට ඉන්නවා. මොකටද?. අඩුම තරමේ කලින් අගමැතිතුමා බුද්ධ ශාසනයට විශාල සේවයක් කළා. දැන් මේ කාන්තාව මොකටද?
වට්ටි අම්මෙක් වගේ හැසිරෙනවා නම් එයාට ඉතිං ඒ භාෂාවෙන්ම තමයි කතා කලයුත්තේ . නැතිනම් එයාට තේරෙන්නේ නැහැ .
පව්....
ලක්මාලි මහත්මිය ඉතාමත්ම දක්ෂ මන්ත්‍රීවරියක්
අනේ පව් ලස්සනම කෙල්ලට බැනලා තියෙන්නේ...