(ක.ග. කරුණාරත්න)
පොලොන්නරුව ලක්‍ෂඋයන ප්‍රදේශයේදී අද (7) පස්වරු 06 ට පමණ අඹු සැමියන් ගමන් ගත් යතුරු පැදියක් ධාවනය වෙමින් තිබූ JCB
යන්ත්‍රයක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු ඒ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.

අනතුරින් මියෙගාස් ඇත්තේ පොලොන්නරුව විජයබාහුපුර සිංහපුර අංක 5/1 ලිපිනයේ පදිංචි කංකානම්ලාගේ ගුණදාස නැමැති 59 හැවිරිදි අයෙකි.

ඒ අනතුරින් ඔහුගේ බිරියට තුවාල සිදුවී නොමැත.

යතුරු පැදිය JCB යන්ත්‍රයේ ඉදිරිපස හැපී යතුරු පැදිකරු එහි රෝදයකට යටවී ඇති බව පොලිස් පරීක්‍ෂණ වලදී හෙළිවී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ JCB යන්ත්‍රයේ ක්‍රියාකරු බීමත්ව සිටි බවද පොලීසිය සඳහන් කරයි. සැකකරු පොලොන්නරුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.