(සුජිත් හේවාජුලිගේ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මේ දිනවල නීතිපති දෙපාර්තමේන්තුවේ අවසාන පරීක්ෂාවේ පවතින බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමට කටයුතු කරගෙන යන බවයි.
හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන මාසයේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීම ජාතික ජන බලවේගය දුන් එක් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවකි.
මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් පන්සියයකට ආසන්න පිරිසකගේ විශ්‍රාම වැටුප අහිමි වී යන්නේය.
මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉවත් කිරීමේ විශේෂ පනත් කෙටුම්පත පිළිබඳව අප අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගෙන් කළ විමසුම්කදී ඔහු පැවසූවේ එම පනත් කෙටුම්පතද ඒ පිළිබඳව කරුණු විමර්ශනය කරන කමිටුව විසින් තමාට බාරදෙනු ලැබීමට නියමිත බවයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මන්ත්‍රී “පැන්ෂන්” කපන පනත අවසන් සෝදිසියේ