(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගිය සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට වෝහාරික විගණන හයක් සිදු වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (28) කොළඹදී පැවැසීය.
ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදලට නැවත කොටස් වෙළෙඳපොළට පැමිණීමට ඉඩා ලබාදෙන බව ද මහ බැංකු අධිපතිවරයා එහිදි කීය.
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 68ක් සැපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘ඇට්‍රියම්’ ශ්‍රවණාගාරයේ පැවැති දේශනයක ප්‍රථම පිළිගැනීමේ කතාව කරමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඒ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා විසින් උක්ත දේශනය සිදු කරනු ලැබිණි.
මෙහිදි පසුගිය වසරක ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යසාධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීය.
“පසුගිය වසරේ දේශනයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුව බොහෝ පියවර ගෙන තිබෙනවා. මහ බැංකුව ලෙස අපි සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. ඍණාත්මක වගේම ධනාත්මක දේවල් සිදු වුණා.
ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වෙමින් තිබෙනවා. වෝහාරික විගණන හයක් සිදුවෙමින් තිබෙනවා.
ඒ සියලු බාධක මධ්‍යයේ අපි සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා.
රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් පියවර ගෙන තිබෙනවා. නව වෙන්දේසි ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ස්ථාවරත්වය ඇති කිරීමට කටයුතු කළා. නම්‍ය උද්ධමන රාමුවක් හඳුන්වාදීමට කටයුතු කරනවා.
ආයතන සම්බන්ධයෙන් විනිවිදභාවය ඇති කිරීමට අපි පියවර ගත්තා.
ඒ වගේම සේවක අර්ථසාධක අරමුදලේ සම්බන්ධයෙන් අපි සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා.
වගවීම, විනිවිදභාවය හා වගකීම යන කරුණු සුරක්ෂිත කිරීමට අපි පියවර ගෙන තිබෙනවා.
සී.සී.ටීවී කැමරා සවි කිරීම හඬ පටිගත කිරීම් යනාදි පියවර ගැනීමටත් අපි කටයුතු කළා.
සේවක අර්ථසාධක අරමුදල දැනමටත් ද්විතීය වෙළෙඳපොළට පැමිණ තිබෙනවා. ඉදිරියේදී අපි සේවක අර්ථසාධක අරමුදලට කොටස් වෙළෙඳපොළට පැමිණීමට ඉඩ දීම සම්බන්ධයෙන් සලකා බලනවා”.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසනාවට වඩා අවංක සේවකයන් බැංකුවට පත් කල යුතුයි.
පසුගිය වකවානුවේ රෑ බැංකු කැඩුවේ කවුද ? මෙපමණ කලක් ඒවා හොයන්නේ නැතුව ඉන්නේ ඇයි? මහජනයාට හෙළි නොකරන්නේ ඇයි?