IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


’’හොර මගඩි’’ ලංගමයේ කෝටි 500ක් වනසලා

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය සඳහා   පිරවූ  ටයර් සහ ටයර් පෙර සවිකිරීම  ටෙන්ඩරය  පිරිනැමීමෙන් තොරව අමාත්‍ය මණ්ඩලයේ තීරණයට ඒවා මිලදී ගැනීම හේතුවෙන් එම  මණ්ඩලයට රුපියල් තිස් පන්කෝටි හැට ලක්ෂයකට  වැඩි මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම  වාර්තාවක සඳහන් වේ.

අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි මෙම භාණ්ඩ මිලදී ගැනීම හේතුවෙන් මණ්ඩලයට රුපියල් කෝටි284ක මුදලක් ගෙවීමට සිදුවූ  බවද එම වාර්තාවේ දැක්වේ.

පසුගිය 2023 වර්ෂය සඳහා අවශ්‍ය මුළු ටයර් ප්‍රමාණය මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සලසා තිබියදී එම වර්ෂය සඳහා මාස හතරකට ටයර් අවශ්‍යතාව පෙන්වා නැවත පිරවූ ටයර් 8849ක් සහ පෙරසවි ටයර් 34859ක් මිලදී ගැනීම සඳහා ලංසු  කැඳවා තිබූ අතර ඉදිරිපත් වූ ලංසුකරුවන් 17 දෙනකුගෙන් 14 දෙනකු සාරානුකූල ලංසුකරුවන් ලෙස තෝරාගෙන තිබූ බවත්  අමාත්‍ය මණ්ඩලය විසින් පත් කෙරුණු ප්‍රසම්පාදන කමිටුව  ලංසු  කැඳවීමට පෙර සලකා බැලිය යුතු කරුණු සහ සාධක සලකා බැලීමට යටත්ව අනුමැතිය ලබාදීම කල් දමා තිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර ශ්‍රී ලංකා ගමනා ගමන  මණ්ඩලයට  සපයන ලද සිලින්ඩර පෙට්ටි එකසිය 176න්  සිලින්ඩර් පෙට්ටි 22ක් ප්‍රතික්ෂේප වීම තුළ එම ප්‍රසම්පාදනයෙන් මණ්ඩලයට එක් කෝටි පනස් ලක්ෂයකට ආසන්න මූල්‍ය පාඩුවක්
සිදුව තිබුණු බව විගණන වාර්තාවේ දැක්වේ.

මේ අතර රුහුණ ප්‍රාදේශීය කාර්යාලයෙන් පාලනය වන බස්  ඩිපෝ ධාවනය කළ යුතු දුර ගමන් සේවා හතළිස් එකක් හා කෙටි ගමන් සේවා එකසිය විසි හතරක් දීර්ඝව කාලීනව නැවතී තිබූ බව පවසන විගණන වාර්තාව  සේවා වාර 165ක් ධාවනයට එක් නොකිරීම හේතුවෙන් 2023 වර්ෂයේදී මණ්ඩලයට රුපියල් කෝටි243කට වැඩි ආදායමක් අහිමිව තිබූ බවද   සඳහන් කරයි.

මණ්ඩලයට ග්‍රීස් හා ලිහිසි තෙල් මිලදී ගැනීමට 2023 වර්ෂයේදී රුපියල් කෝටි 104 කට වැඩි මුදලක්  වැය කර තිබූ බවත්  එහිදීද  ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කර තිබූ බවත්  විගණන වාර්තාව පෙන්වා දෙයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.

මෙම දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ බොහෝ නිලධාරීන්ට තවමත් නීතිය ක්‍රියාත්මක වී නැතැයි එම මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (0)

’’හොර මගඩි’’ ලංගමයේ කෝටි 500ක් වනසලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site