
(අජිත්ලාල් ශාන්තඋදය)
ඇහැලියගොඩ ප්රදේශයට ඇදහැලුණ තද වර්ෂාවෙන් පසු ඇහැලියගොඩ පොලිස්ථානය හා නිලධාරීන්ගේ නේවාසිකාගාරයඅද(22) ජලයෙන් යට වී ගියේය.
ඇහැලියගොඩ පොලිසිය පිහිටා ඇත්තේ රත්නපුර කොළඹ ප්රධාන මාර්ගය ආසන්නයේ පැරණි ගොඩනැගිල්ලකය.
පොලිස්ථානය මිදුලේ ජලමට්ටම අඩි දෙකක් පමණ වු බව පොලිස් නිලධාරින් කීය.
පොලිස්ථානය ඇතුළත අඩියකට ආසන්න ප්රමාණයකින් ජලයෙන් යටවිය. ඒ වනවිටත් පොලිස්ථාන මිදුලේ නවතා තිබු පොලීසිය භාරයට ගෙන තිබු ත්රීවිල් යතුරුපැදි ආදිය ද ජලයෙන් යටවී පොලිස්ථානයේ යතුරුපැදි අංගනයද ජලයෙන් යටවී තිබුණි.
මේ සම්බන්ධයෙන් ඇහැලියගොඩ පොලිස්ථානය භාර සහකාර පොලිස් අධිකාරි බණ්ඩාර දෙකදවල මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ ඇහැලියගොඩ පොලිස්ථානය තද වැසි දිනවලදී ජලයෙන් යටවන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd