බිමල් ශ්‍යාමන් ජයසිංහ
ගායන ශිල්පිනියක වන ප්‍රියානි ජයසිංහ කතුරකින් ඇන ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා පානදුර දුම්රිය ස්ථානය අසලදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පානදුර - කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ඇය ඊයේ (8) රාත්‍රීයේ දී සැමියා විසින් ඝාතනය කර ඇති බව මුලික පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතාම අපිට අහන්න ලැබෙන්නේ මිනිස් ඝාතන, ළමා අපචාර, දූෂණ, වංචා... මේවා අද සුළු සිද්ධි බවට පත්වෙලා. විශාල මුදල් ප්‍රමාණය පොලිස් දෙපාර්තමේන්තුවටත්, අධිකරණ අංශයටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත් වෙන්කරනවා. මේකත් පාලකයින්ගේ සාක්කුවෙන් වෙන්කරන මුදල් නොවේ. දුප්පත් ජනයාගේ බදු මුදල්... ප්‍රධාන පක්ෂ තුනම මේවා පාලනය කරන්න තවමත් අසමත්...
සැබවින්ම මේ අපරාධ රැල්ල මර්ධනය කළ නොහැකිද? පක්ෂ දේශපාලනය ගැන සිතන පාලකයිනි. අවදිවෙන්න. මේ අපරාධකාරයින්ගේ හෝරාවයි. අපේ දරුවන්ගේ මාවතේ අපරාධකාරයෝ, තක්කඩි හොරු සහ වංචාකාරයෝ කඳවුරු බදාගෙන සිටිති.
අපි තව දන්දෙමු, මුළු රටටම ඇහෙන්න පිරිත් දාමු (හන්දියක් හන්දියක් ගානේ). හැම මාස් පෝයටම දන්සැල් පවත්වමු. බෝධීන් වහන්සේව කිරි සහ පැන්වලින් නාවමු. සෑයක් වැහෙන්න ආහාර, පලතුරු, අටපිරිකර පූජාවන් පවත්වමු. ව්‍යංජන 108 සහ හෙළ ඔසු වර්ග 108 සහිත බුද්ධ පූජා පවත්වමු. බෝධිය වටා රන් වැටවල් හදමු. පූජාභූමි තව තවත් වැඩි කරමු.
ක්ෂණික කෝපය, ආශාව නිසා අද සමාජය කොච්චර දුරට පිරිහිලාද?
රටක පාලකයන් යම් සේද, පාලනය ජනතාවද එසේමය... පාලකයන් මිනීමරුවන්, තක්කඩියන්, හොරුන්, වංචාකරුවන්, මැරයන්, කුඩු මුදලාලිලා, කසිප්පු කාරයන් වනවිට, රටේ ජනතාවද එසේම වෙනවා. පාලකයින් ජනතාවට ආදර්ශයක් වනසේ පාලනය කරනවා නම්, මෙසේ සිදුවන්නේ නැහැ.
"ලිච්ඡවි පාලනය තමයි මේවාට මූල බීජය". අරාබි කරයේ තියෙන "ෂරියා නීතිය" ලංකාවේත් ස්ථාපිත කළොත් මිනීමැරුම්, වංචා -දුෂණ වලට සදහටම තිත තැබිය හැකියි.
සංජීව, අපේ ජිවිතයේ දාර්ශනික සහ සාමාන්‍ය ජීවිතය නම් කොටස් දෙකක් ඈත. එහෙත් මේ දෙක සම්බන්ධ කරන පාලමක් නැත. එදිනෙදා ගතකරන පව්කාර ජීවිතය සහ ඔබ සඳහන් කළ ලැයිස්තුවම අපේක්ෂිත උසස් ජීවිතයක් වෙත අප කැඳවාගෙන නොයයි. ආගම යනු ළමයෙකුගේ සෙල්ලම් බඩුවකි. සත්‍යය යටපත් කරමින් අවිද්‍යාව හඳුන්වා දෙන යතිවරුන්ගේ විශේෂ ආකෘති ඇතුළත අප කොටුකර තිබෙන සමාජ පහසුකම්ය. මේ කෘතීම භෞතික සංස්කෘතිය වැළඳගත් සමාජය උත්තර මානව සංකල්පය ප්‍රතික්ෂේප කරමින් සිටියි. ආදරය වේවා, රාගය වේවා, වෙනත් යමක් වේවා මිනිස් ජීවිතයකින් පලිගන්න කෝපයක් නේද...?
රටේ පාලකයින් පඹයින් වුණාම කුමන කතාද?
රන්ජනී ළමයෝ, රටේ පාලකයන් තෝරා ගන්නේ ඡන්ද බලය තියන අයගේ ඡන්දෙන් නේද? ඒ අයත් හොරු, මේ අයත් හොරු, බැලු බැලු පැත්තේ හොරු. මේ අපරාධ රැල්ල මර්ධනය කරන්නේ කොහොමද..? පුරුෂයා බිරිඳව මරනවා, පුත්තු තාත්තව මරනවා, තාත්තා දුවට අඩන්තේට්ටම් කරනවා, හාමුදුරුවෝ සාමනේරයින්ට අඩන්තේට්ටම් කරනවා. මේවා නතර කරන්න හැම ගෙදරකම පොලිසියක් දාන්න වේවි! මේ රටේ ඉන්න අයට දැන් කිසිම චාරයක් නැහැ. අපි දැන් බුද්ධාගම කියලා අදහන්නෙත් අමුතුම විදිහට මොඩිෆයි කරපු ආගමක්. එ්කේ විදිහටවත් යහපතක් වෙන්න හැම ගෙදරකටම බෝධියකුයි, වෙහෙරකුයි තවත් ඕනෑ නම් හාමුදුරු කෙනෙකුයි ලබා දෙමු. හැම ඉඩමකම වෙහෙරක් සහ අසූඅටරියන් බුදු පිළිමයක් හදමු. අහන අයගේ කන් බිහිරි වෙන්න පුළුවන් තරම් හයියෙන් බණ සහ පිරිත් දේශනා දමමු. භාවනා පුහුණුකර සෝවාන් වැනි විභාග පවත්වා සහතික දෙමු.
මේක පාලනයේ වැරැද්ද නෙවේ... මිනිසුන් පිරිහිලා ... ගුණ දම් ඈත් වෙලා.. මතට ලොල් වෙලා...
නැහැ ඉතින් මම කිව්වේ අපිමනේ කියන්නේ ලෝකේ උතුම් රට ලංකාවයි කියලා. පිරිසිදු නිර්මල බුදු දහම, ථෙරවාදී බුද්ධාගම තියෙන්නේ සිරි ලංකාවේ කියලා.
රට හදන්න පුළුවන් මිනිස්සුන්ට මිසක් දේශපාලකයන්ට නෙවේ. මොකද ආගමත් දෙවියනුත් දේසපාළුවනුත් තනන්නේ මිනිසුන් වන නිසා.
සමාජය දියුණුවේ රහස. හැම දෙමාපියකටම තමන්ගේ දරුවන්ට කියන්න ගොඩක් හොද දේවල් තියනවා තමන්ගේ කාලේ තිබිච්ච. දියුණුවෙන තරමටම පරිහානියට පත්වෙලා. මම කියන දේ ඉස්මතු වෙලා අපි කියනවට වඩා. සල්ලි, බලය, තණ්හාව ඉස්මතු වෙලා.
ආගමක් පිළිනොපැද්දට කිසිම බාධාවක් කාගෙන්වත් නැහැ. රටේ පවතින නීතිය හරියට ක්‍රියාත්මක කරනවානම් කිසිම ප්‍රශ්නයක් නැහැ.