(නිමන්ති රණසිංහ)
සිංහල බෞද්ධ සංවිධාන 17ක් එකතුව මියන්මාර් රජයට සහාය පළ කරමින් අද(19) කොළඹ විහාර මහා දේවි උද්‍යානය අවට පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අතුරු තහනම් නියෝගයක් පැනවීය.
ඒ අනුව බොදු බල සේනා සංවිධානය, සිංහල රාවය, රාවණා බලය, ජාතික පෙරමුණ, ජාතික භික්ෂු පෙරමුණ ඇතුළු සංවිධාන 17කට මෙම නියෝගය නිකුත් කෙරුණු අතර කොළඹ පිත්තල හංදිය, දවටගහ පල්ලිය අසල, රොස්මිඩ් පෙදෙස, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, හෝර්ටන් පෙදෙස, එෆ්.ආර්.සේනානායක මාවත සහ කන්නන්ගර මාවත යන ස්ථානවල එම උද්ඝෝෂණ තහනම් කරමින් අදාළ නියෝගය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් බෞද්ධ කියල කියන එකත් අපට මහා පාපයක්. එහෙම නැත්තනම් මොවුන් කොච්චර මනාප ගන්න ඕනෙද මැතිවරණයකදී. බෞද්ධයන් මොවුන්ව ප්‍රතික්ෂේප කර අවසන්. සාසනයට අපහස කරන මොවුන්ට විරුද්ධව පියවර නොගැනීම තමයි මහනායක වරු කර මහම අපරාධය.
මම සිංහල බෞද්ධයෙක්. රට පාවල දීල කොටින්ගෙන් තෑගි ගන්න එකෙක් නෙවෙයි. එහෙත් මේ වැඩේ නම් දෙපාරක් හිතන්න කියන්නේ. කතාව තියෙන්නේ මේ ගම් ගිනි තියල විනාස කරනවා කියල. ඒ කතාව ඇත්ත නම් අපි සිංහල බෞද්ධයෝ හැටියට ඒක අනුමත කරන්න අමාරු නේද? අනික ඕකට සහය දෙන්න ගිහින් අපේ සිංහල බෞද්ධයන්වත් මිනීමරු හැටියට නේද යන්නේ. කොටින්ට උවමනාදේ තමයි එතකොට සිද්ධ වෙන්නේ. දැනටම සමහර බටහිර බලවේග ඔය සිදුවීම් අල්ලා බුද්ධාගමට බැට දෙනවා. ඒ නිසා හොඳට හිතලා බලලා තීරණයක් ගන්න. අපි ලංකාවේ බැට කනකොට අපිට බුරුමයවත් තායිලන්තයවත් උදවු කරාද?
මේ අපේ රටේ අන්තිම කාලේ වෙන්න ඇති ගොඩක් දේවල් පාලකයන්ට තේරෙද්දී පරක්කු වැඩි වෙයි මෙහෙම ගිහින්
මොකද? එකාබද්දයේ හාමුදුරුවරු ටික පස්ස ගහන්නේ. මේ පිරිසත් එක්කම වඩින්නකො.
මේ අය කරන්නේ බුදුන් වහන්සේට අවමන් කිරීමක්.
බුදුන් වහන්සේ අනුගමනය කිරීම අතහැර දමා රාවණා පස්සේ යන හාමුදුරු කෙනෙකුත් මේ අතරේ ඉන්නවා. රාවණා කියන්නේ පැහැදිලිවම මිත්‍යාවක්. වාල්මිකීගේ කතාවේ හැටියට රාවණා කියන්නේ ගැහැණු හොරෙක්. සල්ලාලයෙක්. මේ වගේ තක්කඩි චරිත පරමාදර්ශ හැටියට සලකන හාමුදුරුවරු බෞද්ධයෝද? මොවුන්ගේ නූගත් කමේ සීමාවක් නැහැ. මේ රාවණා හාමුදුරු මියන්මාර් අර්බුදය ගැන දන්නේ මොන කෙන් ගෙඩියද? සිවුර පෙරෙවුවත් මේ වගේ පුද්ගලයන් බෞද්ධ භික්ෂූන් හැටියට සලකන්න බැහැ. පිළිලයක් වන මුන්නහෙලාගෙන් රටට අවැඩක් මිස කවදාවත් වැඩක් නම් සිදුවන්නේ නැහැ. බෞද්ධයනි, පිබිදෙවූ.
සංජු මහත්තයෝ, නොදැන කතා කරන්න එපා. රාවණ සීතා ගැන මුලින්ම සඳහන් වෙන්නේ රාමායනයේ. ඒ පොතක් හොයාගෙන කියවලා බලන්න. ජී.එස්.බී.සේනානායක මහත්තය කරපු සම්පුර්ණ පරිවර්තනයක් තියනවා. ඉංගිරිසියෙන් ඕන නම් අර්සියා සත්තර් ගේ එහෙම නැත් නම් මෙනොන්ගේ පරිවර්තන තියනවා. සරල අනුවාද ඕන තරම් තියනවා. දකුණු ඉන්දියානු විශ්වාසය තියෙන්නේ රාවණා රජු ලංකාව පාලනය කරපු දෙමල රජෙක් කියලයි. කියවන්න පුර්නලිංගම් පිල්ලෙයි 1928 දී පල කල " රාවණ කින් ඔෆ් ලංකා". මේ ලියන මම මේ ගැන වසර 45ක් පමණ පර්යේෂණ කරපු කෙනෙක්. කවුරු හරි කියන්නන් වාලේ කියපු දෙයක් විශ්වාස කරන මෝඩ මිනිසුන්ට ඇත්ත දැනගන්න ඕනෑ නැහැ!