
එංගලන්තයේ එළිසබෙත් මහ රැජිනගේ මුණුබුරු හැරී කුමරුන් සමග විවාහ වීමත් සමග සසෙක්ස් හි ආදිපාදවරිය ලෙස නම් කෙරුණු ඇමෙරිකානු ජාතික මෙගන් මර්කල්ට හිමි රාජකීය නිල ලාංඡනය, ෙකන්සින්ග්ටන් මාලිගය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී.
මල් පිපුණ තණ බිමක් මත දකුණු පසින් හැරී කුමරු සංඛේතවත් කරමින් සිංහයෙකු ද, වම්පසින් මෙගන් මර්කල් සංඛේතවත් කරමින් ඔටුන්නක් ගෙල වටා පැළඳි නයිටින්ගේල් පක්ෂියෙකු ද අල්ලාගෙන සිටින බ්‍රිතාන්‍ය කිරීටය දරන පළිහක් සහිත සංඛේතය, සසෙක්ස් ආදිපාදවරියෙග් රාජකීය නිල ලාංඡනය වේ. මෙගන් මර්කල් උපත ලද කැලිෙෆා්නියා ප්‍රාන්තය මුහුණලා සිටින පැසිෆික් සාගරය සංඛේතවත් කිරීම සඳහා, මෙම පළිහේ නයිටින්ගේල් පක්ෂියා විසින් අල්ලාගෙන සිටින වම්පස නිල් පැහැයෙන් වර්ණ ගන්වා ඇත. කහ පැහැති ඉරි දෙකින් කැලිෆෝනියවේ හිරු එළිය ද, පිහාටු තුනෙන් වචනයේ බලය ද සංඛේතවත් කෙරේ.
මෙගන් මර්කල්ගේ අධීක්ෂණය යටතේ තෝමස් වුඩ්ලොක් විසින් නිර්මාණය කර ඇති මෙම රාජකීය නිල ලාංඡනය ප්‍රසිද්ධ කිරීමට පෙර එළිසබෙත් මහ රැජිනගේ අනුමැතිය ලද බව ද ප්‍රකාශ වේ. එංගලන්ත රජ පවුලේ සෑම සාමාජිකයෙකුටම ම තමන්ට හිමි නිල ලාංඡනයක් ඇත.
සසෙක්හි ආදිපාදවරිය ලෙස පිළිගැනෙන මෙගන් මර්කල්ගේ රාජකීය නිල ලාංඡනය මේ සමග දැක්වේ.
ගැස්කොන් ලාසරස්.
රෝමය, ඉතාලිය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එංගලන්තයේ රාජකීය පවුලට එක්වූ මෙගන් මර්කල්ටත් නිල ලාංඡනයක්