නාන්න ගිය දෙන්නෙක් දැදුරුඔයේ ගිලී අතුරුදන් විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු තරුණයින් දෙදෙනෙකු දියෙ ගිලි අතුරුදන් වී ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි. 02 May 2025
දේශබන්ධුට පාතාලයෙන් තර්ජන තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. 02 May 2025
අද කාලගුණය බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 May 2025
පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක් ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය බැංකුවක ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කර තිබූ රන් භාණ්ඩ යයි සැක කරන ආභරණ කිලෝ 01 ගෑම් 112 ක් වැඩිදුර විමර්ශන සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 01 May 2025
උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි. 01 May 2025
පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි ලීටර් තිස් තුන් දහස් හත්සියයක් පෙරීමේ උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව රක්වාන කියයි. 01 May 2025
ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි 2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජා.ජ.බ මැයි රැලියේදී පැවසීය. 01 May 2025
‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘ වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය . 01 May 2025
සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක් සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබරගමු විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.සුනිල් ශාන්ත මහතා පැවසීය . 01 May 2025
පෞද්ගලික අංශයේ පඩි වැඩි කරන පනත් කෙටුම්පත ලබන කැබිනට්ටුවට පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමේ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. 01 May 2025
‘ගම දිනවන ගමන හය අරඹනවා‘‘ කම්කරුවා ඇතුලු සමස්ථ ජනයා වෙනුවෙන් සුබ මොහොතින් සුබ නැකතින් ගම දිනවන රට දිනවන ගමේ ආණ්ඩුව ලබන හයවනදාට සමගි ජන බලවේගය මූළිකත්වයෙන් බිහිකරන බව එහි නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මැයි දිනයට රැස්ව සිටි ජනතාව අමතමින් තලවකැලේ නගරසභා ක්රිඩාංගනයේදී අද(01) ප්‍රකාශ කලේය. 01 May 2025
ජාජබ රැලියෙන් ගාලු මුවදොර රතු පැහැ ගැන්වෙයි ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය කොළඹ ගාලු මුහුදට පිටියේදී මේ වනවිට අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි. 01 May 2025
ඉන්දීය ගුවන් කලාපය වසා දැමේ දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහරෙයෙන් පසු, ඉන්දු පාකිස්තාන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, පාකිස්තාන ගුවන් යානා සඳහා තම ගුවන් කලාපය වසා දැමීමට ඉන්දියාව ඊයේ (1) තීරණය කළේය. 01 May 2025
සරසවි නවක වදයට තවත් සිසුවෙක් මරුට? සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරමින් සිටි සිසුවකු ගෙලවැල ලාගෙන මිය ගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි. 01 May 2025
ගැටුම බේරා ගන්නැයි ඇමෙරිකාව දෙපාර්ශවයට කියයි පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගතව ඇති අර්බුදය තවත් උග්‍ර කර නොගන්නැයි ඇමෙරිකාව දෙපාර්ශ්වයට දැනුම් දුන් බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා දැනුම් දුන්නේය. 01 May 2025
ආයුධවලින් පහරදී පුළුස්සා මරලා තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි පොලීසිය පවසයි. 01 May 2025
අමෙරිකාව - යුක්රේනය ගිවිසුම් ගත වෙයි යුක්රේනයේ ඇතැම් දුර්ලභ ඛනිජ සම්පත් සඳහා ඇමෙරිකාවට ප්‍රවේශය ලබාදෙන ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට ඇමෙරිකාව සහ යුක්රේනය පසුගියදා අත්සන් තැබුවේය. යුක්රේනය වෙනුවෙන් ආයෝජන අරමුදලක් පිහිටුවීම වෙනුවෙන් යුක්රේන භූමියේ ඇති දුර්ලභ ඛනිජ සම්පත්වලට ඇමෙරිකාවට ප්‍රවේශය ලබාදීමට එරට තීරණය කර තිබිණි. 01 May 2025
කෝටි 14ක් ගිල්ලත් පුරන් කුඹුරු හැදිල්ල බාගෙට කරලා පුරන් කුඹුරු අස්වැද්දීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 01 May 2025
මැයිදින උත්සව බිමෙහි ෆොටෝ ගත් අයෙක් අත්අඩංගුවට ජාතික ජන බලවේගය පක්ෂය ගාලු මෝදර පිටියේ සංවිධානය කර තිබු මැයි දින උත්සවයේ පීටිකාව අනවසරයෙන් ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත් පුද්ගලයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි. 01 May 2025
කතක් නිවසතුල කපා කොටා මරාදාලා කතරගම ,පෙරගිරිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවෙසේදී අද(01) ඝාතනය කර ඇතැයි කතරගම පොලීසිය කියයි. 01 May 2025
ඉන්ධන අඩුවුණත් බස් ගාස්තු එහෙමමයි ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය. 01 May 2025
ගිනි අවි පෙන්වා කොල්ල කෑ පොලීසියේ දෙන්නෙක් මාට්ටු ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත. 01 May 2025
‘ස්වාධීන වෙස් මුහුණ දාගත්තට ජනතාව පිළිගන්නේ නෑ‘ පළාත් පාලන නොමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් ජනතාව පිළිනොගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 01 May 2025
අල්ලස් ගත් ප්‍රා.සභා අපේක්ෂක මාට්ටු ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිවරණ අපේක්ෂයකු වන අක්මීමණ ප්‍රා.සභාවේ ආදයම් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 01 May 2025
ජනපති ප්‍රේමදාස ගුණ සැමරේ හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි. 01 May 2025
බටලන්ද විවාද දින තීරණයට පක්ෂ නායක රැස්වීමක් හෙට බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය. 01 May 2025
ටී.බී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර හිටපු වාණිජ ආහාර කර්මාන්ත හා නාවික අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත ලේඛකයකු වූ ටී.බී ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද(01) කොළඹ නවම් මාවතේ පිහිටි ඉලංගරත්න මහතාගේ පිළිරුව ඉදිරිපිටදී සිදුකෙරිණි. 01 May 2025
පැය 21ක් තුළ දුම්රිය තුනක් පීලි පනී මරදාන හා කොටුව අතර ඊයේ (30) පස්වරුවේ සහ අද (01) පෙරවරුවේ දුම්රිය දෙකක්ද ඊයේ (30) රාත්‍රී පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී තවත් දුම්රියක්ද වශයෙන් දුම්රිය තුනක් පීලි පැනීම් සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු වෙන් වාර්තා වේ. 01 May 2025
භූතයෙක් විකුණා ලක්ෂ 38 ක් වංචා කරලා අස්වනු නෙළන යන්ත්‍රයක් විකුණා රුපියල් තිස් හත් ලක්ෂ අනූපන් දහසක මුදල් ලබා නොදුන් බව කියන පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගනු ලැබීය. 01 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026