විනීතා එම් ගමගේ
 
විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඇති බරපතලම ප්‍රශ්නය රැකියා අවස්ථා සොයා ගැනීම නොව රැකියා සඳහා සුදුසු කම් ඇති ශ්‍රමිකයන් සොයා ගැනීම යැයි විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය. 
 
සුවිශේෂි රැකියා  අවස්ථා ලැබී ඊට සුදුසු කම් ඇති අය සොයා ගැනීමට නොහැකි වූ අවස්ථා පිළිබඳ කාර්යංශයට ඕනෑ තරම් අත්දැකීම් ඇතැයි ද අමාත්‍යවරිය කීවාය. 
 
පසුගිය දිනවල ඇමරිකාවට හෙදියන් 5000 ක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබූ අවස්ථාවේ ඒ සඳහා සම්මුඛ පරික්ෂණ පැවැත්වු බවත් ඉදිරිපත් වු දහස් ගණනක් අය අතරින් සුදුසුකම් ඇති අය ලෙස තේරුණේ තිදෙනෙකු පමණක් බවත් අතුකෝරළ මහත්මිය කීවාය.  එම සම්මුඛ පරික්ෂණයට දහස් ගණනක් මුහුණ දුන් අතර එයින් 80 දෙනෙකු තෝරා පුහුණු කළ බවත් අවසානයේ සුදුසුකම් සපුරා අවසාන පරික්ෂණයෙන් සමත්  වුයේ තිදෙනෙකු බවත් ඇය හෙළි කළාය.