IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යාපනයේ කඩු කිනිසි ගත් කල්ලියක් 8 ක් කපා පළා යති

(රොමේෂ් මධුෂංඛ)

යාපනය දිස්ත්‍රීක්කයේ කඩු කිනිසි ගත් තවත් බිහිසුණු කල්ලියක් විසින් අඟහරුවාදා (14) රාත්‍රියේ ස්ථාන 4 කදී පුද්ගලයින් 8 දෙනෙකු කපා පළා යාම හේතුවෙන් යාපනය ජනතාව තුළ නැවතත් බියක් හට ගෙන ඇත.

මෙසේ ආයුධ ගත් පිරිස අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවටත් ආයුධ ගත් පිරිස් වලට මේ වන විට දේශපාලන ශක්තියක්ද ලැබී ඇත.

මණිපායි පොලිස් වසමේ සංගුවේලි උතුර ප්‍රදේශයේ අද (15)  විදෙස්ගත වීමට සූදානම් වූ පවුලක තිදෙනෙකු හා ත්‍රී රෝද රථ රියදුරෙකු යතුරු පැදි 5 කින් පැමිණි පිරිස  මෙලෙස කපා කොටා තිබේ.

එසේම මෙම යතුරු පැදි කල්ලිය යන අතරමගදී නැවත යාපනය පොලිස් වසමේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කුලසිංහම් කුලප්‍රදීපන් නැමත්තෙකුද කපාගෙන ගොස් ඇත.

කෝපායි පොලිස් වසමේ මුකමඩම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ධනබාලසිංහම් එක්මන්රාජ් හා ජේසුදාසන් ජෙගන්දන් නැමැති දෙදෙනා ද කොණ්ඩාවිල් බස්නැවතුම්පළ ඉදිරිපිට පිහිටි වෙළඳසැලක් අසල සිටි සේලවරාසා මණ්මාරන් නැත්තෙකුද තියුණු ආයුධ වලින් කපා කොටා  පළා ගොස් ඇති බවටද යාපනය පොලීසිය පවසයි.

මෙලෙස ආයුධ ගත් පිරිසක් විසින් ස්ථාන කිහිපයකදී පුද්ගලයින් කපා දැමුවද මේ දක්වා කිසිවෙක් පොලිස් අත්අඩංගුවට ගැනීම නොහැකි වී ඇත.

ගත වූ දින දෙක ඇතුළත පුද්ගලයින් 12 දෙනෙකු  බරපතල කැපුම් තුවාල සහිතව මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.



අදහස් (16)

යාපනයේ කඩු කිනිසි ගත් කල්ලියක් 8 ක් කපා පළා යති

Indika Wednesday, 15 November 2017 06:46 AM

අපි උතුරෙන් හමුදාව විතරක් නෙවේ පොලිසියත් අයින් කරමු!!

:       3       643

Prase Wednesday, 15 November 2017 07:25 AM

ගොඩක් හොඳයි... ජයවේවා යහපාලනය...!!!

:       3       642

sachith Wednesday, 15 November 2017 07:28 AM

ඇයි මේකට ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්තේ? නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කපනකම් තියාගෙන ආපහු දුක් විදින්නද හදන්නේ??

:       0       611

Senarath Wednesday, 15 November 2017 07:29 AM

දැන් නම් උතුරේ ජනතාව ගහපු කතිරේ ගැන පසු තැවෙනවා ඇති. මේ නැවතත් යන්නේ 2009 ට කලින් තිබුණු තත්වයටම නේද ? මෙහෙම තමයි ප්‍රභාකරන් පටන් ගත්තෙත්.

:       0       634

darshana Wednesday, 15 November 2017 07:30 AM

සහජීවනය ඇති කළාට ස්තූතියි....

:       0       614

මද්යස්තයා Wednesday, 15 November 2017 08:12 AM

මහින්දගේ හෝ ඒකාබද්ධ විපක්ෂයේ හෙන්චයියෝ ටිකක් දඟලන්නේ. මිනිසුන්ව බයකරලා ඡන්දෙ දිනන්නයි බලන්නේ...

:       1841       2001

DarshanaWednesday, 15 November 2017 09:16 AM

වෙන්න පුළුවන්. කොටින්ට සල්ලි දීපු හැටි අපි අහල තියෙනවනේ, එතකොට පිල්ලියාන් , කේපි ,කරුණා අම්මාන්ලාට ගෝලයෝ නැතිවෙන්න බැනේ, දැන් මේ අය ඉන්න කා සමගද ? අනික ඔය ඒකාබද්ද කටේ තියෙන්නේම එකම දෙයයි " අපි බේරගත්ත රට නැවත කොටියට දෙනවෝ" බලය අපහු ගන්න ඕන ජරා වැඩක් කරයි

:       67       168

Bamunuarachchi.Wednesday, 15 November 2017 10:17 AM

කොතනද එහෙම වෙලා තියෙන්නේ කියන්නකෝ. ඊට පසුව මම ඔබට පිළිතුරු දෙන්නම්. දැන් අර 62 ඉන්නේ වෙච්ච වැරැද්ද වහ ගන්න බැරුවයි.

:       7       25

Shanaka Wednesday, 15 November 2017 10:06 AM

රටේ යහපාලනය නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන්.

:       1       7

Bamunuarachchi Wednesday, 15 November 2017 10:14 AM

නැහැ ඉන්දික, අපේ කෙනෙකුට කරදර කලේ නැතිනම් ඒ අය ඕනේ මගුලක් කර ගත්තාවේ කියා අැස් පියාගෙන ඉම්මු. ඒ අය මරාගන්න විට කියාවි හමුදාවත් ඕනේ... පොලිසියත් ඕනේ කියලා..

:       0       3

Lasa Wednesday, 15 November 2017 10:25 AM

කපන්නේ උතුරේ විතරද? දකුණේ මරනවා

:       0       20

P. de. silva - Canada Wednesday, 15 November 2017 01:01 PM

උතුරේ රජයේ පොලිසි උසාවි නීති නැද්ද? මෙවැනි දේ වෙද්දී වග කියන පාලන රජයක් නිදිද? බයද? නැත්නම් ඇයි විසඳිය නොහැක්කේ , රටේ අනිකුත් ප්‍රදේශ වල මෙන් විමර්ශන කොට පරීක්ෂණ පවත්වා චුදිත අපරාධකාරී මිනීමරු මැරයන්ට දැඩි දඬුවම් නොදෙන්නේ. මෙසේ ඉඩ හැරියොත් , මීට වඩා භයානක තත්ත්ව මුහුණ දීමට ඉදිරියේ ඇති අවිවාදයෙන් කිව හැක. රටේ අන් පලාතක හෝ ප්‍රදේශයක වුවා නම් මීට හත් පසින්ම වෙනස්ය , ඉක්මන් ක්‍රියාමාර්ගවේ. මෙයට විදේශ හෝ වෙනත් බලපෑම් ඇත්ද?

:       0       0

Bamunuarachchi Wednesday, 15 November 2017 01:21 PM

වැඩිකල් නොගොස් හෙල්මට් දාගෙන යාම තහනම් කරාවි !!!

:       0       0

P. de . silva - Canada Thursday, 16 November 2017 07:59 PM

එහෙම කියන්න එපා.. මේ රටවල මිනිසුන්ද හෙල්මට් පළඳියි. ඒ වගේම සම්පූර්ණයෙන් මුහුණු වැසෙන හෙල්මට් පළඳින්නේ අඩු ප්‍රමාණයක්. අපේ රටේ වී ඇත්තේ හැම දෙයකින්ම යුතු ප්‍රයෝජන ගැනීමයි. 80වේ මුල් කාලයේ මමද ට්‍රේල් පැදි භාවිතා කලා සේම සම්පූර්ණ මුහුණු ආවරණ හෙල්මට් පැළඳුවෙමි. නමුත් එකල මෙවැනි භයංකාර ප්‍රශ්න නොතිබුණි. දුකට කරුණකි. දැන් තරුණයන් හට ආසාවට දෙයක් කිරීමට ඇති අවහිරතා, නවීන සමාජයේ සිටින සමහර අසහනකාරී මානසිකතත්ත්ව ඇති අය නිසා සාමාන්‍ය හොඳ අයටත් බලපායි. දැන් රටේ සමහර තරුණ ගති වෙනස්, අපේ තරුණ කාලේ අපි විඳපු සතුට සැනසුම දැන් නැතිවී ගොස්. ඒ කාලවල මත් පෙති වර්ග, කුඩු වර්ග නොතිබුණි. තිබුනේ මද්‍යසාර සහ නරකකට තිබුනේ ගංජා පමණයි. දැන් රට වැනසී ඇත. අහෝ දුකකි.

:       0       0

ලාලිත්‍ය යුවරාජ් Friday, 17 November 2017 08:18 AM

ඒකත් මහින්දට බැර කරන කැපුවත් කොළ පාට සහ නිල් රතු යු ඇන් පී බූරුවනේ. උඹලාගේ දරුවන් ටත් වඩා ලොකු කරගෙන ඉන්න ඔය නායකයෝ තමන්ගේ එවුන් ගේ බඩ වියත රකින්න හාල් මෝල් වස්සවලා වී වගාව වතුර නොදී වනසපු එවුන්, රට විකුණන් කාපු එවුන් සහ නිධන් හෑරිල්ල රටට පුරුදු කල එවුන් මිස මොනවද කලේ රටපුරා වෙළඳ ව්‍යාපාර වැහෙනවා පේන්නැද්ද?

:       0       0

සේනානායක. Sunday, 19 November 2017 11:42 PM

සිදුවන හැම සිදුවිමකින්ම දේශපාලන වාසි ලබා ගන්න දගලන දේශපාලනකයින් මොන තරම් පහත් ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31238 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13406 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10978 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 917 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site