IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වාස්ගේ අභියාචන පෙත්සම් තීන්දුව කල්යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනා විසින් ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම්  විභාගය අවසන් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල  එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබන ලදී.

බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සම්බන්ධයෙන් පැවති අධිචෝදනා නඩු විභාගයෙන් මෙම සැකකරුවන් මරණ දඬුවම නියමව සිටී.

එම විශේෂ අභියාචන පෙත්සම්  ලබන සැප්තැම්බර් 18 වැනිදා සිට දින කිහිපයක් තිස්සේ එක දිගට විභාගයට ගැණුන අතර එම නඩුවේ විභාගය ඊයේ අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග කළේය.

මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය ලබා දුන් තීන්දුව ඉවත් කර ,තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් සිසිර ද ආබෲ , ප‍්‍රියන්ත ජයවර්ධන , ප‍්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිණි.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් වන බවත්, එබැවින් අදාළ දඬුවමින් තමන් මුදා හරින්නැයි ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, උප පොලිස් පරීක්ෂක ලක්මිණි ඉන්දික බමුණුසිංහ, පොලිස් සැරයන් ගාමිණී අතපත්තු සරත්චන්ද්‍ර ,පොලිස් කොස්තාපල්වරුන් වන ආනන්ද ප‍්‍රියන්ත සංජීව ,කැලූම් රංග දිසානායක යන පෙත්සම්කාර චූදිතයින් සිය අභියාචන පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතීපතිවරයා නම් කරනු ලැබ තිබිණි.

2013 අපේ‍්‍රල් මස 4 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේදී කොළමදී මොහොමඞ් ෆවුස්ඞීන් සහ ක‍්‍රිෂාන්ත කොරළගේ නැමැත්තන් සමඟ එක්ව මොහොමඞ් අහමදීන් මොහොමඞ් සියාම් නැමැත්තා මරා දැමීමට කුමන්ත‍්‍රණය කරන ලදැයි මෙම සියලූම විත්තිකරුවන්ට එරෙහිව නීතිපති අධි චෝදනා නඟා තිබිණි.

තවද මොහොමඩ් සියාම් නැමැත්තා පැහැරගෙන ලොස් දොම්පේ ප‍්‍රදේශයේදී ඝාතනය කරන ලදැයි 2 සිට 6 දක්වා විත්තිකරුවන්ට එරෙහිවද , ඒ සඳහා ඔවුන් ආධාර අනුබල ලබා දෙන ලදැයි වාස් ගුණවර්ධන මහතාට එරෙහිව 2014.04.17 වැනිදා නීතිපති අධිචෝදනා ගොනු කර තිබිණි.



අදහස් (3)

වාස්ගේ අභියාචන පෙත්සම් තීන්දුව කල්යයි

sharm warn Wednesday, 27 November 2019 07:53 AM

මමත් හිතුවා ශානි අබේසේකරට බෙදනකොට මේ මහත්තුරු අහිංසකයින් බවට පත් වෙයි කියලා.. වියත්මගේ තව වියතක්ද මේ?

:       0       82

eresh S kumara Wednesday, 27 November 2019 09:11 AM

අති දක්ෂ නිලධාරියෙක්. පුළුවන් නම් නිදහස් කරන්න. රංගජීව මහත්තය වගේ තමයි.

:       12       1

athula Wednesday, 27 November 2019 09:17 AM

ආ... දැන්... දැන් ආයෙත් අතපය හිරි අරින්න පටන් ගෙන වගේ.. දෙයියන්ගේම පිහිටයි...!!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 67 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site