
ඇෆ්ගනිස්ථානු මුජහිඩීන් ත්‍රස්ථවාදීන් විසින් 1987 දී ගුවන්යානා නාශක මිසයිල ප්‍රහාරයකින් බිම හෙළන ලද සෝවියට් රුසියානු ප්‍රහාරක යානයක් පැදවූ නියමුවකු, වසර තිහකට පසුව ඇෆ්ගනිස්ථානු සිර කඳවුරක සිටියදී හමුවී ඇති බවක් වාර්තා වේ.
වසර තිහක් සිරකඳවුරුගතව සිටීමෙන් මෙම ගුවන් නියමුවා මානසික ව්‍යාකූලතාවයෙන් පෙළෙන බවද, තම නම හෝ ගම පිළිබඳව මතකයක් නැති බවද වැඩි දුරටත් වාර්තා වේ. මෙම නියමුවා පිළිබඳව සියළු තොරතුරු ඇලෙක්සැන්ඩර් මිරනෝෆ් නමින් දැනටමත් සෝවියට් රුසියාවට දැනුම් දී ඇත. එහෙත් සෝවියට් දේශය කියන්නේ 1987 දී ඇෆ්ගානු අහස් සීමාවේදී බිම හෙළන ලද එකම සෝවියට් ප්‍රහාරක යානයේ නියමුවා ලෙස කටයුතු කළේ සර්ජි පැන්ටල්යුක් නැමැති නියමුවා බැවින්, මේ ඔහු වියයුතු බව ය. සර්ජි පැන්ටල්යුක්ගේ නම ද මුලදී සටනේදී අතුරුදන්වූවකු ලෙස ලයිස්තුගතව තිබී, පසු කාලීනව යුද්ධයේදී මියගිය අයෙකු ලෙස වාර්තාගතව ඇත. මෙම ගුවන් නියමුවා හැකි ඉක්මනින් සෝවියට් දේශයට ගෙන්වා ගැනීමට මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් ඇත.
සර්ජි පැන්ටල්යුක් විසින් ඇෆ්ගන් යුද්ධයේදී පදවන ලද වර්ගයේ ප්‍රහාරක ගුවන් යානාවක් ඡායාරූපයෙන් දැක්වේ.
ගැස්කොන් ලාසරස්
රෝමය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇෆ්ගනිස්ථානයේදී අතුරුදන් නියමුවා වසර 35කට පසු හමුවෙයි !