IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇගිල්ල නැතිව රේගුවට කෝටි 339 ක පඩි ගෙවලා

 ( සුජිත් හේවාජුලිගේෙ සහ යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)

ඇගිලි සලකුණු යන්ත්‍ර (FINGER PRINT)  භාවිතා කිරිමෙන් තොරව  ශ්‍රිලංකා රේගුවේ නිලධාරින් 2335 දෙනෙකුට ඉකුත් වර්ෂයේදි (2024)   වැටුප් ,අතිකාල, නිවාඩු දින වැටුප් සහ  දිරි  දිමනා වශයෙන් රැපියල්  කෝටි 339 කට වැඩි  (3,395,867,121)  මුදලක් ගෙවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය  නිකුත් කර   ඇති  අලුත්ම විගණන වාර්තාවක   දැක්වේ

පරිපාලන  නීතිය සහ චක්‍රලේඛවලට අනුව   සියලු රජයේ සේවකයින්  සිය පැමිණිම සහ පිටවිම සටහන් කිරිම සදහා  ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා  කිරීම අනිවාර්්‍ය  වේ.

ශ්‍රිලංකා රේගුවේ නිලධාරින්ට ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරිමකින් තොරව වැටුප්,අතිකාල, නිවාඩු දින වැටුප් සහ  දිරිදිමනා වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලින්  ගෙවා ඇතැයි පැවැසෙන සමස්ත  මුදල රුපියල්  දෙසිය තිස්කෝටි අසුහය ලක්ෂ අනුහතර දහස් හත්සිය හෑත්තෑ හතකි. (2,308,694,777)

එසේම රේගු අතිකාල නැව්බඩු පිරික්ෂා කිරිමේ  ගාස්තු හා තොරතුරු තාක්ෂණ සන්නිවේදන අරමුදල විසින්  රුපියල්  එකසිය අටකෝටි ,හැත්තැ එක්ලක්ෂ, හැත්තැ දෙදහස් තුන්සිය හතළිස් හතරක මුදලක්ද  (1,087,172,344) ගෙවනු  ලැබ  තිබුණි.

මෙම සේවකයන් දිනකට පැය 24ක් දක්වා  අතිකාල දිමනා   ගන්නා  බවත් ගෙවිම්  සියල්ල    පැමිණිම හා පිටවිම පිළිබදව   නිසි සනාථ කිරිමකින් තොරව  කර   ඇති බවත්   විගණන අංශ පවසයි.

සියලුම නිලධාරින්  ඇගිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යෙන්ම භාවිතා කළයුතු බවත්  යම් වැටලිම් අවස්ථාවක් හෝ  එවැනි යම් රාජකාරි කටයුත්තක්  සදහා සහභාගිවිමට අවශ්‍ය  විටෙක ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරිම අපහසුවන්නේ නම්  ඒ පිළිබද අදාළ බලධාරින් විධිමත් පරිදි දැනුවත් කර  සුදුසු පරිදි කටයුතු කළයුතු  බවත්  රාජ්‍ය ගිණුම් කාරක සභා ( කෝපා) රැස්විමේදිද   රේගුවට  නිර්දේශ ලබාදී තිබීණ

මේ තොරතුරැ සදහන්  වන්නේ රේගුව පිළිබද  2024   කාර්යසාධන වාර්තාවට  ඇතුළත්කර  ඇති විගණන ලේඛනයේ දැක්වේ.

 

 

 

 



අදහස් (2)

ඇගිල්ල නැතිව රේගුවට කෝටි 339 ක පඩි ගෙවලා

ලුම්බිණි Monday, 06 October 2025 01:56 PM

ඔන්න ආණ්ඩුවට හදනවා නම් හැදිය යුතු නැත...

:       4       18

අරවින්ද මොණරවිල Monday, 06 October 2025 08:13 PM

මේක සමස්ත රාජ්‍ය සේවයේම උඩු දුවන ප්‍රශ්ණයක් බව පෙනෙනවා, පැමිණීම සහ පිටවීම සටහන් නොකර වැටුප්, අතිකාල, දිරි දීමනා හා නිවාඩු පඩි වැනි දැ ලබා ගැනීම. ඒ නිසා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයට සුදුසු වැඩපිළිවෙළක් ආදේශ කළ යුතුයි.

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site