
(නිමල් ජයරත්න)
පොලොන්නරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපල තුළ විදුලිසර වැදී වන අලියෙකු අද (4) මියගොස් ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.
පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් අනුව ඒ පිළිබඳ පොළොන්නරුව වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂක පී.පී.කේ පතිරන මහතා අප කළ විමසීමේදී පැවසීය.
පොළොන්නරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව නගරය මාර්ගයේ බීජ ගොවිපලට අයත් නිල නිවස වටා භූමියට යොදා ඇති අනාරක්ෂිත විදුලි වැටකින් විදුලිය වැදීම හේතුවෙන් මෙම වන අලියා මිය යන්නට ඇති බවට වනජීවිය සැක පළ කරයි.
මෙලෙස විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති වන අලියා අවුරුදු තිස්පහක් පමණ වයසති අලියකු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන පොළොන්නරුව වනජීවී කාර්‍යාලයේ නිලධාරීන් සඳහන් කරයි.
පොළොන්නරුව වනජීවී නිලධාරීන් සහ පොලිසිය එක්ව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
510
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොළොන්නරු බීජ ගොවිපලේ දී විදුලි සැර වැදී අලියකු මියයයි
pj Sunday, 05 October 2025 10:13 AM
කෘෂිකර්ම ඇමැතිත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්නේ නැතිද?
සමන් - ඕමානය Sunday, 05 October 2025 07:19 PM
නිල නිවාස වටා? අනාරක්ෂිත විදුලි වැටක්? ගමේ ගොඩේ ඉන්න ගොවි මහත්තුරු කරන වැඩ මේ "උගත්" හා "උසස්" නිලධාරීනුත් දැන් කරනවාද? මෙය නම් ලේසියෙන් ලිස්සා යන්න දෙන හෝ යට ගහන්න ඉඩ දෙන සිද්ධියක් නොවිය යුතුයි. අනෙකුත් යටත් පාඩමක් ලෙස නීතිය උපරිමයෙන් යෙදිය යුතුයි. උපරිම දඬුවම් ලබාදිය යුතුයි. වන ජීවී පිලිබඳ ඇමති තුමා මීට පුගලිකවම අවධානය යොමු කල යුතුයි.
ලුම්බිණි Monday, 06 October 2025 07:02 AM
මේක කල උන්ට දැඩි දඬුවම් දෙන්න. රජයේ තැනක මෙහෙම වෙනවා නම් වෙන තැන් ගැන මොන කතාද?