
(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට නීතී විරෝධී ලෙසින් මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් පෙති සහිත යාත්‍රාවක්,කල්පිටිය සෙන්දිරිත්තෙව් දූපත ආසන්නයේ කළපු තීරයේ දී අත් අඩංගුවට ගැනීමට (19 ) කල්පිටිය විජය නාවුක නෞකා ආයතනය සමත් වී ඇත.
නවුක හමුදා මෙහෙයුම හමුවේ, මත් පෙති තොගය සහිත ඩිංගි යාත්‍රාව අත් හැර දමා සැකකරුවන් පලාගොස් ඇත.
අත් අඩංගුවට පත්වී ඇති මත් පෙති උර දහය තුළ මත් ලෝලින් අතර ජනප්‍රිය මත් පෙති හත් ලක්ෂ පනස් දාහක් තිබී ඇත.මෙම එක් මත් පෙත්තක වානිජ වටිනාකම රුපියල් 200 ත් 300 ත් අතර වේ
ඒ අනුව පෙති තොගයේ සමස්ත දළ වටිනාකම රුපියල් කෝටි 14 ඉක්මවයි.
මත් පෙති තොගය සහ යාත්‍රාව කල්පිටිය නාවුක හමුදා භාරයට ගෙන ඇති අතර,ඉදිරි පරික්ෂණ කටයුතු සදහා පුත්තලම පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd