(හර්ෂණ තුෂාර සිල්වා)
පවතින ආණ්ඩුව ‘විකුණන ආණ්ඩුවක්‘ බවත් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් තමන් සිටින්නේ කලකිරීමෙන් බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
“විකුණනවා කිව්වා නම් ඡන්දේ දිනන්න වෙන්නෙත් නැහැ. නොකියා ආවට මේක විකුණන ආණ්ඩුවක්. රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය කරගන්න බැහැ. එන්නෙම අපි මේක විකුණනවා කියලා කියාගෙන. ආණ්ඩුව මේ යන විදියට ගියොත් කච්චතිව් දූපතත් විකුණලා දායි.“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් තම මතය පිළිනොගන්නා බව කී ඒ මහතා එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස් පිළිනොගන්නා බවත් එම මතවලට ඉඩක් නොදෙන බවත් කීය.
කොළඹ ඩාර්ලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී අද (10) පැවැති එම පක්ෂයේ සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලනයට සම්බන්ධ වුණේ නැහැ. කොහොමවුණත් මම නම් සම්බන්ධ වුණේ නැහැ. යහපාලනය ඇති වෙන්නේ 2015 වසරේ ජනවාරි 8 වැනි දා. අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඉන් පසු අගෝස්තුවේ. අපි මැතිවරණයට ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්කයි. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එක්ක. “

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සටනට පෙර නැටුමක්..
පූර්ණ ළමාවිය සංවර්ධනය විශේෂ අවශ්‍යතා ඇති යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරයෙක්...
විජේදාස රාජපක්ෂ මහතාත් ඒ එක්කම ආණ්ඩුවෙන් යන්නේ නැත්තතේ ඇයි? දැන්ම පනින්නද ඕනෑ?
ඉතින් ඇමැතිකම දාලා යන්නකෝ......
ඔව්, කලින් තිබුණේ හොරකම් කරන ආණ්ඩුවක්නේ... එ්කේ හොඳම කොටස් කාරයෙක්නේ...
ඉතින් කිය කියා ඉන්නේ නැතුව ගියා නම් ඉවරයි නේ.
හොඳ නැත්නම් ඇමතිකමෙන් ඉවත්වෙලා පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රී කෙනෙකු ලෙස , හෝ ඒකාබද්ධ විපක්ෂෙට හෝ ස්වාධින මන්ත්‍රී කෙනෙකු වෙන්න පුළුවන්නේ ?
කුණු ගොඩට කවුරු වැටෙයිද දන්නෑ
ඇති දැන්වත් මොලේ පෑදුණා. ඔහොම කිය කියා ඔතනම හිටියොත් ලබන පාර ගෙදරම තමා.
ඇග බේරගන්න හදන්න එපා. බොරු ප්‍රකාශ නිකුත් කරමින්.
පිස්සුද කවුද එහෙම පසුපෙළ මන්ත්‍රී කෙනෙක් වෙන්න කැමති ඇයි කලිනුත් එක්කෙනෙක් බඩ කපා ගන්නවා කියල කිව්වා නේද
මේ අය කොහෙද හිටියේ ගිය ආණ්ඩුව කාලේ......
මෙතුමා යහපාලනේ හිටපු කෙනෙක් නෙමෙයි. ගියා නම් තමයි හොඳ...
මට පෙන්නේ එයත් ඒකාබද්ධයට යි වගේ...
කවදද නින්දෙන් නැගිට්ටේ?
රජයට තියාගෙන හොරකම් කරනවට වැඩිය විකිණීම හොඳ නැද්ද? එ්ත් අපි දන්නා සිංහලයට අනුව විකිණීම හා බදු දීම වෙනස්. ඔබට අමාරුව තියෙන්නේ මේවා රජයට නැතිවුණාම අමැතිලාට සෙල්ලම් කරන්න ආයතන නැති වීම නේද?