IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


හිටපු මැති ඇමැති 40ගේ බැංකු ගිණුම් අවුස්සයි

(සුජිත් හේවාජුලිගේ)

හිටපු මැති ඇමතිවරුන් මෙන්ම වර්තමාන මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් හතළිහකට ආසන්න  පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්කම් විමර්ශන කොට්ඨාසය  එම දේශපාලනඥයන්ගේ බැංකු වාර්තා සහ  වත්කම් බැරකම්  ප්‍රකාශ ඇතුළු  විවිධ වාර්තා  පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන්    මහජන ආරක්ෂක සහ  පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල  මහතාගෙන්   අප ඊයේ  කළ විමසුමකදී   ඔහු පැවසුවේ  බොහෝ    ලියැකියවිලි පරීක්ෂා කිරීමට ඇති හෙයින්  මෙම   විමර්ශන   ඉතා සංකීර්ණවී අැති  බවයි.

බැංකු ඇතුළු විවිධ අායතනවලින් වාර්තා රැසක් ලබාගෙන  ඒවා පරීක්ෂා කිරීමට සහ  තහවුරු කර ගැනීමට  යම් කාලයක් ගතවන බවද  හෙතෙම ප්‍රකාශ කළේය.

අයථා  ලෙස වත්කම් ඉපයූ  බව පැවසෙන දේශපාලනඥයන් සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි ගලා  එමින් තිබෙන බවත්   ලැබෙන සියලුම  පැමිණිලි  සම්බන්ධයෙන් විමර්ශන පවත්වන   බවත් අමාත්‍යවරයා කීවේය.

මේ අතර විවිධ  පාතාල කල්ලි  සමඟ සබඳතා පැවැත්වූ බව පැවසෙන හිටපු මැති ඇමති පිරිසක් සම්බන්ධයෙන්ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ප්‍රසිද්ධ පාතාලකරුවන්ගෙන් ප්‍රශ්න  කිරීමේදී මෙම සබඳතා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.



අදහස් (0)

හිටපු මැති ඇමැති 40ගේ බැංකු ගිණුම් අවුස්සයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6133 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 316 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 346 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site