IMG-LOGO

2023 ඔක්තෝබර් මස 01 වන ඉරිදා


ශක්තිය සහ දිශාව නින්දට බලපාන හැටි

 

 

 

අදහස් දැක්වීම - කේ.සී.ජේ. රත්නායක

ලෝකයේ පුද්ගල ජීවිතයේ අත්හරින්නට බැරි කොටස් වලින් මනුෂ්‍ය සත්වයකුට සුවදායී "නින්ද" සැබවින්ම සම්පතකි. එමෙන්ම නින්ද මිනිසාගේ පැවැත්මට අතව්‍යශයම සාධකයකි.සුවදායී නින්දක් නොලැබෙන අයෙකුට සුවපත් දිවියක් ගෙවීම ඉතාම අසීරැය.නින්ද පිළිබඳ නූතන විද්‍යාවෙත් පැරණී විද්‍යාවන් තුළත් බොහෝ කරැණූ සඳහන් වුවත් ඒ කරැණු බොහොමයක් අප්‍රකටය.කෙසේ නමුත් සුවදායී නින්දක් අපේක්ෂා කළත් ඔබටත් රාත්‍රියට සැනසිලි දායක නින්දක් ලැබෙන්නේ නැද්ද?සුව නොවන හිස කැක්කුම් පීඩනයන් වලින් ඔබත් පීඩා විඳිනවද?මේ කතාව ශක්තීන් සහ දිශාව ඔබේ නින්දට බලපාන ආකාරය පිළිබඳවයි.

බොහොම කාලයක ඉඳන් මිනිසාගේ නින්ද පිළිබඳ විවිධාකාර පර්යේෂණ සිදු කරලා තියෙනවා.මේ ගැන කරපු පර්යේෂණ,නිබන්ධන ලිපි ලේඛන දවසින් දවස අපට දකින්න ලැබෙනවා.ඒ බොහොමයක් අපිට දකින්නට ලැබෙන්නේ මේ නූතන විද්‍යාව පදනම් කරගත්ත දැනුමක් හැටියට.නමුත් අපි ගියොත් පැරණි හෙලනීසියානු දැනුම් පද්ධතියට ලෝකයට බිහි වෙන්නේ ග්‍රීසිය ඊජිප්තුව වැනි රටවල් මුල් කරගෙන.

අන්න ඒ පැරණි දැනුම් පද්ධතිය අනුව නින්ද සඳහා ඔවුන් පාවිච්චි කරපු පැරණි මූලධර්ම සොයා යන්න පුළුවන්. ඒ දේවල් අදටත් ප්‍රායෝගිකයි,තර්කානුකූලයි. අපි ජීවත් වන ලෝකය සහ ලෝකයට බාහිරින් තියෙන සියළුම ග්‍රහවස්තූන් හැමදෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ ශක්ති සහ පදාර්ථ වල ගණිතානුසාරී සහ කිසියම් ජ්‍යාමිතික රටාවක් අනුවයි.ඒ හැම එකකම නිශ්චිත රටාවක්, නිශ්චිතමය ගණිතමය දොරක් ,ගණීතමය අනුපාතයක් සහිතයි.

මෙම විද්‍යාවන් අනුව කෙනෙක් නිදා ගැනීම සඳහා පාවිච්චි කරන දිශාව සහ නින්ද සම්බන්ධයෙන් ලොකු සම්බන්ධයක් තියෙනවා.විශ්වය හැදිලා තියෙන ශක්ති සහ පදාර්ථ හැම විටම ගමන් කරන්නේ කේන්ද්‍ර අභිසාරී රටාව සහ කේන්ද්‍ර අපසාරී කියන රටාව අනුවයි.සරලව කිව්වොත් මධ්‍යයේ සිට පරිධිය දක්වාත් පරිධියේ සිට මධ්‍ය දක්වාත් ශක්තිය ගමන් කරනවා.මේ අනුව තමයි යම යම් දිශාවන් තුළ කාලය අනුව ශක්තිය අඩු වැඩිව පවතින්නේ.

නින්ද ගැන ජන්මපත්‍රයෙන් කියන්න පුළුවන්.

හෙලනීසියානුවන් නින්ද පිළිබඳ එක එල්ලේ විග්‍රහ කර නැතත් ඒ ශාරීරික ක්‍රියාකාරකම් සහ ශක්තීන් අතර තියෙන සම්බන්ධය අපූරැවට විස්තර කරලා දීලා තියෙනවා.ප්‍රධාන වශයෙන් කෙනෙකුගේ කේන්දරය අනුව හතරවැන්න ,අට වැන්න ,දොළොස්වැන්න මේ කියන ස්ථාන තුන කෙනෙකුගේ නින්ද සම්බන්ධයෙන් කියැවෙනවා.හතරවැන්න කියන්නේ සිතුවිලි ගලාගෙන එන තැන.නිදිමත, කල්පනාව ඇති වන්නේ හතරවැන්න ක්‍රියාත්මක වීමෙන්.අටවැන්නෙන් සම්බන්ධ වෙන්නේ නිදා ගැනීම සඳහා සම්බන්ධ කරන රසායනික ක්‍රියාවලියක් ශරීරය තුළ ආරම්භ වීම.දොළොස්වැන්නෙන් සිද්ධ වෙන්නේ පියවි ලෝකයෙන් ඔබ්‍බට අරගෙන ගිහිල්ලා නින්දකට පත් කිරීම.මේ ග්‍රහ පිහිටීම් විවිධ කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුළුවන්.එමගින් ශක්ති ගලා යෑමට යම් යම් බාධාවන් ඇති කරන්න පුළුවන්.

එතකොට කෙනෙක් ගැඹූරැ නින්ද ට පත්වෙලා එකවරම ගැස්සිලා ඇහැරෙන්න පුළුවන්,හරියට ඇඳත් එක්ක උඩට විසිවෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඊට පස්සේ කෙනෙකුට එළිවෙනකම් නින්ද නොයන්න පුළුවන්.නෙප්චූන් ග්‍රහයා කෙනෙකුගේ උත්පත්ති කේන්දරයේ අටවැන්නේ පිහිටනවානම් විසකුරැ විදිහට ඒ පුද්ගලයාට උත්පත්තියෙන්ම නින්ද පිළිබඳව දෝෂ සහගතභාවයන් හට ගන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී කෙනෙක් නින්ද යන්න නිදි පෙති ගන්නවා.ඒ අය මත්ද්‍රව්‍ය හා සමානවම නිදි බෙහෙත් වලට ඇබ්බැහි වෙනවා. සමහර කෙනෙක් නින්දට පෙර විවධ මත්ද්‍රව්‍ය අරගෙන නින්දට යනවා. ඒවායින් ඇති වෙන්නේ මත් ගතියක් මිසක් ස්වාභාවික නින්දක් නෙමෙයි.මෙතනදි මත් වෙලා යන නින්ද හරිම වෙහෙසකරයි. පූර්ණ නින්ද හරිම සනීප දායකයි. මේ දේවල් වෙනස් කරගන්න පුළුවන් පිළියම් තියෙනවා.

බටහිරට හිස දමා නිදාගැනීම ඇත්තටම අසුබද?

අපේ සාමාන්‍ය ජනයා අතර බොරැ මිත්‍යාවක් තියෙනවා බටහිර අසුබයි කියලා.ඒ වගේම මිනිස්සු අතර විශ්වාසයක් තියෙනවා බටහිර අසුබ දිසාවක් ඒ පැත්තට ඔළුව දාලා නිදාගන්න එපා කියලා. මුලින්ම කියනවා ඔය කියන ශක්ති විද්‍යාවෙ දැනුම් පද්ධතිය අනුව නම් බටහිර කියන්නේ ඉතා බලවත් දිසාවක් මිස නිදාගැනීමට හෝ අනෙක් ඕනෑම සුභ කටයුත්තක් සඳහා මගහැරිය යුතු දසාවක් නෙමෙයි. අපේ සමාජයේ තියෙනවා යම් සංස්කෘතිමය වශයෙන් හෝ යම් විශ්වාසයක් කෙනෙක් මිය ගියහම ඒ මළසිරැරේ හිස තැන්පත් කරලා තියන්න ඕනැ බටහිරට දිශාවට කියලා. ඒ නිසා බටහිර කියන්නේ හරිම අසුභ දිසාවක් කියලා එමගින් සමාජයට කාන්දු වෙලා තියෙන්නේ වැරදි මතයක්. බටහිර මළවුන්ගේ දිශාව කියලත් සමහරැ හඳුන්වනවා. එහෙත් අපි කතා කරන හෙලනීසියානු ශක්ති විද්‍යාව අනුව බටහිර දිශාව කියන්නේ ඉතාම සුබ දිසාවක්.යම් කෙනෙක් බටහිර දිශාවට හිස දාලා නිදාගන්නවා නම් ඔහුට ඒ ගැන අනියත බියක් ඇති කර ගතයුතු නැහැ.නිදා ගැනීම සඳහා බටහිර සුදුසු දිශාවක් හැටියට වටහා ගැනීම මුලින්ම ප්‍රමාණවත්.

දිශාවකට පුළුවන්ද ජීවිතයකට බලපෑම් කරන්න

නින්ද සඳහා කිසිසේත්ම පාචිච්චියට සුදුසු නැති දිශාවන් තුනක් පිළිබඳව මේ හෙලනීසියානු විද්‍යාව ක්‍රමය තුළ කියවෙනවා.ඒයින් ප්‍රධානම දිශාව තමයි උතුර. දිගු කාලීනව උතුරැ දිශාවට හිස දාලා කෙනෙක් නිදා ගත්තොත් ශාරීරික වශයෙනුත් ,මානසික වශයෙනුත් ඉතාම අහිතරකයි කියලා අපිට සනාථ වෙලා තියෙනවා. නින්ද සඳහා ඊ ළඟට තියෙන අනුචිත දිශාව තමයි ඊසාන දිශාව.ඊසන දිශාවට දිගු කාලයක් තිස්සේ හිස යොමු කරලා නිදාගන්නවනම් යම් කෙනෙක් ශාරීරිකව හා මානසිකව යම් අර්බුධයන්ට පසුබෑම් වලට ලක්වෙන්න පුළුවන්.ඒ ඇතැම් පීඩාවන් කෙටි කාලීන රෝගාබාධ හැටියටත් ඇතැම් ඒවා දිගු කාලීන රෝගාබාධ හැටියටත් ,කෙනෙකු උත්පත්තියෙන් ගෙනාපු රෝගාබාධ ඉස්මතු කිරීම සඳහාත් මේ නිදාගන්න දිශාව බලපානවා.

අනෙක් දිශාව තමයි ගිනිකොන දිශාව.හැබැයි ගිනිකොණ දිශාව උතුර සහ ඊසාන තරම්ම නරක නැති වුනත් ගිනිකොන දිශාව නිදාගැනීමට උචිත දිසාවක් හැටියට ගන්නේ නැහැ.ඊ ළඟට ගිනිකොනට පසුව වයඹ දිසාවත් නිදාගැනීමට සුදුසු දිශෘවක් හැටියට පාවිච්චි කරන්නේ නෑ.ඔබ නොදැනුවත්ව හෝ නිදා ගන්නේ මේ දිශාවන්ට නම් අදම හිස දාන පැත්ත වෙනස් කරන්න.

 

නින්දට මානසික සුවය කැන්දන දිශාවන්

 

පුද්ගලයෙකුට නිදාගන්න සුදුසුම දිශාව තමයි දකුණු දිශාව.ඒ කියන්නේ උතුරට ප්‍රතිවිරැද්ධ දිශාව.එහෙම නැත්නම් නැගෙනහිරත් නිදාගන්න සුබ දිශාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.හැබැයි නැගෙනහිර දිශාව ට හිස දැමීමේදී පරිස්සම් වෙන්න ඕනැ මොකද නැගෙනහිර දිශාව පිහිටන්නේ අපි මුලින්ම අනුචිතයි කියපු දිශා දෙකක් මැදට.දකුණු පැත්තට බර වුනොත් ඊසාන.වම් පැත්තට බර වුනොත් ගිනිකොන.අනුචිත දිශා දෙකක් මැද නැගෙනහිර තියෙන නිසා ඒක හරියටම මාලිමාවක් පාවිච්චි කරලා දිශාව තෝරා ගැනීම සුදුසු වෙනවා.ඊට පසුව අපිට පේනවා නිරිත දිශාව සහ බටහිර දිශාව මේ දිශාවනුත් පාවිච්චියට ගන්න පුළුවන්.වයඹ දිශාවත් අගුණ නැහැ හැබැයි වඩාත් හිතකර කියන ලැයිස්තුවට වැටෙන්නේ නෑ.

අසුභ දිසාවන් මානසික නිදහසට, නින්දට විනකටින හැටි

අසුභ දිශාවන්ට හිස දාලා නිදා ගත්තාම නොදැනුවත්වට තමන්ට එන අහිතකර විපාක බොහොමයි.පැරණි මිනිස්සු තුළ යම් විශ්‍වාසයක් තියෙනවා උතුරැ දිශාවේ යම් කාන්දම් ශක්තියක් තියෙනවා කියලා.උතුරේ කාන්දම් ශක්තියක් තියෙන නිසා යම් කෙනෙක් විශ්‍වාස කරනවා ඒ පැත්ට හිස යොදා නිදාගැනීම හොඳ නැහැ කියලා.ඒ මතය සාධනය කිරීමට සාක්ෂියක් නැහැ.නමුත් උතුරැ දිශාවට වගේම ඊසානයට හිස යොදා කෙනෙක් නිදාගත්තම වෙන අතුරැ ආබාධ කිහිපයක් තියෙනවා.

*හරි හමන් පරිපූර්ණ නින්දක් නොලැබීම.

* කඩින් කඩ කඩින් කඩ නින්දට බාධා ඇතිවීම.

*උදේට නැගිට්ටම ශාරීරික මානසික ප්‍රබෝදය ඒ පුද්ගලයා තුළ සාපේක්ෂ වශයෙන් ගොඩාක් අඩු වීම.(හරියට මත්ද්‍රවය පාවිච්චි කරලා උදේ නැගිට්ටා වගේ විඩාබරයි,ප්‍රාණවත් නෑ,අලසයි)

*කෙනෙකුට කාලයක් තිස්සේ සුව නොවෙන, වෛද්‍යවරයෙකුටවත් සොයා ගන්නට බැරි හිසරදය(ඉරැවාරදය),ඔළුව බර ගතිය,ඔක්කාර ගතිය.

මේ අය දිගින් දිගටම ඒ තත්වයන්ට පත්වෙනකොට කයික සහ මානසික වශයෙන් පිරිහෙන්න පටන් ගන්නවා. අන්න ඒ කායික හා මානසික පිරිහීම තමන්ගේ වෘත්තිය ජීවිතේට ව්‍යාපාරයට,සමාජ කටයුතු වලට,අධ්‍යාපනයට,යුග ජීවිතයට මේ හැම එකකටම අහිතකර ලෙස බලපාන බව බොහෝ දෙනා දන්නේ නෑ. නමුත් ඒක තමයි සත්‍ය.

හිස කැක්කුම් වලට කොයි තරම් බෙහෙත් ගත්තත් සුවයක් නැද්ද ?එහෙනම් නිදාගන්න දිශාව අනිවාර්යෙන්ම වෙනස් කරන්න.හිකැක්කුම් වලට සියයට අනූවක්ම මේ අසුභදිශාවන්ගෙන් බලපෑම් එල්ල කරනවා.

ඒ වගේම අලුත විවාහ පත් දෙන්නෙක් දිගු කාලයක් තිස්සේ උතුරට හෝ ඊසානයට හිස යොමුකරලා නිදාගත්තොත් කෙනෙක් පුදුම වෙයි මේක මිත්‍යාවක් කියලා. දිශාවකට පවුල් ජීවිතයක් කඩාකප්පල් කරන්න බැරි වුනත් යුග ජීවිතයේ නීරසභාවය, නොරිස්සුම වැඩි කරන්න පුළුවන්.නින්ද හදලා තියෙන්නේ අපේ ශරීරයේ එක්රැස් වෙච්ච ශක්ති ශේෂයන් , අපද්‍රව්‍ය බැහැර කරන්න.උතුරට ඊසානට හිස දාලා නිදාගත්තාම අර ශක්තීන් වල අපද්‍රවයකයන් ඉවත් කිරීමට බාධකයක් ඇති වෙනවා.

එතකොට පුද්ගලයා උදේට නැගිටින්නෙත් අප්‍රද්‍රව්‍ය සහිතවමයි.මේ දේවල් නිසා කායික හා මානසික අපහසුතා එන්න පුළුවන්.ඇතැම් විට ඒ අපහසුතා වෛද්‍යවරයෙකුටවත් හදුනා ගන්න බෑ .නිවැරදි දිශාවට හිස දමා නිදා ගැනීම ඕනෑම කෙනෙකුට සතුටින් ජීවත් වීමට වැඩදායක වෙනවා.

අනෙක් කාරණය තමන් නිදාගන්න ඇඳ යට කඩදාසි කොළයක්වත් කියන්න සුදුසු නැහැ. හැබැයි බොහොම පිරිසුදු කාමරයක වුනත් නිදාගන්න දිශාව වැරදියි නම් ප්‍රතිඵලය අතිශය භයානකයි.

මේක මිත්‍යාවක් නෙමෙයි මේකේ යාන්ත්‍රණයක් වගේම මූලධර්ම තියෙනවා.කිසියම් කෙනෙක් නින්ද නොයාම නිසා පීඩා විඳිනවනම් දිගු කාලීන හිසරදයක් තියෙනවනම්,නොරිස්සුම් භාවයෙන්,කම්පාවෙන් අසතුටෙන් ඉන්නවනම් ඔබ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නවා වගේම ඔබ නිදාගන්න ඉරියව්වත් වෙනස් කරලා බලන්න. ඔබ බෞද්ධයෙක් නම් නින්දට පෙර පහසු ඉරියව්වකින් ඉඳගෙන අභිසම්භිධාන පිරිත,ඡන්ද පිරිත,අංගුලිමාල පිරිත හත් වතාවක් කියන්න.ඒ සහනය අත්විඳලා බලන්න.අනිවාර්යෙන්ම නින්දට පෙර පාද ,ඉකිලි ,කිහිලි පිරිසිදු කර නින්දට යන්න.

 

නදීශා අතුකෝරළ



අදහස් (0)

ශක්තිය සහ දිශාව නින්දට බලපාන හැටි

ඔබේ අදහස් එවන්න

Iranama

සුර්ය ග්‍රහ මණ්ඩලය සහ අංක විද්‍යාව
2023 ජුනි මස 30 1948 0

ජ්‍යොතිෂ්‍ය හදාරණ ඔබ එක්කෝ ජ්‍යොතිෂය හරවත්යයි පිළිගන්නා බව උත්තර ධ්‍රැවයේ සිට දක්‍ෂිණ ධ්‍රැවය දක්වා අති අක්‍ෂය වටා පැය 24 කට වරක් කැරකෙන බව සාමාන්‍යයෙ


ශක්තිය සහ දිශාව නින්දට බලපාන හැටි
2023 ජුනි මස 20 2389 0

ඔබටත් රාත්‍රියට සැනසිලි දායක නින්දක් ලැබෙන්නේ නැද්ද?


මැයි මාසයේ අවසන් සතිය ඔබට කොහොමද
2023 මැයි මස 22 1895 0

සතිලග්න පලාපල මැයි 22 වන සඳුදා සිට මැයි 28 වන ඉරිදා අතර


මේ සතිය ඔබට කොහොමද?
2023 මැයි මස 15 2806 0


ඔබට ඔබේ දෛවය වෙනස් කළ හැකිද?
2023 අප්‍රේල් මස 27 1549 1

බොහෝ දෙනකුට තිබෙන ඉතාම වැදගත්, උත්තරයක් දී ගත නොහැකි දුෂ්කර ප්‍රශ්නයකි ඉහත සඳහන් වන්නේ. එහෙත් අංක විද්‍යාව ප්‍රගුණ කළ, ඉතාම හොඳින් හදාරන ලද කෙනකුට තරමක


​කේන්දරයක් හදන්න ඉගෙන ගනිමු
2023 මාර්තු මස 14 859 0

කේන්දරයක් සාදන්නට දැනගත් පමණින් හෝ ග්‍රහයන් පිහිටුවීමට දැනගත් පමණින් හෝ කෙනෙකු ජ්‍යෝතිෂවේදියකු වන්නේ නැත. කෙනෙකුගේ කේන්දරය සාදා එය නිවැරදිව විග්‍ර


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2044 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 775 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site