(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර දිස්ත්‍රික්කයේ ඉහළ කදුකර ප්‍රදේශවලට ඇදහැලුණු ධාරණිපාත වැසි නිසා, ප්‍රධාන ගංගා සහ ඇලදොළවල ජලමට්ටම් ඉහළ ගොස් ප්‍රදේශ රැසක් 22දා උදෑසන වන විට ජලයෙන් යටවිය.

රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදෙශයේදි ජලයනේ යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ලවිය.

කලු, කුරු, දෙනවක්, හංගමු, වේ, යන ගංගාවල ජල මට්ටම් පැය හයක් වැනි කාලයක් තුල සුලු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගියේය. ගලතුර ඔයේ ජලමට්ටමද සිග්‍රයෙන් ඉහළ යමින් පැවතුනි.

ඇහැලියගොඩ පොලිස්ථානය ද ජලයෙන් යටවි ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේය.

පහත්බිම්වල ඇති නිවාස රැසක් ජලයෙන් යටවිය.

රත්නපුර නගරය ආසන්නයේ පිහිටි අංගම්මන, මුවගම, මුද්දූව, බටුගෙදර, ගැටන්ගම, දේවාලෙගාවා, ආදී ප්‍රදේශවල පහත්බිම් සියල්ලම පාහේ ජලයෙන් යටවිය. ඒනිසා පහත්බිම් ආශ්‍රිත මාර්ග ද ජලයෙන් යටවිය.

නගරයේ ප්‍රධාන පාසල්වලට පාසල් දරුවන්ගේ පැමිණිම විශාල ලෙස අඩුවු බව විදුහපතිවරු කීය.

ඇලපාත, හංගමුව,දම්බුලුවන- කහවත්ත, පලාවෙල, දෙල්ලබඩ, ආදි ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවිය, කුරුවිට ගොරක ඇළ මාර්ගය සීතලවල සහ ගෝනපිටිය ප්‍රදේශවලිදී ජලයෙන් යටවී ගියේය. කුරුවිට, ගෝණපිටිය, තැඹිලියන, එරත්නාගොඩ ප්‍රදේශ ප්‍රදේශද ජලයෙන් යටවිය.