(රංජන් කස්තුරි)
අගමැතිවරයා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි නොපිළිගන්නවානම් සහ ජෝන් අමරතුංග ඇමැතිවරයා කාලගුණ අනාවැකි විහිළුවට ලක් කරනවානම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසා දැමිය යුතු යැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
අගමැතිවරයා කාලගුණ අනාවැකි නොපිළිගන්නා බව පැවසූ බවත් ජෝන් අමරතුංග ඇමැතිවරයා ඒවා විහිළුවට ලක් කරන බවත් කියමින් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ආපදා කළමනාකරණ ඇමැතිවරයා එසේ කීවේය.
අගමැතිවරයා එවැන්නක් ප්‍රකාශ නොකළ බවත් ඔහු කියා ඇත්තේ කාලගුණ අනාවැකිවල අඩුපාඩු ඇති බව පමණක් බවත් අද(31) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණ සිටි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා පැවසීය.
මේ අතර අනතුරුදායක කාලගුණික තත්ත්වයකදී ජනතාව නිවෙස්වලින් ඉවත් කරවීම සඳහා දැඩි නීති සම්පාදනය කළ යුතු යැයි ද ආපදා කළමනාකරණ ඇමැතිවරයා එහිදී කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි, ඒ විතරක් නෙවේ... ව්කුණලාම දාමු, එතකොට එකෙනුත් කීයක් හරි ලැබෙනවනේ...
ආපු ගමන් අගමැතිවරයාට ඇඟිල්ල දික්කරන්නේ නැතිව ටිකක් හොයල බලන්න. කොතැනද වැරදුණේ කියලා...
ආහ්... මේ ඇවිල්ලා ඉන්නේ !!!
ආපදා අවස්ථාවක ආපදා ඇමති රටේ නැත්නම් වෙන කුමක් කරන්නද?
අනුර යාපා ඇමතිතුමාව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට මාරුකළා නම් හොඳයි නේද? ඕස්ට්‍රේලියාවේ මීට සුදුසුකම් නැති මිතුරෙක් ඇමති උපදේශක හැටියට බඳවා ගෙන තියන්නේ ඇයි?
අනාවැකි අනුව වැඩ කරන්න ගිහින් හොඳටම අනාගත්ත මතක නැද්ද?
අපි ඔබතුමාව හෙව්වානේ... හැංගිලාවත් හිටියද?
ඉස්සෙලම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමන්ගේ විශ්වාසනීයත්වය තහවරු කරගත්තොත් හොඳයි. අවරුදු ගාණක් ගතවුණත් ඩොප්ලර් රේඩාර් එක සවිකර ගන්න බැරිවෙලා. ඒ ඇරත් ඉන්දියන් සාගරය උඩ තව කාලගුණ චන්ද්‍රිකා කීයක් තියනවද? ප්‍රාදේශීයව කොච්චර දත්ත එකතුකරනවද? මේ ඔක්කොම එක්ක එකතු කරලා හදන්න බැරිද මොඩලයක්? අපටපුළුවන් දියුණු රටවල තාක්ෂණය පාවිච්චි කරන්න. එහෙ පැයෙන් පැයට අනාවැකි දක්වනවා. දෙකට වහිනවා කිවොත් වහිනවම තමයි.
කොහේද ඔබතුමා හිටියේ... අපි හිතුවා අපදාවකට ලක්වෙලා කියලා...
ඔය කියන එව්වා වැඩිය හිතට ගන්න එපා. මේ කියනවා මේ මතක නැහැ.
අගමැති විතරක් නෙමේ... ඕනෑම කෙනෙක් කාලගුණෙන් කියන අනාවැකිය විශ්වාස කරන්නේ නැහැ. ඇමතිතුමා... හෙට වහිනවා කියුවොත් වහින්නේ නැහැ... පායනවා කියුවොත් අනිවාර්යයෙන් වහිනවා... අපි පොඩි කාලේ ඉඳන් අද වෙනකන් ඕකෙන් කියුදෙයක් හරි ගිහින් තියෙනවද?
මට නම් හිතෙන්නේ මේ වගේ ආයතන නිරපරාදේ නඩත්තු කරනවා කියලයි. ඔය කියන ඒවා විශ්වාස කරන්න අමාරුයි.
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අපේ ගිනි නිවන හමුදාවට පමණයි දෙවැනි වන්නේ... එහෙම නේද?
අනේ මන්දා... අපට ආරංචි වුණවිදියට නම් මේ අමාත්‍යාංශය තුල හදිසි ආපදාවකදී තිබිය යුතු කිසිම සැලැස්මක් තිබිල නැහැ. ඊළඟට ඉතින් ඇමතිතුමා පිටරට රාජකාරි සංචාරය ඉවරවෙලා තව තව දිහා ගිහිල්ල තමයි ඇවිල්ලා තියෙන්නේ. කොහොම වුණත් කිල්ලෝට වල තියන හුණු ටික ටික එළියට එනවා වගේ....
කාලගුණය ක්ෂණයකින් වෙනස්වෙන තාක් එකටම පැවසිය හැකි දෙයක් නොවන බව දේශපාලකයෝ තේරුම්ගත යුතුයි. විධායකයෝ ඒවාට පිළිතුරු දෙයි. දේශපාලකයින්ට කල් ඇතුව ජනතා ප්‍රශ්න තේරුම් නොවීම නම් මෙම ඛේදවාචකයටත් වඩා දරුණුයි.
ඕක වහනවට වැඩිය නරකද ඕකට හරියට වැඩකරන පිරිසක් දැම්මා නං...
අගමැතිතුමා මම හිතන්නේ නිවැරැදියි 2015/01/08 පත්කරගත්ත ජනධිපතිවරයාගේ එදා කිව්ව කතායි දැන් කියන කතායි විස්වාස කරන්න බැරුව කොහොමද? හිතක් පපුවක් නැති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගැන කුමන කතාද ඉතින්
කාලගුණ දෙපාර්තුමේන්තුව කෙසේ වෙතත් කාලගුණය නම් කොහොමත් විස්වාස කරන්න එපා
අම්මෝ ඇති යාන්තං ...අැමතිතුමා ඇවිල්ලා.
ඇමතිතුමනි ඔබතුමාගේ අදහස නම් හරියටම හරි....
වරද තියෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නෙවෙයි එතන වැඩ කරන අයගේ. එයාලා කිවුවා 29 , 30 හොදටම වහිනවා කියලා හැබැයි හොදට පැව්වා. හොදටම වැහැල මෙච්චර විනාසයක් වුනා. නමුත් ඔය දෙපාර්තමේන්තුවට පොඩ්ඩක්වත් කලින් දැනගන්න බැරි වුනාද මෙච්චර ලොකු වැස්සක් වහිනවා කියලා. මි මී 500ක් වහිනවානම් අඩුම ගන්නේ 250ක්වත් වහිනවා කියලාවත් දැනගන්න බැරි අපේ තාක්ෂණයේ දුර්වලකමද එහෙමත් නැත්නම් එතන වැඩකරන නිලදාරීන්ගේ දුර්වලකමද. අඩුම ගානේ එහෙමවත් දෙයක් දැනගෙන රටේ මිනිස්සුන්ව දැනුවත් කරලා මේ වගේ විනාසේ යම්තාක් දුරකටවත් අඩුකරගන්න බැරිනම් මහජන මුදලින් නඩත්තු කරකර ඔහොම තියනවාට වඩානම් හොදයි ඕක වහලා දාලා වේයෝ, ගෙම්බෝ වගේ සත්තු ටිකක් ඇතිකලානම් මොකද වහිනකොට ඒ සත්තුන්ට ඔයිට වඩා හොදට තේරෙනවා.
මහදැනමුත්තගේ නුවණ
මුළු පාර්ලිමේන්තුවම වහල දාපු දාට තමයි ලංකාවට හරියන්නේ. හුණු කන කෙනා, අනික් හුණු කන කෙනාටම කිල්ලොටයෙන් දමල ගහන එක පුදුමයක් නොවෙයි.
බිබිසී රූපවාහිනී සේවය මේ විනාශය සිදුවෙන්න සතියකට කලින් මේ විනාශය ගැන අනාවැකි කිව්වා. මිලිමීටර් 300 කට වඩා වහින බව කීවා.. ගංවතුර,නායයාම් ගැන කිව්වා. මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේවා තුට්ටුවකටවත් ගණන් ගත්තෙ නෑ. ලංකාවෙ රාජ්‍ය සේවය කොච්චරනම් නොදියුණුද ?
ජොලියේ ඉඳල ඔක්කොම වුණාට පස්සේ ඇවිල්ල දැන් සුපුරුදු කතාවම කියනවා. සත පහකට වැඩක් නෑ....
අපේ රටේ ගොඩක් මිනිස්සු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට බනිනවා. මේ අය දන්නේ නෑ අනාවැකිය කියන වචනේ තේරුමවත්. අනාවැකියක් කියන්නේ වෙන්න හෝ නොවෙන්න හැකියාවක් තිබෙන ප්‍රකාශයක්. ඒ නිසා එය නොවෙන්න හැකියාවක් බෝහෝ දුරට තියෙනවා. ඒකනේ ඒකට කාලගුණ අනාවැකිය කියන්නේ. ඉස්සෙල්ලා අනාවැකිය කියන එකේ තෙරුමවත් ඉගෙන ගන්න. සුනාමියක්, භූමිකම්පාවක් කලින් කියන්න තාක්ෂණය දියුණුයි කියන රටවල්වලටවත් බෑ.
කාලගුණ දෙපාර්තමේන්තුව කියපු ඒවා 100% නිවැරදී නැතිවුණත් බොහොදුරට සාර්ථකව කියල තියෙනවා. හැමෝම කාලගුණ දෙපාර්තමේන්තුවට දොස් කිව්වට ඒ බොහෝ දෙනෙක් නිවැරදිව අනාවැකිය අහල තේරුම් අරගෙන නෙවෙයි කතාකරන්නේ. තමන්ට වැස්ස නැතිනම් වැස්සේ නැහැයි කියල කියන එක සාධාරණ නැහැ. මම සොයා දැනගත් දේ අනුව...,ශ්‍රී ලංකාව කියන්නේ විශාල සාගරයකින් වටවුණු කුඩා දුපතක්, ඒ වගේම එ්කේ භූ විෂමතාව ඉතා සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නනේ ලංකාවේ හරස් කඩක් ගත්තොත් පළල කි.මී.219 වෙනකොට භුමියේ උස මුහුදු මට්ටමේ ඉඳල මීටර 2800 පමණ වෙනකන් වැඩිවෙනවා.ඒ වගේම ලංකාව පිහිටලා තියෙන්නේ සමකාසන්නව ඝර්ම කලාපයේ. මේ කලාපයේ වායුගෝලය ඉතා අස්ථායි අතර වේගයෙන් වෙනස් වෙනවා. ලංකාවට දකුණින් විශාල සාගරයේ දත්ත ලැබෙන්නෙත් ඉතා අඩුවෙන්. මෙවැනි හේතු නිසා කාලගුණ අනාවැකි කරණය ඉතා අපහසු රටක් තමයි ලංකාව කියන්නේ.
හොරු ටික අපේ මුදල් වලින් වැජබෙනවා. දෙසිය ගානක් අහිංසක මිනුස්සු මැරුණ වෙලාව තුල අගමැති පැනල ගිහින්. අහිංසක ජනයාගෙන් ඡන්දය අරන් කරන මෙයා වාගෙඉ නායකයින්ට . සාපය වදිනවා අහිංසක මිනුසුන්ගේ . සාපය පාපය සමග යනබව කොව්රුත් දන්නවා
මෙචර දෙයක් වෙලත් හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න සල්ලිත් මදිවුණා. අනිත් අය දැන් විකාර කියවනවා. සමහර මුස්ලිම් ඇමතිවරු මුළු රක්ෂිත වනයම අල්ලනවා. උතුරේ ඉන්න කවුරුවත් එක වචනයක්වත් කිව්වද? දකුණට වුණ විනාශයට එහෙම වුණාට දකුණේ මිනිස්සු ලොරිගණන් වලින් තමා බෙදුවේ...