(සනත් ගමගේ)

අම්බලන්තොට මාමඩල බොකුට යාය ප්‍රදේශයේදී  පුද්ගලයකුගේ ගෙල කපා එය රැගෙන ගොස් මාමඩල හන්දියේ පිළිරුවක එල්ලා තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකරන කරුණෙ ලොක්කා නමැති සැකකරු මාමඩල ප්‍රදේශයේදී (21) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇති පුද්ගලයා මීට පෙර මාමඩල ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත වී ඇප ලබා සිටි පුද්ගලයෙක් බව පොලිසිය කියයි.

මෙම සිද්ධියට මීට පෙර සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර හඳුනා ගැනීමේ පෙර පෙරටුව තෙක් සැකකරුවන් තිදෙනා ජුනි මස (04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන කරුණෙ ලොක්කා  මාමඩල ප්‍රදේශයේ සිටින බවට පොලිසියට ලද තොරතුරු මත අදාළ සැකකරු අම්බලන්තොට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන ගියහ.

අත්අඩංගුවට පත් වූ කරුනෙ ලොක්කා අපරාධ නඩු කිහිපයක වරෙන්තු කරුවෙකු බවද පොලිසිය කියයි.