IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පළාත් ඡන්දය අප්‍රේල් මැද: පක්ෂ රැසක් බරටම වැඩ

(සුජිත් හේවාජුලිගේ)

පළාත් සභා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට  ප්‍රථම පැවැත්වීමට රජය අපේක්ෂා කරයි.

මෙම මැතිවරණය සඳහා සමගි  ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ  රැසක් දැනටමත් අපේක්ෂකයන් තේරීම ඇතුළු  වැඩකටයුතු  ආරම්භ කර ඇත.

සමගි ජන බලවේගය පළාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා දැන්වීම් ප්‍රචාරය කිරීමට පසුගිය සතියේ පැවති   එහි නායක  රැස්වීමකදී තීරණය  කෙරිණ

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි.

එම මතිවරණය පැවැත්වීමට නීතිමය බාධාවන් කිහිපයක් පැන නැගී ඇති බවත් එම බාධාවන් නිරවුල් කිරීමට මේ දිනවල සාකච්ඡා ආරම්භ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

පළාත් සභා නවයේම නිල කාලය අවසන් වීම හේතුවෙන් වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ ඒවා  පවතින්නේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේය.

මේ අතර පළාත් සභා මැතිවරණය ඉක්මනින්ම පවත්වන්නැයි  දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ නීති ගැටලු නිරවුල් කර දුන් වහා මැතිවරණය පැවැත්වීමට සූදානම් බවයි.

එම මැතිවරණය පැවැත්වීමට මුදල් දැනටමත් වෙන් කර ඇතැයිද  ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (4)

පළාත් ඡන්දය අප්‍රේල් මැද: පක්ෂ රැසක් බරටම වැඩ

පප්ප Saturday, 04 October 2025 10:26 AM

අනේ, ඡන්ද නම් එපා දැන් ඡන්ද 3ක් තිබ්බ නේ දිගටම, දේශපාලුවන්ට ඡන්දෙ ඕන වුණාට වැඩි ජනතාවකට නම් ඡන්ද රුදාව නැ.

:       0       0

රනේ Saturday, 04 October 2025 10:57 AM

හිරේ යන්න ඉන්න අය අයින් කරලා සලකා බැලුවොත් නම් විපක්ෂෙන් ඉදිරිපත් කරන්න කවුරුත් නැති වෙයි..

:       0       0

de silva Saturday, 04 October 2025 11:58 AM

ඔය පළාත් සභා මැතිවරණෙ මහා මැතිවරණෙ සමඟ තිබ්බ නම් ආණ්ඩුවට උඩින්ම දිනන්න තිබුණා , දැන් ආණ්ඩුවට කරන්න පුළුවන් නුවනාක්කරම වැඩේ වහාම පළාත් සභා ඡන්දෙ තියන එක. එහෙම කළොත් ආණ්ඩුවට පළාත්සභාවල යම්කිසි බලයක් තබාගන්න පුළුවන්. ඕක තව මාස 6 ක් කල් දමනවා කියන්නේ , ආණ්ඩුවට 25% වැඩි චන්ද ප්‍රතිශතයක් ගන්න බැරිවෙලා පළාත් සභා පරදිනවා , JVP එකට තිබුනේ 3% ඡන්ද ප්‍රතිශතයක් , ඔවුන්ට සම්ප්‍රධෛක පක්ෂවල මෙන් විශාල මුල් බැසගත් ඡන්ද ප්‍රතිශතයක් නැහැ , මාලිමාවට ලැබුනේ අර සම්ප්‍රදායික පක්ෂවල ක්‍රියාකලාපය නිසා කලකිරුණ ඡන්ද දායකයන්ගේ ඡන්ද , පසුගිය කාලයේ ආණ්ඩුවේ නොහැකියාව සහ මැති ඇමතිවරුන්ගේ ප්‍රකශ , ක්‍රියාකලාප නිසා ඔවුන්ගෙන් කොටසක් කලකිරී තම පරණ කඳවුරුවලට ගොස් අතැති බව පළාත් පාලන ඡන්ද ප්‍රතිපලවලින් පැහැදිලි වේ , ඡන්දෙ කල් දමන්න , දමන්න තව තවත් ඡන්ද දායකයෝ පරණ කදවුරු වෙත යනු ඇත ,

:       0       0

sanath Saturday, 04 October 2025 12:21 PM

මුදල් වෙන් කරලා තිබෙනවා නම් වහාම පරණ ක්‍රමයට පළාත් සභා ඡන්දෙ තිබුනොත් ආණ්ඩුවට ස්වාධින කණ්ඩායමක් සමඟ එකතු වී හෝ යම්කිසි බලයක් පළාත් සභාවල හදාගන්න පුළුවන්. මාලිමාවේ ඡන්ද දායකයන්ගෙන් විශාල ප්‍රමාණයක් නැවත තමන්ගේ සුපුරුදු කදවුරු වෙත ගොස් ඇති බව පළාත් පාලන ඡන්දෙන් පෙනී ගිය , පසුගිය කලේ "ඉස්සා බිග් කුච්චන් ඇමතිගේ පාන් කතාව සහ වසන්ත සමරසිංහ ඇමති ඇතුළු මාලිමාවේ තවත් ප්‍රබල චරිතවල වත්කම පිළිබඳ ඇත්ත තත්වය ජනතාවට නිරාවරණය වීම නිසා , මේ තත්වය ඉදිරියට වර්ධනය වෙන්න පුළුවන්, එහෙම වුනොත් තව මාස 6 යන කොට චන්ද ප්‍රතිශතය 20% පහල වටෙන්න් පුළුවන් , විපක්ෂේ මේක දන්නා නිසා ඒගොල්ලත් ඡන්දයක් ඉල්ලා මේ අවස්ථාවේ දගලන්නේ නැත , එකට හේතුව ඡන්දෙ පහුවෙන්න. වෙන්න එගොල්ලට ඡන්දෙ දිනන්න පහසුවෙන නිසා ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site