IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මාර්තු 12 ව්‍යාපාරය කථානායක හමුවෙයි

(විනීතා එම් ගමගේ)
ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජය නියෝජනය කරමින් පත් කෙරෙන නියෝජිතයින් තිදෙනා විනිවිද භාවයකින් යුතුව පත් කරන ක‍්‍රමයක් අනුගමනය කරන්නැයි මාර්තු 12 ව්‍යාපාරයේ සාමාජිකයෝ කථානායක කරු ජයසූරිය මහතා හමුවී ඉල්ලීමක්  කර ඇත.


ව්‍යවස්ථා සභාවේ නිල කාලය ඉකුත් සිකුරාදායින් (21) අවසන් වූ  අතර නව නිලධාරි මණ්ඩලය පත් කිරීමට පෙර මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයෝ මෙසේ කථානායකවරයා හමුවී තිබේ.


ඉකුත් සිකුරාදා (21) පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා හමුවී මෙම ඉල්ලීම කළ බව මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට අද (24)  පැවැසීය. 


මේ සම්බන්ධව අගමැතිවරයා හා විපක්ෂනායකවරයා සමඟ සාකච්ඡා කර යම් පියවරක් ගන්නා බවට කථානායකවරයා පොරොන්දු වූ බව ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. 


කථානායකවරයා සභාපතිත්වය හොබවන ව්‍යවස්ථා සභාවට අගමැතිවරයා සහ විපක්ෂනායකවරයා නිල බලයෙන් පත්වන අතර ඔවුන් විසින් පත් කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු දෙදෙනෙක් හා සිවිල් සමාජයේ පුද්ගලයින් තිදෙනෙක් ද ජනාධිපතිවරයා පත් කරන නියෝජිතයෙක් ද අගමැති හා විපක්ෂනායක නියෝජනය කරන පක්ෂ දෙක හැර වෙනත් පක්ෂවලින් එක් නියෝජිතයෙක් ද වශයෙන් නියෝජිතයෝ දස දෙනෙක් ව්‍යවස්ථා සභාවට පත්වෙති. 


කතානායකවරයා සමඟ සාකච්ඡාවට පැෆරල්, රයිට් ටු ලයිෆ්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, විද්වත් වෘත්තිකයන්ගේ සංගමය, නීථිය හා සමාජය භාරය, සර්වෝදය, සණස ඇතුළු මාර්තු 12 ව්‍යාපාරයේ සාමාජික  සංවිධාන රැසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ. 



අදහස් (1)

මාර්තු 12 ව්‍යාපාරය කථානායක හමුවෙයි

Raveendra Monday, 24 September 2018 03:19 PM

මොන පිස්සුද? සූත්තර පුංචා කිව්ව ගමන් මෙයා වඩදිය, බාදිය ඔක්කොම පිටකරගෙන.... එහෙමයි සර් මම කරන්නම් සර් කියන විදියටම කියයි. එතකොට ඔහෙලගේ සකච්ඡාත් කොහෙද කියලවත් මතක නැහැ. මොකද වඩදිය බාදියෙන් හොඳටම ස්නානය කරලනේ ඉන්නේ...

:       13       74

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 217 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site