
(ප්‍රසාද් රුක්මල් )
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15කට මරු කැදවා 18 කට තුවාල සිදුවු ස්ථානයයේ පස්බැමි යොදා ආරක්ෂිත බැම්මක් ඉදි කළ බව ඌව පලාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා පවසයි .
තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් පවුලේ උදවිය සමග විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී ඉකුත් 4 වනදින රාත්‍රි එම විනෝද චාරිකා බස් රථය අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවිය.
මෙම ස්ථානයේ මීට පෙර ත් මාර්ග අනතුරු කීපයක් සිදු වී විශාල ජීව්ත රැසක් අහිමි වූ බවත් එම නිසා මාරක අඅනතුරු අවම කිරිමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්වී මෙසේ මෙම ස්ථානයයේ පස්බැමි යොදා ආරක්ෂිත බැම්මක් ඉදිකර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශා ... මේ තරම් කාර්යක්ෂමතාවයකින් වැඩකරන රටක් පෙර සිටම පැවතුණා නම් අද ලංකාව....
ඔය මගුල් බස්කාරයන්ගෙ ජම්පින් නතරකරන්න ඔය පස්කඳු මදිවෙයි.
බොරු වැඩ! වැස්සට පස් ටික හේදිලා තව පාර ලිස්සන එක විතරයි. පැලැස්තර විතරයි සැලැස්මක් නැහැ
වැස්සක් ආවොත් මොකද වෙන්නේ කියල හිතුවද? මීට අමතරව තිබුණට වැඩිය හොද වැටකුයි පැහැදිලිව පෙනෙන අනතුරු සංඥා පුවරුයි සවි කළා නම් තවත් හොදයි.
කණගාටුයි , ඉක්මනින් කරත් මේක සාර්ථක නෑ... එක වැස්සට පස් හේදිලා යනවා. අනිවාර්යෙන් ශක්තිමත් යකඩ වැටක් ඕනි warning lights එක්ක.
එම පළාතට ආවේනික වූ පඳුරු හෝ එවැනි පඳුරු ලෙස වැවෙන ගස් වර්ග වවන්නත් පුළුවන්. ලොකු වියදමක් යන්නෙත් නැහැ. නඩත්තුව කරන්නත් පහසුයි.
ඔය පස් කන්දෙන් එවැනි අනතුරු වලක්වන්න නොහැකිය.