විනීතා එම් ගමගේ
තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ දෛනික පාඩුව අවම වන බව එම දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
එම දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 6578 ක් වන බව එහි වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව දිනක එම දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 18.02 කි.
එහි වාර්ෂික වියදම රුපියල් මිලියන 12,284 ක් වන අතර එය දිනක වියදම ලෙස බැලූව හොත් දිනකට රුපියල් මිලියන 33.65 ක් වේ.
මේ අනුව තැපැල් සේවකයින් වර්ජනයේ යෙදුණු දින අටක කාලය තුළ දෙපාර්තමේන්තුවට අහිමි වී ගිය ආදායම රුපියල් මිලියන 144.16 ක් වන නමුත් එකී දින අටට දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 269.2 ක් ඉතිරි වී තිබේ.
එබැවින් වර්ජනය පැවැති ඉකුත් දින අටට දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 125.04 ක් ඉතිරි වී ඇති බව පෙනී යයි.
තැපැල් දෙපාර්තමේන්තුව 2016 වසරේ රුපියල් මිලියන 5706 ක පාඩුවක් ලබා ඇති අතර එම පාඩුව 2015 වසරේ රුපියල් 5045 ක් ද, 2014 වසරේ 2984 ක් ද වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ 2016 වාර්ෂික කාර්යසාධන වාර්තාව පෙන්වා දෙයි.
|
2012 වර්ෂය (රු.මිලියන) |
2013 වර්ෂය (රු.මිලියන) |
2014 වර්ෂය (රු.මිලියන) |
2015 වර්ෂය (රු.මිලියන) |
2016 වර්ෂය (රු.මිලියන) |
|
| ආදායම | 4952 | 5907 | 6557 | 6711 | 6578 |
| වියදම | 8258 | 8766 | 9541 | 11756 | 12284 |
| ඌණතාවය | (3305) | (2859) | (2984) | (5045) | (5706) |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඉතින් වහලම දාමු...
ඉතින් ඕක වහල දැම්ම නම් සෑහෙන්න ලාබයි නේ.
කැකිල්ලේ නිගමන නිසා අහිංසක මිනිස්සු කී දෙනෙක් නම් දුක් විදිනවද..
ඔව් ඒකනම් ඇත්ත, වැඩ කරන දවස් වල තැපැල් කට්ටිය හොරෙන් පැනලා ඇදුම් මහන, කෑම උයන පාඨමාලා වලට යනවා.
තැපැල් සේවය මහජන සේවය මිස අදායම් උපයන මාර්ගයක් නොවෙයි. ඊමේල් භාවිතය අදායම් අඩුවීමට එක හේතුවක් ඒකට සේවකයෝ වගකිවයුතු නැත
අපේ ටෙලිෆෝන් බිල් එන්නෙත් නැහැ. ඊ බේ පාර්සල් ලැබෙන්නෙත් නැහැ.
පොඩි උන්ට සීනි බෝල දෙනවා වගේ ඔලමොට්ටල කතාවක්
වර්ජන කරන කාලය තුල කිසිවෙකුට වැටුප් නොගෙවිය යුතුයි.
ලංකාවේ දුම්රිය එන්ජින් ක්‍රියා කරුවෙකුගේ වැටුප ලක්ෂ දෙකකට වැඩිය. නමුත් එම ශ්‍රමයේ කිසිදු ඵලදායිතාවයක් නැත. ලංකාවේ වෛද්‍යවරයෙකු වැඩි වැටුපක් ලබා ගනී. නමුත් ඔහු අතිරික්ත වටිනාකමක් නිපදවන්නේ නැත. තවද විශ්ව විද්‍යාල ආචාර්යවරු යනු කිසිදු වටිනාකමක් නිෂ්පාදනය නොකර නිකම් ඉදිමින් වැඩි වැටුපක් ලබා ගන්නා පිරිසකි.
බොරු, පට්ටපල් බොරු හා සංඛ්‍යා ලේඛන යනුවෙන් ප්‍රකට කියමනක් ඇත. තමන් බලන කණ්නාඩිය අනුව සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කිරීමකි මෙය. තනිකරම අසත්‍යයන් මත පිහිටා සත්‍යය විකෘති කිරීමකි. එසේම තොරතුරු විකෘති කිරීම තුළින් ද හරි නිගමනයකට එළඹිය නොහැක.
ලෝකය පුරාම බොහෝ රටවල තැපැල් සේවය ඉටු කරන්නේ පුද්ගලික අංශයයි. තැපැල් දෙපාර්තමේන්තුව තුල වෙනසක් කිරීම අවශ්‍යයි.
Anukumar ට පිළිතුරක්.... දුම්රිය රියදුරෙකු වැඩි වැටුපක් ගන්නේ ජීවිත දහස් ගණනක වගකීමක් ඔහු සතු බැවිනි. වෛද්‍ය වරයකු වැඩි පටුපක් ගන්නේ විශාල කැපකිරීමක් කර වසර ගණනාවක ඉහල අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා ජීවිත සුවපත් කිරීමේ වගකීම ඔවුන් ලබන බැවිනි. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් යනු භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියේ නියුතු අය නොවන අතර, ඔවුන් රටට අවශ්‍ය බුද්ධිමතුන් බිහි කිරීමේ කාර්යයේ නියුතු අයයි. Anukumar, මොවුන් නිකන් සිටින අය ලෙස දක්වන්නේ ඔහු තුල ඇති නුගත් බව හෝ වෛර චේතනාවකිනි. එසේම සෑම වෘතියකම හරි හැටි වැඩ නොකරන සුළු කොටසක් අනිවාර්යයෙන්ම ඇති අතර ඔවුන් නිසා සමස්ථයටම චෝදනා නොකළ යුතුය. ඉහත වෘතිකයන් ලබාගන්නා වැටුපට වඩා විශාල වැටුපක් අද පෞද්ගලික ආයතන වල උගත් කමක් නොමැති පරිපාලකයින් පවා ලබාගන්නා බවත් අමතක නොකරන්න. එසේම නුගත් බහුතරයක් දේශපාලකයින් මීට වඩා විශාල රජයේ මුදල් සහ වරප්‍රසාද ලබා ගන්නා බවත් අප සියලු දෙනා දන්නා කරුණක්.
තැපැල් වෘත්තීය සමිති ක්‍රියා මාර්ග නිසා ආර්ථිකයට වාසියි යන හාස්‍යජනක පුවත ඉඟි කරන්නේ කුමක්ද? වාර්ෂිකව වැඩිවෙන පාඩුව අවම කරගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අමාත්‍යංශ උපදේශකයින්ගේ අසමත්කම නොවේද? ඈත දුෂ්කර ගම්මානයක සිට මෑත මහනගර දක්වා පැතිරී ඇති උප තැපැල්, තැපැල් සහ විශේෂ ශ්‍රේණියේ තැපැල් කාර්යාල ජාලය දෛනික ගනුදෙනු පිලිබඳ මුදල් ගිණුම් පතක් අදාළ පළාත් දිසා ගිණුම් කාර්යාලයට ඉදිරිපත් කරයි. අධිවේගී තැපෑල, විදේශ සහ මෙරට පාර්සල් තැපෑල ගිණුම් වාර්තා දෛනිකව ලබාදෙයි. සන්නිවේදන තාක්ෂණික දියුණුවත් සමග සාමාන්‍ය ලිපි තැපැල් කිරීම අඩුව ඇත. විදුලි පණිවුඩ සේවය වැසි ගියේය. ඉතිරි කිරීමේ බැංකු කටයුතු ජාතික ඉතිරි කිරීමේ බැංකුව පවරා ගත්තේය. රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සේවය නිසා මුදල් ඇණවුම් සේවය ජනතාවට අමතකවෙමින් තිබේ දේශීය සහ විදේශීය පාර්සල් තැපෑල පෞද්ගලික අංශය විසින් ගිල ගනිමින් තිබේ. ලංගම බස් රථ මගින් කෙරෙන ග්‍රාමීය තැපැල් ප්‍රවාහනය අතිශයින් ම දුර්වල නිසා තැපෑල පිලිබඳ විශ්වාසය ග්‍රාමීය ජනතාව අතරින් වියකෙමින් ඇත. මේ කිසිවක් ගැන තැපැල් බලධාරීන් යාවත්කාලින වැඩ පිලිවෙලක් සකසා ඇත්ද? .
ලබාදී ඇති දත්ත අනුව 2012 ඇති පාඩුව 2013 සහ 2014 වසරවල අඩුවෙලා මිලියන් 3000 අඩුවෙන් තිබෙන්නේ. නමුත් 2105 වසරේදී පාඩුව එක්වරම මිලියන් 5045ත නැගල. ඒ මදිවට 2016දි මිලියන් 5700 පන්නල. 2014න් 2105 වෙනකොට පාඩුව එක්වරම මිලියන් 2000 වැඩිවුණේ අයි කියලා මේ දත්ත ලබාගන්න දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්වත් ආණ්ඩුවවත් හෙව්වාද.
10000/= කින් පඩි වැඩිකරනකොට එකපාරටම අදායම වැඩිකර ගන්න පුලුවන්ද ? කොමිස් මුදල් අයනොකර කොතරම් සමාජ සේවා මුදල් ගෙවනවද ? විනීතා ඇම් ගමගේ , ඔබ තැපැල් කාර්යාල වලින් කරන වැඩ මොනවා දැනගෙනද වහලා තියන කොට ලාබය කියල කියන්න. මහජනයට සේවය කරන දෙපාර්තමේන්තු කීයක් ලාබ ලබනවද කියල පුලුවන්ද කියන්න?නොදැන ලියනවට වඩා හොඳා නොලිය ඉන්න එක.
ඇත්තටම වැඩ නොකරන මිනිස්සුන්ට විරුද්දව විනය ක්‍රියා මාර්ගයක් ගන්න යුනියන් ඉඩ දෙන්නේ නැහැ. රට පිරිහෙනවා කියා දෙස් මුර දෙන ජවිපෙ යුනියන් මේ අතරින් ප්‍රදානය්