
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුවන් පැමිණි ත්‍රී රෝද රථය පැද වූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
ඉකුත් මස 24 වෙනි දින මෙම ඝාතනය සිදුවිය.
සිද්ධියෙන් මිය ගියේ ගල්කිස්ස පන්සල පාරේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා 25 හැවිරිදි තරුණයෙකි.
බොරලැස්ගමුවේ පැවති සංගීත සංදර්ශනයක් නරඹා මියගිය තරුණයා ඇතුළු නව දෙනකුගෙන් පිරිසක් මාලනී බුලත්සිංහල මාවතේ පා ගමනින් යමින් සිටියදී තීරෝද රථයකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබිණි.
එහිදී තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd