(තරිදු ජයවර්ධන)
ප.ව 6.15
“ආණ්ඩුව එයාලා බය පුද්ගල ලැයිස්තුවට ලහිරු වීරසේකරගේ නමත් එකතු කරලා තියෙනවා.සයිටම් නාටකය ගැන හොයන්නත් බැඳුම්කර කොමිසම වගේ ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි.ඇමති එස්බී සහ රාජිත එම කොමිසමට ගෙන්වා ප්‍රශ්න කළ යුතුයි.“යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
ප.ව 6.10
“ශිෂ්‍ය විරෝධය මර්දනය කරමින් සයිටම් විරෝධය නතර කරන්න ආණ්ඩුව උත්සහ කරනවා.ශිෂ්‍ය නායකයන් කම්කරු නායකයන් මර්දනය කරලා අරගල යටපත් කරන්න උත්සහ කළාට එය කරන්න බෑ.ඉතිහාසෙත් එහෙම කරන්න හැදුවා.අද ගුරු අධ්‍යාපනයත් පෞද්ගලීකරණය කරන්න හදනවා.ගුරු විද්‍යාල 24න් හතක් වහලා.“යැයි ලංකා ගුරු සංගමයේ ජෝෂප් ස්ටාලින් මහතා
ප.ව 5.55
“1935 දී ලංකා සම සමාජ පක්ෂය අරගල කරලා දිනාගත් නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය මේ ආණ්ඩුවෙන් උදුරා ගන්න හදනවා.සුබසාධනය කප්පාදු කරන්න හදනවා.නිදහස් අධ්‍යාපනය සුරකින සටනට ලංකා සම සමාජ පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සහයත් ලබාදෙනවා“යැයි හැටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා කියයි.
ප.ව 5.25
විවිධ පක්ෂ, සංගම් හා සංවිධාන 100 ක් පමණ නියෝජනය කරමින් විශාල පිරිසක් රැළියට සහභාගී වි සිටිති.
ප.ව 5.10
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන ජන රැළිය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
ප.ව 4.36
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන ජන රැළිය පවත්වන වේදිකාව කොටුව දුම්රිය නැවතුම්පළ ඉදිරිපිට මාර්ගයේ එක් තීරුවක ඉදිකරයි.
දේශපාලන පක්ෂ නියෝජිතයෝ, සිවිල් සංවිධාන නියෝජතයෝ සහ විශ්ව විද්‍යාල සිසුන් 3000 ක් පමණ විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටිති.
ප.ව 4.15
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි පාගමන මිට ටික වේලාවකට පෙර කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට ළඟා විය.
කොටුව අධිකරණයෙන් ලබා ගත් නියෝගය කොටුව පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව් ඒ ඩබ්ලිව් ගෆාර් මහතා විසින් අන්තර් විශ්ව විද්‍යාලයේ ක්‍රියාකාරි පිරිසකට කියවා දෙනු ලැබිය.
මහජනතාවට පිඩාවක් වන අයුරින් විරෝධතා පැවැත්විය නොහැකි බව ගෆාර් මහතා කීවේය.
අධිකරණ නියෝගය එම ස්ථානයේ සිටි අන්තරේ ක්‍රියාකාරින්ට බාර දුන්නත් කිසිවෙකු බාර නොගත් අතර පොලිසිය එය පෙළපාළිය සමඟ ආ ලොරි රථයක් ඇතුළතට විසි කළේය.


ප.ව 3.48
පාගමන මීට සුළු මොහාතකට පෙර මරදානට ළඟා විය.


ප.ව 2.48
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බල කරන පාගමන මීට ටික වේලාවකට පෙර ඉඟුරුකඩේ හන්දියෙන් ආමර්වීදිය දෙසට ගමන් ආරම්භ කළේය.
පාගමට 3000 ක් පමණ සිසුන් හා සිවිල් සංවිධාන නියෝජිතයෝ එක්ව සිටිති.



ප.ව 2.00
සයිටම් විරෝධී පාගමන මීට සුළු වේලාවකට පෙර පෑලියගොඩ පට්ටිය හන්දිය පසු කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක්,ගුරු සංගම් හා වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් පට්ටිය හන්දියෙන් පාගමනට එක්වූහ.
ප.ව 12.40
පාගමන මීට සුළු මොහොතකට පෙර කිරිබත්ගොඩ නගරයට ළඟා විය.
ප.ව 12.25
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප ගැනීමට නොහැකි බව කියමින් පෑලියගොඩ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියකුගේ ජාතික හැඳුනුම්පත පොලිස් බාරයට ගත්තේය.
අන්තරේ පෙළපාලිය ඉදිරිපිටට පැමිණි බස් රථයක් නවතා එහි සිටි මගීන් බස් රථයෙන් බැස්වීමට අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළ ආකාරය ඡායාරූප ගනිමින් සිටියදී එම මාධ්‍යවේදියාගේ හැඳුනුම්පත මෙලෙස පොලිස් බාරයට ගැනිණි..


ප.ව 12.12
සයිටම් විරෝධි පෙළපාළිය මිට සුළු වේලාවකට පෙර මහර හන්දිය පසු කළේය.

පෙ.ව 11.43
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹට එන පාගමන මීට ටික වේලාවකට පෙර කඩවත පොලිසිය ඉදිරිපිටින් ආරම්භ විය.
වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා ද පාගමනට පැමිණ සිටියි.


පෙ.ව 11.00
(තරිදු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක)
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (4) පවත්වන පාගමන මහජන පිඩාවක් ඇති නොවන පරිදි හා රජයේ කාර්යාලවලට ඇතුළු නොවන පරිදි සාමකාමිව පවත්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
අධිකරණය එසේ නියෝග කළේ මෙම පෙළපාලිය නිසා මහජන පිඩාවක් ඇති වන බවත් කඩ සාප්පු වලට මගින් යාම අවහිර වන බවට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් සළකා බලමිනි.
වෛද්‍ය පිඨ ශෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරින් වන සනත් බණ්ඩාර, විශ්ව ධනංජය ඇතුළු නවයකට එරෙහි ව පොලිසිය මෙම ඉල්ලීම කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික විශ්වවිද්‍යාල එපා. පුද්ගලික පාසල් එපා. ටියුෂන් එපා. පුද්ගලික රෝහල් එපා, පුද්ගලික ජනමාධ්‍ය එපා. සියල්ල නොමිලේ රජයෙන් පමණයි තියනවා නම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපා කියන්න මමත් පාගමනට එනවා.
පොලිසියත් දැන් කුජීත තත්වයට පත්වෙලානේ..
විරෝධතා පා ගමන් ගියාට අපිට කමක් නැත. මොකටද පාර මැදින් යන්නේ...? පාරේ අයිනෙන් යන්නකෝ... හැමදාම පාරේ ඇවිද්දත් අපිට ප්‍රශ්නයක් නැහැ.
කුරුඳු වත්තට මේ පෙළපාලිය එන්නේ නෑ නේ... මේ මහ දවල් කඩේ යන මිනිස්සු මේ පෙළපාලිය සමගම කඩවල් වලට යාවි..
එහෙම නීතියක් මොන නීති පොතේද තියෙන්නේ?
මේ ඉන්නේ පෑලියගොඩ පොලිසියේ අපේ සෝමසිරි මහත්තයානේ. එතුමා හොඳ පොලිස් නිලධාරියෙක්.
පොලිසියේ මාමා නිකන් හැකිලිලා වගේනේ යන්නේ.
මේ දරුවන්ට කවදා මොලේ පෑදෙයිද?
පිස්සු මඟුල් වලට යොදන උනන්දුව සහ කාලය වැඩ කරන්න යොදනවා නම් ලංකාව දියුණු රටක් වෙලා ගොඩක් කල්...
පෑදෙන්න මොලයක් තියෙන්න එපෑයැ. තියෙන්නේ ඉරිසියාවයි, කුහකකමයි. තවකෙනෙක් හැදෙයි කියලා බයේ දඟලනවා.
මම අහලා තිබෙනවා... දෙවියන් වහන්සේ යම් මනුෂ්‍යයෙක්ව විනාශ කිරීමට ප්‍රථම ඔහුව පිස්සෙක් කරන බව. ඒ කියමන යම්කිසි ජාතියකට වුණත් අදාලයි. විශ්ව විද්‍යාල වෙනුවට, මානසික රෝගීන්ට රෝහල් බිහිකිරීම රජයේ වගකීමක්....
මේවා මෙල්ල කරන්න තරම්වත් කොන්දක් නැති ආණ්ඩුවක්... ඉස්සර එහෙමද මාලිගාවට එන්න කිව්වා හොඳවයින් වචන ටිකකුත් එක්ක කනේ පාරවල් කීපයයි. එතැනින්ම වර්ජන ඉවරයි..
පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියල අපි කියන්නේ නෑ. ඒත් ඒවායේ ප්‍රමිතියක් තියෙන්න ඕනෑ. එහෙම නැතුව ඉස්කෝලේ යන කාලේ නන්නත්තාරේ ගිය ඇමති පුතාලයි, දුවලයි දොස්තරලා කරන්න වෛද්‍ය විද්‍යාල ගේනවට අපි විරුද්ධයි. ඒකයි මේකේ ඇත්ත තත්වය ඒක වටහා ගන්න බැරුව කෑ ගහන්න එපා. අනික මේ රටේ දැන් පෞද්ගලික පාසල් ගොඩක් තියනවා. අඩු තරමේ ඒවායේ වුණත් ප්‍රමිතිය මනින්න අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩපිළිවෙලක් නෑ. හරියට ඒවායේ ඉගෙන ගන්නේ අපේ ළමයි නෙමෙයි වගේ. ඒකයි මේ රට වලපල්ලට යන්නේ. කොච්චර සම්පත් තිබුණත් ඒවායේ පිළිවෙලකට හැසිරවීමක් නෑ. ජපානයේ අපේ රටේ වගේ සම්පත් නෑ. ඒත් තියන සම්පත් උපරිම කාර්යක්ෂමව අරපිරිමැස්මෙන් භාවිතා කරන්න පිළිවෙල කියන දේ එක වසරේ ළමයාට පවා උගන්නනවා. ඒකයි දියුණුව කියන්නේ...
මේ පෙළපාලියේ කහ සිවුරු දාගෙන එන අය හමුදුරුවරුද කියා අපිට ලොකු සැකයක් තියෙනවා. මම පදිංචිව සිටින්නේත් හාමුදුරුවරු ඉගෙනගන්න පිරිවෙනක් අසල. ඒ හාමුදුරුවරු නම් හරිම සංවරව ගමන් කරන්නේ. එ්නිසා පොලිස් නිලධාරී මහත්වරු හා පෙළපාලිය ගැන වාර්තා කරන පත්තරේ මහත්වරු ඔය හාමුදුරුවරුන්ගේ පන්සල් ලිපිනයන් ඉල්ලගෙන ගුරුහාමුදුරුවරුන් සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා නම් ඉතාම කාලෝචිතයි. සෑම හමුදුරු කෙනෙකුටම ගුරුහාමුදුරු කෙනෙක් ඉන්නවා.
මෙයට අන්තරේ කියන්න හොඳ නෑ. සිසු ජන රැලිය කියලා කියන්න.
පූරුවේ කල කුමක් හෝ පවකටයි මේවගේ ගෝත්‍රික, ජාතියකට අයත්ව ඉපදුණේ. මම දුටුවා එක්තරා දෙමළ දේශපාලනඥයෙක් කියලා තිබෙනවා, උතුරේ පෞද්ගලික විශ්ව විද්‍යාල වැඩිපුර බිහිකළ යුතුයි කියලා. ඒ වගේම නැගෙනහිරත් පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිකිරීමට සියල්ල සුදානම්, අන්න එවැනි උතුම් ජාතීන්ගෙන්වත් යමක් ඉගෙනගෙන, තමන්ගේම අයට වල කපන, ඔය ජන්මයෙන් එන මෝඩ ගතිය නැති කර ගන්න. මුදලට බෙහෙත් ටික විකුණන ධනපති දොස්තරලා මහපාරට ගේන විට රැලේ යන සමාජවාදියෝ ඉන්න රටක් මේක... ලැජ්ජයි ඔබලා ගැන !!!
අපේ හාමුදුරුවො පාර මැද්දේ ළමයින්ට බණ කියනවා වගේ.
යකඩ වැටට හේත්තු වෙලා මහජනතාව උපේක්ෂා සහගතව බලා සිටින ආකාරය මොනතරම් සැනසිල්ලක්ද?
ඇටේ හිටවනකම් බලා ඉඳලා පෝරදාලා, වවලා ඉවරවුණාම කපන්න කියනවා. මුලින් කටවත් නැහැ. බඩවඩන දේශපාලනය අයින් කරන කම් ඕවා ඔහොම තමයි.
දොස්තරලා බලනවා අපි ද, ආණ්ඩුව ද බලවත් කියලා පෙන්නන්න... හිටපු ලොක්කා බලනවා ආණ්ඩුවේ ප්‍රතිපත්ති නවත්තලා තමන් ලොක්කා බව පෙන්නන්න. ළමයි බලනවා මෙහෙ ඔබලාට ඉගෙන ගන්න බෑ. ඕන නම් පිටරටට යන්න කියන්න. අනික, අනිත් ඒවා වගේ බෑ. මට තේරුම් ගන්න බැරි මේ ගිරිය කඩාගෙන බෙරිහන් දෙන්නේ ඇයි කියලා? වයසට යනකොට හැදෙන ලෙඩක්වත්ද, මතක නෑ වගේ ..?
ශ්රී ලාංකීය ජාතිය තරම් නරක ජාතියක් තවත් නැතුව ඇති...
මිනිස්සුන්ට හොඳට වදින විදිහට වැඩේ සැලසුම් කරලා තියෙනවා. බස් වල, කෝච්චිවල සිකුරාදා හවස ගමේ යන අයට හොඳ දඬුවම.
ලන්කාව කියන්නෙ කිසිදාක දියුණු කල නොහැකි ගෝත්‍රික රටක්. අනිත් හැම රටක්ම පයුද්ගලික අංශය සමග ඉදිරියට යද්දි අපි පාගමන් යනවා.
ප්‍රමිතියක් ,ප්‍රතිපත්තියක් නැති රාජිතට සහ එස් බී ට ප්‍රමිතියක් නැති හොර උපාදි කඩ හොඳ උනාට රටට වෙන සෙතක් නැහැ.
අනේ සරත් ඔබට ප්‍රතිපත්තියක් තිබේද?
වෛද්‍ය සංගමයේ නරි ටික අහිංසක මිනිස්සුන්න්ට දෙන වැඩ වලට වහාම කොමිසමක් ඉදිරියට ගෙන ආ යුතුයි..
පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියල අපි කියන්නේ නෑ. ඒත් ඒවායේ ප්‍රමිතියක් තියෙන්න ඕනෑ.
මේව කරන්නෙ ලෙඩ්ඩුන්ගෙ යහපතට. ඔව්, ඔව්. මේවට වියදම් කරන්නෙ මේගොල්ලන්ගෙ දෙමව්පියන්ගෙ මුදල්. බැසිල්ලා, රාජපක්ෂලා හොරාකාපු මුදල් වලින් කරන ගෙවීම් වලින් එහෙම නෙවෙයි. ඒ මොකද රාජපක්ෂලා තඹ සතයක් හොරකම් කරලා නැහැ.
ඇත්තටම ඔය සයිටම් එක පටන් ගත්ත කාලේ ඔය කියන සංගම්වල අය හිටියේ අන්ධ වෙලාද? නැත්නම් බය වෙලාද? දැන් පුහු වීරයෝ වෙලා කෑගහන්නේ...
පොලිසියත් තමාගේ බල සීමා ඉක්මමවන බව පින්තුර වලින් පෙනෙනවා !!තරු ඔටුනු දිනා ගැනීමට ක්‍රියා කල පෙර සිටි අයත් පස්සේ පිචන් වී ඉතිහාසයේ කුණු බක්කියට ගිය බව දන්නවා ඇතිනේ !! හෙළයා