(ඉන්දිකා රාමනායක)
කොළඹ වරායට නාවික සැතපුම් 11.6 ඔබ්බෙන් වු මුහුදු ප‍්‍රදේශයේ දී අනතුරට පත්ව තිබු ‘‘මුතා පයනියර්’’ නැමැති වෙළෙඳ නෞකාවේ සිටි කපිතාන් ඇතුළු නාවිකයන් 11 දෙනෙකු අද (26) අලුයම නිරුපද්‍රිතව බේරාගත් බව නාවික හමුදාව කියයි.
ඩොමිනිකා ධජය යටතේ යාත‍්‍රා කරමින් තිබු මෙම වෙළෙඳ නෞකාව එහි කපිතාන්වරයාට පාලනය කර ගැනීමට නොහැකිව වම් පසට ඇලවී ඇති බවත් මේ සම්බන්ධයෙන් නාවික හමුදාව වෙත දැනුම් දීමෙන් පසු නාවික හමුදාව වේ.
ප‍්‍රහාරක යාත‍්‍රා දෙකක් කඩිනමින් ඒ දෙසට යවා නෞකාව තුළ සිටි පිරිස බේරාගෙන කොළඹ වරය වෙත රැගෙන ආ බවද නාවික හමුදාව සඳහන් කරයි.
එම පිරිස අතර ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයකු සිටි ඇති අතර නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කර ඇත්තේ ශි‍්‍ර ලංකිකයෙක් බවද නාවික හමුදාව කියයි.
‘‘මුතා පයනියර්’’ මෙම නෞකාව ඉන්දුනීසියානු ජාතියෙක්ට අයත් නෞකාවකි. බේරාගත් පිරිස කොළඹ වරාය පොලිසියට බාර දී ඇත.



2025 දෙසැම්බර් මස 18
63
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
136
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනතුරට පත් නෞකාවේ සිටි 11 ක් නාවික හමුදා සහයෙන් බේරා ගනිති