IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


පෞද්ගලික වෛද්‍ය සේවයෙන් වෛද්‍යවරු බැහැර වෙති

(රංජන් කස්තුරි)

රටපුරා සේවය කරන විශේෂඥ වෛද්‍යවරු අද (3) දවස පුරා පෞද්ගලික වෛද්‍ය සේවයෙන් වැළකී සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූහ.

පෞද්ගලික රෝහල් හා වෛද්‍ය සේවා ස්ථාන වලින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමට පැමිණි රෝගීන්ට සේවය ලබා ගත නොහැකි වූ අතර ඇතැම් රෝගීන් පෞද්ගලික රෝහල් වලට කලින් ගෙවා තිබූ මුදල් නැවත ආපසු ගෙනා තිබිණි.

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ගේ සියයට 24 ආදායම් බද්ද පෙර තිබූ පරිදි සියයට 12 දක්වා අඩු කරන ලෙස බලකරමින්  විශේෂඥ වෛද්‍යවරු එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙහි නිරත වූහ.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (29)

පෞද්ගලික වෛද්‍ය සේවයෙන් වෛද්‍යවරු බැහැර වෙති

මධ්‍යම පන්තිකයා Friday, 03 August 2018 05:01 PM

මේ අසාධාරණ බදු ක්‍රමයට විරෝධය පලකල වෛද්‍යවරුන්ට අපගේ උපහාරය. සමාන්‍ය ජනතාවට හෝ විපක්ෂයට මේ බදු ක්‍රමයට එරෙහි වීමට ශක්තියක් නොමැති වීම ගැන කනගාටුයි. මෙම අසාධාරණ බදු හා දඩ මුදල් අකාර්යක්ෂම දේශපාලඥයන්ගේ වරප්‍රසාද, වැටුප් හා අනෙකුත් සුඛවිහරණයට යෙදවීමට බලවත් විරෝධය පල කිරීමට ඕනෑම අයෙකුට සහයෝගය දෙමු.

:       2031       2114

lankaSaturday, 04 August 2018 05:46 AM

මේ හොර දොස්තරලා ඉල්ලන්නේ උන්ගේ අදායම් බද්ද උපරිමය 12% ක් කරන්න කියල. රටේ අනිත් මිනිස්සු උපරිමය 24% ක් ගෙවනවනම් මුන්ට විතරක් සහන දෙන්නේ මොකටද?. රජයට ලැබෙන බදු මුදලින් පිනට ඉගෙනගෙන රජයේ සේවයට ඇවිදින් පුද්ගලික සේවයෙන් හම්බකරගෙන රටේ අනිත් මිනිස්සු ගෙවන බද්දවත් ගෙවන්න අකමැති මුන් මොන කුහක එවුන්ද?

:       2214       2114

RanjanSaturday, 04 August 2018 07:19 PM

ලන්කා වගේ කුහක අමනයොත් ඉන්නවනෙ නිදහස් අධ්‍යාපනය ලැබිලත් ඉගෙන ගන්නෙ නැතුව එක එක ගුබ්බැයම් වල රස්තියාදු ගගහ ඉඳල ඊට පස්සෙ ඉගෙන ගත්ත මිනිස්සුන්ට ඉරිසියා කර කර ඒ මිනිස්සුන්ට බනින. ඕක මානසික රෝගයක්. ආන්ඩුවේ ඉස්පිරිතාලෙන් වත් බෙහෙත් ටිකක් ගත්ත නම් හොඳයි. දොස්තර මහත්තුරුත් චැනල් නවත්තල දාන්න අවුරුද්දකට විතර. එතකොට හැම එකාම ආන්ඩුවේ ඉස්පිරිතාලෙට පාන්දර 4.00 විතර ඇවිල්ල ඉන්න එපෑ පැය ගනන් පෝලිමේ.

:       128       154

ShanSaturday, 04 August 2018 06:56 AM

ගිහිල්ලා මොලේ පරීක්ෂා කර ගන්න. දොස්තරලා චැනල් පටන් ගත්තම... මේ වගේ නූගත් අදහස් දාන්න දෙන්න එපා කරුණාකරලා. රටකට පවතින්න බෑ බදු අදායම් නැතුව. අපි උද්ඝෝෂණ කරන්න ඕනේ.. ඒ බදු අාදායම හරියට වියදම් කරන්නේ නැත්නම්...

:       75       115

මධ්‍යම පන්තිකයාSaturday, 04 August 2018 01:31 PM

මේ දොස්තර මහත්වරුන්ට පෞද්ගලික සේවා වර්ජනය කරකර ඉන්න ඕනෙ නැහැ. චැනල් ගාස්තු 30% පමණ වැඩි කලොත් ආදායම් බද්ද හිතේ දුකක් නැතිව ගෙව්ව හැකි. ගොඩක් ව්‍යාපාරිකයන් කරන්නේ ඒවැඩේ. එතකොට ඔය කොමෙන්ට්ස් දාන බහුතරයකටම රජයේ රෝහල් වලින් සුපරිම නොමිලේ ප්‍රතිකාර ලබාගන්න පුලුවන්. රජයේ ඇමති මණ්ඩල නඩත්තුවටත් හොඳ ආදායමක් ඉතුරු කරගන්න පුලුවන්.

:       256       409

Sanath Friday, 03 August 2018 05:06 PM

විශේෂඥ වෛද්‍යවරයෙක් දවසකට රෝගීන් 50 ක් වත් බලනවා. රුපියල් 1500 ගානේ දවසක ආදායම 75000/- මාසෙකට ලක්ෂ 20 විතර අවුරුද්දකට ලක්ෂ 240 ක් ඉතින් එකෙන් ලක්ෂ 30 ක් බදු ගෙවන්න බැරි මොකද?

:       2315       2231

MedhaSaturday, 04 August 2018 02:49 AM

සනත් , බදු ගෙවන්න ඔ්නි අනිවාර්යෙන්ම මෙතන ගෑටලුව 24% මද්‍ය පරිමාන සමාගමකින් ගන්න එකට සමාන බද්දක් ,අයකිරිම එහෙම බදු අයකර 220% මෑති ඈම්ති වෑටුප් වෑඩිකිරිමේ යොජනා, සාදාරනද????

:       0       24

DhammikaSaturday, 04 August 2018 06:06 AM

ඔබ සාමාන්‍ය පුද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක් නම් 40000ක් පමණ මාසෙකට උපයනවා වසරකට 480000 එයින් 24% හෙවත් 9600ක් මසකට ගෙවන්න මොකද බැරි ? තේරුම් ගන්න බලන්න මම මෙහෙම කිවම ඔබට දැනෙන දේම තමයි වෛද්‍යවරැන්ටත් දැනෙන්නේ.

:       5       2

lankaSaturday, 04 August 2018 11:32 AM

දම්මික මසකට 40000 ක් උපයල වසරකට 480000 ක් හම්බ කරනවානම් ඔයා සත පහක්වත් බදු ගෙවන්න ඕනේ නෙහෙ. ඔය දොස්තරලා රවට්ටන්නේ ඔයවගේ නොදන්නා අයව.

:       154       104

samSaturday, 04 August 2018 06:59 AM

ඔය ඔක්කොම බදු වැඩි කරන්නේ මන්ත්‍රී ඇමති පඩි වැඩි කරගන්නයි. අන්න එතනයි අප්සෙට් එක.

:       1       48

Lal Friday, 03 August 2018 06:19 PM

වෛද්‍යවරු වෘත්තිකයෝ කියලා වෙනසක් නැතුව හැමෝටම එක හා සමානවම නීති ක්‍රියාත්මක විය යුතුයි. බදු අඩු කරනවානම් හැමෝගෙම අඩු කරන්න ඕන. හැමෝම කරන්නෙ සේවයක්. වෛද්‍යවරයාද කම්කරුවාද කරන්නේ මුදලට තම සේවය විකිනීමයි.

:       0       38

de silva Friday, 03 August 2018 10:03 PM

දොස්තරලා අනිවාර්යයෙන් වැඩිපුර හම්බ කරන නිසා වැඩිපුර බදු ගෙවන්න ඕනේ...

:       54       0

Ravi Saturday, 04 August 2018 01:06 AM

මොකද බදු ගෙවන්න බැරි ? සාමාන්‍ය මහජනතාවගේ බදුමුදලින් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි තමන් හම්බ කරනකොට බදු ගෙවන්න බැහැ. පුදුම නීතියක්නේ මේක. ඔබතුමාලා විතරද මේ රටේ ඉගෙනගන්නයි හම්බකරන්නයි ඕන ?

:       155       103

pakeer Saturday, 04 August 2018 01:57 AM

ප්‍රශ්නය නම්, නුගත් ගොන් වස්සන් විසින් උගත් බුද්ධිමතුන්ව පාලනය කරන්නට යාමයි. මෙය සෑම දෙයකටම ශ්‍රී ලංකාවේ පොදු ලක්ෂණයකි. රටක බදු ගැසිය යුතුය. බදු ගෙවීමද සිදී කල යුතුය. ඒ වගේම එම බදු අර්ථවත් විදිහට ආයෝජනය කල යුතුය. මෙය අර්ථවත් විදිහට ආයෝජනය කිරීමට උගත් බුද්ධිමතුන් විසින්, නිසි ක්‍රමෝපායන් යෙදිය යුතුය. නමුත් පාලන තන්ට්‍රයේ ඇත්තේ පක්ශාග්රාහී කුළු හරක් . ප්‍රශ්නය ඇත්තේ එතනයි. තවද මෙතනදී පොඩි එවුන්ට කෙලින් යාමට බල කර, මහා එවුන් හරහට යාම කොහෙත්ම අනුමත කල නොහැක. ඒ කෙසේ වෙතත් මෙවන් ගට්ටනයන්ගෙන් සැමදා තලෙනුයේ එදා වෙලා හම්බ කරන කන අසරණ මිනිසුන්ය. ඔවුන්ගේ ප්‍රශ්න චන්ද කාලයට පමණක් කතා කරන වහසි බස්ය. මෙය පටන් ගැනීමක් පමණි. මෙම බදු ප්‍රශ්නය මා හිතන ආකාරයට තව තවත් ඉදිරියේදී උග්‍ර වනු ඇත. එනම් සෑම රජයක්ම නය සහ බදු මගින්ම පමණක් රට කරවන්නට හදන ගොන් න්‍යාය තව දුරටත් කරන නිසාය.

:       0       7

සතයපාල Saturday, 04 August 2018 03:46 AM

වෛදය විදියාලයේ මේ අයට උගන්වන විෂයන්ගෙන් එකක් වෙන්නැති වැඩ වර්ජන විෂය.ලංකාවේ සාමානය කම්කරුවන්ට හා වෙනත් වෘත්තින්ට වඩා පහත් මානසික මට්ටමක් හා සමාජ ආකල්ප තමයි මේ වෛදයවරුන්ට තියෙන්නේ.

:       20       106

සමන්ත Saturday, 04 August 2018 03:57 AM

රටක බදු එම රටේ ජනතාවට සේවා සැලසීමට යොදා ගැනෙන දෙයක්. බදු නොමැතිව අද ලොව කිසිම රටක වැඩ කටයුතු කල නොහැකි බව සනාත වෙලා තියෙනවා. බදු ගෙවිය නොහැකි යයි කියන්නේ බදු නොගෙවා රෝගීන් සහ මහජනතාව ගසා කන පිරිසක් වීම මෙහි විශේෂත්වයයි. දුප්පත් මහජනතාව ගෙවූ බදු මුදල් වලින් ඉගෙනගෙන අද වනවිට වෘත්තීය සමිති වලට මුවාවී මේ කොකා පෙන්වනුයේද රජයට නොව අහිංසක ජනතාවටයි. ජනතාව මොවුන්ට මුලා නොවිය යුතුයි. ජනතාව බදුවලට විරුද්ධ විය යුත්තේ, රජය ඔවුන් වෙනුවෙන් ඒ බදු මුදල් යහපත් ලෙස වියදම් නොකරන්නේ නම් මිස පරණ ණය ගෙවා ජනතාව නිදහස් කරගන්නා විට නොවේ.

:       1       107

sena Saturday, 04 August 2018 05:05 AM

මහ නරකම මිනිස්සු කොටසක් බදු ගෙවන්න බැහැ. නමුත් සියලු සම්පත් සහ පහසුකම් පළමුවෙන් ඉල්ලන පිරිසක්...

:       1       137

jayath Saturday, 04 August 2018 06:59 AM

මේ බදු ක්‍රමයට අපිත් විරුද්ධයි. ඒ වගේම දැන් තියන දොස්තර මාෆියාවට ඊට වඩා විරුද්දයි මම ජනපතිනම් මේ රොත්තම සයිබීරියාවට පිටුවහල් කරනවා (පුටින් එක්ක කතාකරලා) මේ කාක්කෝ ටික හැමදාම වර්ජනය කරනවා නම් හොඳයි. එතකොට හොඳ දොස්තරලා ටික ඉතිරිවේවි (විශේෂඥ වෛද්‍යවරයකුට මේ රටේ ගෙවන ගණන මදි... එක වෙනම ප්‍රශ්නයක්) එ්ක මිනිස්සු හූරගෙන කන ලයිසමක් කරගන්න එකයි වැරැද්ද..

:       3       130

Shan Saturday, 04 August 2018 07:03 AM

ඉතා හොඳ තීරණයක්. රජයක් හැටියට මේක තහනම් කරලම දැම්මොත් හොඳයි.

:       34       17

රවිඳු Saturday, 04 August 2018 07:48 AM

මෙතන මධ්‍යම පන්තියේ කෙනෙක් ලෙස හිටියට ඔහු නම් තනිකරම හිඟන පන්තියේ අයෙක්. අද කිසියම් තැනක සිටියත්, තමන්ගේ පන්තියවත්, ශරීරයේ තිබෙන ජානවත් වෙනස් නොවන බව ඔහු විද්‍යාත්මකව ඔප්පුකර තිබෙනවා.

:       0       131

dhamneth Saturday, 04 August 2018 09:17 AM

මේ බද්ද අඩුකළ බව පුවත්පත් මගින් දුටුවා.

:       32       1

bandula Saturday, 04 August 2018 09:45 AM

හැමදාම මේ අය මෙහෙම කරනවා නම් රජයේ රෝහල් දියුණු වෙනවා..

:       1       19

sarath perth Saturday, 04 August 2018 09:53 AM

දෙයක් කරන්න කලින් හිතා බලන්නේ නැති ස්ථිර ප්‍රතිපත්තියක් නැති කොන්ද පණනැති ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙල නින්දා සහගතයි.

:       32       30

Medha Saturday, 04 August 2018 12:53 PM

මෙතන අදහස් දා ඇති බොහොමයක්ට නව බදු ගැන අවබෝධයක් නැති බව පේනවා. මෙතන වෛද්‍යවරුන් විරුද්ධ වෙලා තියෙන්නේ අසාධාරණ බදු අයකිරීමට උපයන විට බද්ද 12 සිට 14ට වැඩිවෙනවා. ඊට අමතරව වැට් සහ ආදායම් බද්ද? ඔක්කොම ආදයමෙන් 50% බදු සාධාරණද?

:       0       30

ranjith Saturday, 04 August 2018 02:23 PM

දොස්තරලා මේ සල්ලි කොල්ලකන්න හදන්නේ අසරණ රෝගීන්ගෙන් නේද? ලෝකේ හොඳම සෞඛ්‍යය කියලා කැටපත් අදින්නේ මේකද?

:       2       21

Dias Saturday, 04 August 2018 03:13 PM

රටේ අසරණම වූ කොටසක් වන ලෙඩ්ඩුන්ව බිල්ලට දී තම අයිතවාසිකම් රකින්නට හදන පහත්ම දොස්තරලා ඉන්නේ මෙහි පමණයි.

:       0       18

Chaminda Saturday, 04 August 2018 03:38 PM

පෞද්ගලික සේවය නම් එක දවසයි රජයේ නම් අඛණ්ඩ වැඩවර්ජන කොහොමද වෙනස

:       1       13

Bimal Saturday, 04 August 2018 10:37 PM

මගේ ඥාති දරුවෙකු ඕස්ට්‍රේලියාවේ අර්ධකාලීන රැකියාවක් කරමින් සරසවි අධ්‍යාපනය ලබනවා. වයස 19 යයි. ඔහුත් බදු ගෙවන්න බැඳී සිටිනවා. ඒ රටේ රජයේ සේවකයාත් බදුගෙවනවා. දැන් කියාවි අපොයි ඩොලර් වලින් හම්බු වෙනකොට මොකද බදුගෙවන්න බැරි කියලා. නමුත් එහෙ ජීවෙත් වෙන මිනිස්සුන්ගේ වියදමත් ඩොලර් වලින්ම තමයි. එකම වෙනස මම අසවල් උසස් වෘත්තීය කරනවා ඒ නිසා මට බදු ගෙවන්න බැහැ කියන මෝඩයන් ඒරටේ නැහැ. අපේ රට තවමත් එක තැන ලත වෙන්නේ , කිසිම ආර්ථික කළමනාකරණයක් නැති , නීතිය සැමටම පොදු නැති, විහිළුවක් බදු දේශපාලන රටාවක් ඇති රටක් නිසා .

:       0       35

Jehaan Sunday, 05 August 2018 02:01 AM

දැන් තිබෙන අලුත්ම විලාසිතාව තමයි උගත් වෘත්තිකයන් , දේශපාලුවන්ට හොඳ නම් අපට මොකෝ බැරි කියමින් වෘත්තීය ගරුත්වය කෙලෙසා මහජනතාව අපහසුතාවයට පත් කිරීම . මෙහෙම ගියොත් අට පාස් දේශපාලකයන්ගේත් උගතුන්ගේත් වෙනසක් නැත. දෙගොල්ලන්ගෙන්ම රටට වැඩක් නැත . දේශපාලකයන්ගේ වරප්‍රසාද ගැන ගෝරනාඩු කරන්න රාජකාරි කාලය යොදවන සහ තමන්ට රටෙන් ලැබිය යුතු වරදාන ගැන පමණක් සිතන වෘත්තිකයාගෙන් රටට තියා දෙමව්පියන්ටවත් පලක් නැත.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’’වී ඇළෙවි මණ්ඩලයට වී ගෙනත් නෑ’’
2025 පෙබරවාරි මස 07 54 0

වී ඇළෙවි මණ්ඩලය වී මිලදීගැනීම ආරම්භ කර දින දෙකක් ගතවී තිබුණද ගොවින් එම මණ්ඩලයට වී අළෙවි කර නොමැති බව වී ඇළෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද මහතා අද


ජනපති-ජපාන නිපොන් පදනමේ සභාපති හමුවෙයි
2025 පෙබරවාරි මස 07 154 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්


යුද්දෙට රුසියානු ගිය 59ක් මැරිලා
2025 පෙබරවාරි මස 07 224 0

රුසියන් හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකික තරුණයන්ගෙන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (


තුන්වන පන්තියේ වෙන්කළ ආසන ඉවත්කිරීම අත්හිටුවයි
2025 පෙබරවාරි මස 07 248 0

කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ගමන්වාර හයක තුන්වන පන්තියේ වෙන්කළ ආසන අත්හිටුවීමට ගත් තීරණය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර


ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් තිදෙනකු කටුනායකට
2025 පෙබරවාරි මස 07 899 2

මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් කර , අධිකරණය මග හැර , ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද


ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි
2025 පෙබරවාරි මස 07 859 0

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 101 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 817 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 759 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site