(චමිල් රුපසිංහ)
මහනුවර ශික්ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් ශරීර අවයව බද්ධ කිරීමේ නව ඒකකයක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සොඛ්‍යය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැනුම් දුන් බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.
මේ සඳහා අවශ්‍යය පහසුකම් සියල්ල ලබාදී අදාළ ඒකකය කඩිනමින් විවෘත කිරීමට අවශ්‍යය පියවර ගන්නා බවටද දැනුම් දුන් බව ඒ මහතා කියයි.
මහනුවර ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍යය ඒකකයේ සිදුකළ දෙවන හදවත් බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වීමෙන් පසු දිවයිනේ නන් දෙසින් හදවත්,අක්මා,පෙනහලු හා අග්න්‍යාශ බද්ධ කිරීම් සඳහා ඉල්ලීම් ලැබෙන බව ඒ මහතා කීය.
මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රථම අග්න්‍යාශ බද්ධ කිරීමද පසුගිය 20 වැනිදා සිදු කළ බවත් නව ඒකකය ස්ථාපිත කිරීමෙන් පසු හදවත්,අක්මා,පෙනහලු හා අග්න්‍යාශ බද්ධ කිරීම් එහි සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවද සමන් රත්නායක මහතා පැවැසිය.
දෙවන හදවත් සැත්කමෙන් පසු එම රෝගීයා රැක බලා ගැනීමේදී අවශ්‍යය වන යන්ත්‍ර කිහිපයක් සෞඛ්‍යය ඇමැතිවරයා ගේ මැදිහත් වීමෙන් රෝහලට ලැබී තිබෙන බවත් ඉතිරි අඩුපාඩුද කඩිනමින් සපුරා දීමට ඇමැතිවරයා පොරොන්දු වූ බවත් වෛද්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
96
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
359
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
372
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවරට අවයව බද්ධ කිරීමේ ඒකකයක්
wedage Thursday, 28 September 2017 10:11 AM
නෙවිල්ට කියල පුද්ගලික එකක් දමන්න රාජිත
Raveendra Thursday, 28 September 2017 10:27 AM
ඉතාමත්ම හොඳ තීරණයක්. මෙය මහනුවර පමණක් නොව රටේ අනෙකුත් ප්‍රදේශ වලටත් ප්‍රසාරණය වියයුතුය.
buddika Thursday, 28 September 2017 11:23 AM
එතකොට අර වෛද්‍යවරුන්ට යක්ෂයෝ කියල අපහාස කරපු කෙනාට මොකද කරන්නේ... රටේ සමස්ත වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවාවේ ඉන්න හැමෝගෙන්ම ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනෑ... කරුණු හරි හැටි නොදැන අපහාස කිරීම වෙනුවෙන්, සැබෑ ලෙසම උපකරණ වල හිඟයක් තිබිලානේ...
Chanak Los angelesThursday, 28 September 2017 11:53 PM
අවස්ථාවේ හැටියට වෙනස් වෙමින් හැසිරීම මිනිස් ක්‍රියාවලියක්..
C.K.Lankaputhra Thursday, 28 September 2017 01:28 PM
දෙවිවරුවන් දොස්තරවරු අතර යක්ෂයෝ විතරක් නෙවෙයි. පෙරේතයෝ, කුම්භාණ්ඩයෝත් ඉන්නවා.