IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සෝමාවතියට පුරාවිද්‍යා පර්යේෂණායතනයක්

(අංජුල මහික වීරරත්න)

පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සහිත දෙමහල් මන්දිරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ විවෘත කෙරිණි.

පොළොන්නරුව ඓතිහාසික සෝමවතී චෛත්‍ය වන්දනා කිරීමට සහ  අධ්‍යාපනික පර්යේෂණ කටයුතු වල යෙදෙන සියලුදෙනාගේ පහසුව පිණිස මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඉදිකර තිබේ.

ඓතිහාසික සෝමවතී රජමහා විහාරාධිපති  මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය  පහමුණේ ශ්‍රී සුමංගල නා හිමිගේ අනුශාසනා පරිදි රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේෂ්වර මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම දෙමහල් මන්දිරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් සහ අධික්ෂණය යටතේ ඉදිකර ඇත.

ඓතිහාසික සෝමවතී පුදබිම වෙත අද (06)  ගිය ජනාධිපතිවරයා චෛත්‍ය අභියස ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සමන්විත නව දෙමහල් මන්දිරය විවෘත කළ ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව වෙත ප්‍රථම පුෂ්පෝපහාරයද සිදු කළේය.

රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේෂ්වර මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්වීය.



අදහස් (2)

සෝමාවතියට පුරාවිද්‍යා පර්යේෂණායතනයක්

සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 06 October 2025 07:28 PM

පුරාවස්තු වැඩිපුරම විනාශයට සහ අවධානමට ලක්වෙලා තියෙන්නේ... නැගෙනහිර හා උතුරු පළාත් වල ඒ නිසා ඒවා සංරක්ෂණය කරන පර්යේෂණ ආයතනයක් පිහිටුවීම වඩා කාලෝචිතයි.

:       0       0

සමන් - ඕමානය Monday, 06 October 2025 09:32 PM

සමරු ඵලකයක් විවෘත කළා... මං හිතාගෙන හිටියේ පුනරුද ආණ්ඩුවේ අය මේ සමරු ඵලක වගේ සුකුරුත්තන් දේවල් වලට කැමති නෑ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site