වැඩක් නොගන්නා රජයේ ඉඩම් ආයෝජකයන්ට රාජ්‍ය ආයතන භාරයේ පවතින ඌන උපයෝජිත ඉඩම් - දේපොළ ප්රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 August 2025
වරාය නගර ආර්ථික කොමිසමේ නියෝග පාර්ලිමේන්තුවට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නිකුත් කළ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 August 2025
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය කතානායකට බාරදෙයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයාට මීට ස්වල්ප මොහොතකට පෙර බාර දෙනු ලැබීය. 12 August 2025
ලංකාව - බෙලීස් රාජ්‍ය සමග සබඳතා අරඹයි බෙලීස් රාජ්‍යය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 August 2025
රබර් ඉඩම් ලියාපදිංචි කරයි රබර් ඉඩම් සිතියම් ගත කිරීම- ලියාපදිංචි කිරීම ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 August 2025
ඇල්ලේ සිරි නරඹන්න සතිඅග තවත් දුම්රියක් දේශීය සහ විදේශීය සංචාරකයන්ට සති අන්තයේ නුවරඑළිය සහ ඇල්ල ප්‍රදේශවල සංචාරය කිරීම පහසුකිරීම සඳහා ‘ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස්’ ලෙස මේ මස 16 වැනිදා සිට සෑම සති අන්තයකදීම ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 12 August 2025
අලුත් බෞද්ධ කටයුතු කොමසාරිස් පත් කරයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 August 2025
සිලෝන් ටී අපනයන කරුවන්ට වෙළඳ ප්‍රදර්ශන සහනාධාරය දිගටම ’සිලෝන් ටී’ අපනයන කරුවන් සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ 50%ක වෙළෙඳ ප්‍රදර්ශන සහනාධාර යෝජනා ක්‍රමය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 August 2025
තරුණයකු මැරුවැයි අයෙක් සැකපිට මුදල් ලබාගෙන මත්කුඩු නොදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත අවුරුදු 20 ක තරුණයකුට මන්නයකින් කොටා ඝාතනය කළ සැකකරුවකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි. 12 August 2025
හරිනි වෙනස් වෙන්නේ නෑ අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු තීරණයක් නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. 12 August 2025
දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් කරන්න කැබිනට් අනුමැතිය දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 August 2025
අගමැතිනිය- ඉන්දීය මහ කොමසාරිස් හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය. 12 August 2025
රේණුකා පොලිස් කොමිසමෙන් අස්වෙයි රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත 12 August 2025
තල් ලොක්කා ගෙදර යයි තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වී. සගාදේවන් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. 12 August 2025
කෝටිය මත්ද්‍රව්‍ය සමඟ අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනකු අල්ලයි පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පද්මෙ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනෙක් රුපියල් කෝටියකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. 12 August 2025
කෝටි දෙකක මත්ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් මාට්ටු රුපියල් කෝටි දෙකහමාරකට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමගින් සැකකරුවන් දෙදෙනෙකු අද (12) දින අලුයම මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි 12 August 2025
උසස්පෙළ සිසුවියගේ සිරුර ළිඳකින් හමුවෙයි වවුනියාව, වෙෙරවපුලියංකුලම් හි පෞද්ගලික උපකාරක පංති පැවැත්වෙන ස්ථානයක ළිඳක්තුල තිබි මියගිය උසස්පෙළ සිසුවියකගෙ සිරුරක් ඊයේ (11)සවස සොයාගත් බව වවුනියාව පොලිසිය කියයි 12 August 2025
පොලිස්පති තෝරන ව්‍යවස්ථා සභා රැස්වීම අද මීළඟ පොලිස්පති තනතුරට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නාම යෝජනාව සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද පස්වරු 1.30ට පැවැත්වේ. 12 August 2025
බස්-ටිපර් අනතුරින් 28 ක් රෝහලට: ටිපරය බටුඔය පාලමෙන් පහළට කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය පාලම අසලදී පෞද්ගලික බස්රථයක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී අද(12) අලුයම 3.30 ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා පොළොන්නරුව, මින්නේරිය සහ හිගුරක්ගොඩ යන රෝහල්වලට ඇතුළත් කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි. 12 August 2025
තැනින් තැනට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තනේතුව කියයි. 12 August 2025
මොරටුවට ලාදුරු බියක් මොරටුව එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් ලාදුරු බවට සැක කෙරෙන රෝගීන් 23 පසුගිය මාස හයක කාලයේදී වාර්තා වී ඇති අතර එයින් හය දෙනකුම දරුවන් බව එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 12 August 2025
වැඩබලන පොලිස්පතිගේ පැටිකිරිය සොයයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් විස්තර වාර්තා එවන්නැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අධිකරණය, ජාතික පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයකට දැනුම්දි ඇත. 12 August 2025
දුම්රිය අබලි යකඩ හොර පාරෙන් යෑමේ සූදානමක්? දුම්රිය දෙපාර්තුමේන්තුව භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙටි්රක්ටොන් 6,000 ක පමණ විශාල ප්‍රමාණයක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන පෙළේ යකඩ සමාගම් දෙකකට විකිණීමට සූදානම් වන බවට මෙරට ප්‍රධාන ආයතනයක නිලධාරියෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි කර තිබේ. 11 August 2025
පරාක්‍රම සමුද්‍රයේ ඔරුපදින්න ගිය පිය පුතු ගිලී මරුට පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ අද සවස 5.30ට ඔරු පැදීමට ගිය පිය පුතු දෙපළකට ඔරුව පෙරළී පරාක්‍රම සමුද්‍රයේ ගිලි මිය ගොස් ඇතැයි බව පොළොන්නරුව පොලිසිය කියයි. 11 August 2025
තොරතුරු පද්ධතිය හාන්සි: සමාගම් ලියාපදිංචිය කොටඋඩ තොරතුරු පද්ධතිය බිඳවැටීම හේතුවෙන් සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ සමාගම් ලියාපදිංචි කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 11 August 2025
රැකියා විරහිත උපාධිධාරීහු පැලවත්ත වටලති වර්තමාන ආණ්ඩුව පොරොන්දු වූ පරිදි රැකියා දෙන ලෙස බලකරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පැලවත්තේදී අද (11) පැවැත්වූ විරෝධතාව අතරතුරදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර නොසන්සුන්කාරී තත්වයක් ඇති විය. 11 August 2025
කෝටි 11ක රන් කටුනායකින් අල්ලයි රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා පවුම් 408 ක් බරැති රන් බිස්කට් 28 ක් , මෝටර් රථ අමතර කොටස් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද (11) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ . 11 August 2025
තරුණ එක්දරු මවට හදි කළ වෛද්‍යවරයා වසර 15ක් සිරගෙට 25 හැවිරිද එක්දරු මවක සිය ශරීරය තුළ තැන්පත් කළ උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට වෛද්‍ය මධ්‍යස්ථානයට ගිය තරුණ මවගේ ලූපය ඉවත් කරන මුවාවෙන් ඇය දූෂණය කිරීමේ චෝදනාවට වරද කරුවූ වෛද්‍යවරයකුට වසර 15ක සිරදඬුවමක් නියම කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා පැමිණිළිකාරියට මුදලින් රුපියල් ලක්ෂ පහළොවක වන්දියක් ගෙවන ලෙස ද අද නියෝග කළේය. 11 August 2025
ඊශ්‍රායලය - පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතුයි ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 11 August 2025
මැතිසබේ වින්දිත නිලධාරිනියගෙන් පැය 5ක ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදුවී ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතුකමිටුව වින්දිත නිලධාරිනියගෙන් අද (11) පැය පහකට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. 11 August 2025
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026