
(රංජිත් රාජපක්ෂ)
අවාරයේ ශ්රී පාදයේ සංචාරයක් සදහා පැමිණි පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිණි ඇල්ලට පෙරලී ඇතැයි නල්ලතන්නි පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක එන්.ඩී.නිරෝෂන් මහතා පැවසීය.
වව්නියාව සහ කිලිනොච්චි ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් (19) දින රාත්රී 11:00ට පමණ නල්ලතන්නි පොලිසිය වෙත පැමිණ තමන්ට ශ්රී පාද සංචාරයක් සදහා යෑමට අවශය බව පවසා ඇති අතර,එහිදි පොලිස් නිළධාරින් එම පිරිස හමුවේ කියා ඇත්තේ පවතින අයහපත් කාලගුණයත් සමග රාත්රීයේ සංචාරය කිරිම සුදුසු නොවන නිසා ඒ සදහා (20) දින උදෑසන පැමිණෙන ලෙස උපදෙස් දී ඇත.
ඒ අනුව එම පිරිස නාවාතැනක් සොයා ගැනීම සදහා ආපසු මෝටර් රථයෙන් යන අතරතුර රාත්රී 12:00ට පමණ මෝහිණි ඇල්ල ප්රදේශයේදි මාර්ගයෙන් ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
මෝටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනකු එහි සිටි බවත්, අනතුරින් ඔවුන් කිසිවකුටත් තුවාල සිදු වී නොමැති වුවත් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd