(කේ. බුද්ධික කුමාරසිරි)
රාත්‍රී කාළයේදී පා ගමනින් යමින් සිටි සිව් හැවිරිදි පෙර පාසල් දරුවෙකු විෂ සහිත සත්වයෙකු හෝ කෘමියෙකුගේ සපා කෑමට ලක්ව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි
මිය ගිය දරුවා හෝමගම ලෙනගල ප්‍රදේශයේ තිබූ සැණකෙළියක් නැරඹීම සදහා තම සීයා සහ ආච්චි සමගින් පා ගමනින් යන අතරතුර කඩියෙකු තම කකුල සපා කෑ බවට පවසමින් හඩා ඇති බවත් පසුව සැණකෙළිය නරඹන අතරතුර උදරාබාධයක් ඇති වීමෙන් පසු දරුවා නිවසට රැගෙන ගොස් ඇත.
අනතුරුට නිවසේ දී දරුවාට වමනය ගොස් දැඩි ලෙස රෝගාතුර වීම නිසාවෙන් හෝමගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ දැඩිගමුව ලෙනගල සුහද මාවත පදිංචිව සිටි හපුතන්ත්‍රීගේ උවිදු නිම්සර නමැති සිව් හැවිරිදි පෙර පාසල් සිසුවෙකි.
එම මරණය පිලිබදව හදිසි මරණ පරීක්ෂණය හෝමගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදු කිරීමෙන් පසු ශරීර කොටස් රස පරීක්ෂක වෙත යැවීමට නියෝග කර විවෘත තීන්දුවක් ලබා දීමට කටයුතු කර ඇත.
මීගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල් රන්දික ලක්මාල් මහතා පරීක්ෂණ කටයුතු මොහයවීය.
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
510
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විෂ සතෙකු සපා කෑමෙන් සිව් හැවිරිදි දරුවා මරුට
tissa Saturday, 04 October 2025 11:21 PM
මෙය බොහෝවිට පොලගෙක් සපා කෑම නිසා විය යුතුයි.
Udhulli Sunday, 05 October 2025 06:52 AM
කඩියෙක් නෙමෙයි පොළඟෙක් කන්න ඇති .නැත්නම් නයෙක්. රෝහලට අරගෙන ගියාට පස්සේත් මියගියාද...? නිවන්සුව පතමු...
Kamal Sunday, 05 October 2025 03:10 PM
අනේ දරුවෝ ඔයාට කලා තියෙන්නේ කරවලෙක් වෙන්න ඕනෑ