උත්සාහයට ප්‍රතිඵල
මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම මස තුළ උත්සාහයන්හි හි ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවන්නේය. එසේම ඔබට සතුටු විය හැකි සමාජ සම්බන්ධතාවක් ද ගොඩනගා ගැනීමටත් හැකි වෙයි. ඔබ සැලසුම් කරන වැඩ කටයුතු අපේක්ෂිත අයුරින් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. එසේම මෙය ඔබ ප්‍රයෝජනවත් වැඩ වල වැඩි වශයෙන් නිරත වෙන මාසයකි. උත්සාහයන්හි ප්‍රතිඵල ලැබෙන අතර, අභියෝග ජයගැනීමේ හැකියාව පවතී. පොදුවේ මෙය ධනය දියුණුව බලය ප්‍රසිද්ධිය ඇති කෙරෙන මාසයකි.
ඔබට මෙම මස අවසන් සති දෙක මිල මුදල් ලාභ මෙන්ම විවිධ ද්‍රව්‍ය ලාභ, සුඛෝපභෝගී භාණ්ඩ වැනි දේ ලැබේ. ඒවා උපයා සපයා ගැනීමටත් පිළිවන්කම ලැබේ. තරුණ තරුණියන්ට විවිධ තෑගි භෝග වැනි දෑ ලැබේ. එසේම සමාජමය හා මුදල්මය වාසි ප්‍රයෝජනද අත්වේ. පවුලේ අය සමග විනෝද ගමන් වල යෙදීමට අවස්ථාව සැලසෙන අතර සමගිය සමාදානයත් ඇතිවේ.
පොදුවේ ඔබට මෙම මස පුරාවට තම සියලුම අධ්‍යාපනික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවෙයි. සහය ලැබිය යුත්තන්ගේ සහය ලැබේ. මූල්‍ය හා ද්‍රව්‍යමය ලාභ ද ලැබේ. ඔබගේ ධන-අය භාවාධිපතීන් බලයෙන් යුක්තව හැසිරෙන බැවින් මෙම මාසයේ ඔබට මිල මුදල් අතින් අග හිඟ වන්නේ නැත. එබැවින් මෙම මාසය තුළ තම මුල්‍ය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පසුබිම සැකසේ. විකිණීම් මිලයට ගැනීම් ආදියකින් කිසියම් ලාභයක් ද ලැබෙනු ඇත. උරුම හිමිකම් ප්‍රශ්නයක් විසඳේ.
තම රාජකාරි කටයුතු ක්‍රමවත් භාවයකින් යුතුව කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. ස්වයං රැකියාවල හා ව්‍යාපාරයන් හි නිරත වන ඔබට මෙම මාසයේ දී වැඩි දියුණුවට කටයුතු පිළියෙළ වේ. සෞඛ්‍ය හෝ කලාත්මක ක්‍ෂේත්‍රයේ රැකියා ව්‍යාපාර වල නිරතවන්නන්ගේ හා අපේක්‍ෂා කරන්නන්ගේ අරමුණු සඵල වෙයි.

අනුන්ගෙන් ලාභ
වෘෂභ ලග්නය හිමි ඔබට මෙම මාසය ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දෙන්නේය. උනන්දුව උත්සාහය අත් නොහැර සිය කාර්යය කටයුතු වල නිරත වුවහොත්, අරමුණු සැලසුම් ඉෂ්ට සිද්ධ කරගත හැක. ඔබගේ ආර්ථික රැකියා විවාහ මෙන්ම අධ්‍යාපන යන ක්‍ෂේත්‍රයන්හි කටයුතු සාර්ථක කරගැනීමට වෙහෙස මහන්සි වී ක්‍රියාකරන්ට සිදුවේ. තමාගේ වැඩ කටයුතු ක්‍රියාදාමයන් මෙන්ම අරමුණු සැලසුම් කෙරෙහි තමාට අවිනිශ්චිතතා මතු කෙරේ.
ඔබට මෙම මස මුල් දින 15 තුළ භාෂා සාහිත්‍යා දී විෂයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. කෙසේ නමුත් විදේශ අධ්‍යාපන පාඨමාලා කෙරේ පැවති බලාපොරොත්තුවක් ඉෂ්ඨ සිද්ධ වන්නේය. කැපවීමෙන් කටයුතු කළහොත් ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීම ද අසීරු නොවේ. අධ්‍යාපනික උපකරණ ලාභ වැඩිපුර ලැබෙන මාසයකි.ඔබට මෙම මස තුළ අපේක්‍ෂිත මිල මුදල් ලාභ ලැබුණත්, වියදම් ද ඒ අයුරින්ම ගෙනදේ. ගමන් බිමන් වලට අමතර මුදල් වැයවේ. කල්පනාවෙන් සැලසුම් සහගතව ඉපැයීම් මාර්ග වල නිරත වන්න. ආදායම් හොඳින් ලැබේ. කරගෙන එන කටයුතු වලින් මෙන්ම අනපේක්ෂිත ක්‍රමයකින් හෝ අනුන් ගෙන් ලාභ ලැබේ. එබැවින් ලාභ බලාගෙන කරන කටයුතු වලට යහපත් කාලයකි. ආදායම් වැඩිකර ගත හැකි මාර්ග ගැන කල්පනා වෙයි.
ඔබට නව රැකියා ව්‍යාපාර කරගෙන යාමට සිදුවන්නේ යම් යම් අවහිර බාධාවන් මධ්‍යයේය. කෙසේ වෙතත් තම රැකියාවට හා ව්‍යාපාරයන්ට අදාළව පැවති අවිනිශ්චිත ස්වභාවයක් පහව යයි. විදෙස් රැකියාවකට බල පෑ බාධාවක් පහව යයි. හවුල් ව්‍යාපාරික කටයුතු ගැටලු ප්‍රශ්න මධ්‍යයේ කරගෙන යාමටත් සිදුවෙයි.
සහයෝගයෙන් වැඩ කරන්න
ඔබ මෙම මාසයේ දී හදිසියට කලබලයට තීන්දූ තීරණ නොගන්න. ඉවසීමෙන් සිතා බලා ඥානාන්විතව තීන්දු තීරණ ගෙන කටයුතූ කරන්න. ඔබට ලැබෙන මුදල් බලාපොරොත්තු රහිත වියදම් යෙදීමෙන් නාස්ති වී යයි. බොහෝ විට ඔබ මෙම මස තුළ සමාජයේ ආශ්‍රය කරන අය සමග ඇතිවන ගනුදෙනු කතාබහ ආදියේ දී නොසැලකිලිමත්කමින් නොයෙක් කරදර පැටලිලි ඇතිකර ගනී. එනිසා ඒ කෙරේ අවධානයෙන් පසුවන්න.
පොදුවේ මෙම මාසය තුළ ඉගෙනීම් කටයුතුවලට අවහිර බාධාවන් ඇති කරයි. පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩු වී විනෝදයට බරවන බැවින්, එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතු වලට ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කරන්න.
එසේම ගනුදෙනුවලදී හා මුදල් පරිහරණයේ දී සැලකිලිමත් වන්න. ඔබට මෙම මස තුළ දී තම අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා මිල මුදල් ලැබුණත්, වියදම් පස ද ඒ අයුරින්ම ගෙන දේ. උරුම හිමිකම් ප්‍රශ්න වලදී කලබල නොවී ක්‍රියා කරන්න.රාජකාරියේ දී තමන්ට ලැබුණු පහසුකම් තරමක් අඩුවීමට කරුණු මතුවේ. රැකී රක්‍ෂා ව්‍යාපාරික කටයුතු සම්බන්ධ යම්යම් කරදරකාරී ස්වභාවයන් ගෙන දීමේ ඉඩක් පවතින බැවින් සැලකිලිමත් වන්න.
ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ශුභාශුභ මිශ්‍ර ඵල ඇතිකරයි. අනවශ්‍ය හා ප්‍රයෝගකාරී කතා හේතුවෙන් ගොඩනැඟී තිබූ සබඳතාවන් බිඳී යාමටත් ඉඩ පවතින බැවින් ඉන් ආරක්‍ෂා වන්න. වෙනත් කාරණා හේතුකොට ගෙන මේවායේ කටයුතු වලට අයහපත් පීඩාකාරී තත්ත්වයක් ඇති කරයි.තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා හෝ සහකරු/සහකාරිය සමග අන්‍යෝන්‍ය විශ්වාසය, හොඳ හිත පළුඳු වන අන්දමේ හේතු පෙන්නුම් කරන නිසා නිතරම අන්‍යෝන්‍ය බැඳීමෙන් සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් වනු ඇත.
ඉපැයීම් සරුවෙයි
කටක ලග්න හිමි ඔබට අලුත් ප්‍රවේශයකට අනුව නව මගක ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේය. උනන්දුවේ උත්සාහයේ ප්‍රතිඵල මැනවින් ලැබේ. එබැවින් මෙය සිතට සතූට උපදවන දෑ සිදුවන මාසයකි. තම නම ප්‍රසිද්ධ වන විදියේ යහපත් දෙයක් සිදුවේ. ආගිය තැන කැපී පෙනෙන තත්ත්වයකට පත්වේ.
අධ්‍යාපන කටයුතු කෙරෙන් දක්ෂතා පෙන්වයි. ඉගෙනීම් කටයුතු වල නියුතු වන මකර ලග්න හිමියන්ට එමගින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වන්නේය. සහජ දක්‍ෂතා දියුණුකර ගැනීමටත්, වෘත්තීය පාඨමාලාවන් ගෙන් හැකියා කුසලතාවන් පෙන්වීමටත් ඉඩකඩ ලැබේ. අධ්‍යාපනය බාධාවකින් තොරව කෙරෙනු ඇත.
ඔබේ ලග්නයේ ග්‍රහ බලය බලවත් බැවින් ආර්ථිකමය ලාභ ප්‍රයෝජන සැලසේ. ණය ගනුදෙනු බලාපොරොත්තු සාර්ථකවීම ද සිදුවේ. ඔබට මෙම ජුනි මාසය තුළ මූල්‍ය සැලසුම් හා අපේක්‍ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමටත් අවස්ථාව සැලසේ. තමා අදහස් කළ පරිදි, සැලසුම් කළ ආකාරයට දෛනික වැඩ කටයුතු කරගෙන යාමට මිල මුදල් අතට ලැබේ. ව්‍යාපාරික කටයුතුවල නිරතවන්නන්, විවේකය විනෝදය ගැන නොබලා ඉපැයීම් මාර්ග කරේ වැඩිපුර යොමුවේ. බොහෝවිට මෙය ස්ථාන මාරුවක් හෝ පරිසරයේ වෙනසක් කෙරේ හිත බලකරන මාසයකි.
ප්‍රේම දිවිය හා යුග දිවිය තෘප්තිමත්ව ගත කිරීමට ඥානාන්විත වන්න. ඔබගේ ආදර සබඳතා මෙන්ම විවාහයට අදාළ කාර්යය කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට පසුබිම සැකසෙන්නේ නැති නිසා හදිසි තීරණ මත කටයුතු නොකරන්න. එසේම හැඟීම් වලට වහල් නොවන්න.
යුග දිවිය ප්‍රේම දිවිය යහපත් වේ
සිංහ ලග්නය හිමි ඔබට මෙම මාසයේ දී ඔබගේ අත්‍යාවශ්‍ය වැඩ කටයුතු රැසක ශුභදායී වෙනස්වීමක් සිදුවේ. විනෝදාස්වාදයෙන් මිදී අනාගත දියුණුවට හේතුවන කාර්යයන්හි වැඩි වශයෙන් නිරතවන්න. ඔබට මෙම මස තූළ තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ ලැබේ.
එමෙන්ම මෙම මස පුරාවටම මෙන් ඔබගේ යටි සිතේ බලපැවැත් වූ වැදගත් අදහස් කීපයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසීම නිසා සිතේ ප්‍රීතිය ගෙනදේ. දෙස් විදෙස් රැකියා අපේක්ෂාවක් ඉටුවේ. ස්ථාන ගැටලු විසඳෙන, පවුලේ කටයුතු සම්බන්ධව ද නවෝදයක් ඇතිවන මාසයක් බව කිව යුතුයි.
ඉගෙනීම් කටයුතුවල නිරත සිංහ ලග්න හිමියන් පොත පතට වැඩි පුර කැපවීම දක්වන මාසයක් බවට මෙම මාසය පත්වේ. ඉගෙනීමේ කටයුතුවල සාර්ථක භාවයක් ගොඩනගා ගනී. විටෙක අධ්‍යාපන කටයුතු පසෙක දමා වෙනත් පරිභාහිර දෙයට සම්බන්ධ වීමෙන් ඉගෙනීමේ කටයුතු අතපසු කරගන්නා බැවින් ඊට නතු නොවන්න.
ඔබගේ කර්මස්ථානාධිපතිගේ ගමන මත සසඳා බලන විට ඔබට සිත කය දෙකම එකසේ වෙහෙසා තම රැකියා ව්‍යාපාරයන්හි නිරත වීමට අවස්ථාව සැලසේ. රාජකාරි ස්ථානය තුළත් ව්‍යාපාරික කටයුතු වලටත් බලපෑ රහස් සතුරු කරදර බාහිර විවිධ ප්‍රශ්නකාරී දෑ පහවයයි. ස්වයං හා හවුල් ව්‍යාපාරික කටයුතු කෙරෙන් ද ප්‍රගතියක් ගොඩ නැගේ.
ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සුබදායක වෙනස්කම් රැසක් මෙම මස තුළ සිදුවේ. මීට අදාල කාර්යයන්හි සාර්ථක තීන්දු තීරණ ගනිමින් ගත සිත තෘප්තිමත්ව පවත්වා ගෙන යෑමටත් ඔබ සමත්වේ.යුග දිවියත් ප්‍රේම දිවියත් යහපත් අයුරින් ගතවේ.
විරුද්ධ ලිංගික ඇසුර
ඔබගේ ලග්නාධිපති බලයෙන් යුක්තව හැසිරෙන මෙම මාසය අභියෝග ජයගෙන අවහිර බාධා මැඩගෙන සිය දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට හැකි වන්නේය. උසස් අය යටතේ වැඩ වල නියුතු අයට තම ස්වාමි පක්ෂයේ ප්‍රසාදය ලබා ගන්නට පිළිවන්වන මාසයකි. පොදු සමාජීය කටයුතු වලටත් වැඩි වශයෙන් සම්බන්ධ වී කටයුතු කිරීම නිසා ප්‍රසාදය මෙන්ම විවිධ ලාභප්‍රයෝජනයන් ද ලැබේ. පවුලේ කටයුතු, අධ්‍යාපන හා තමා නිරත රැකියා ව්‍යාපාරාදියේ කාර්යය කටයුතු කරදර බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් කරගැනීමටත් පිළිවන්කම ලැබේ.
මෙම මස තුළ දී ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතු සිතැඟි පරිදි අපේක්‍ෂා කළ අයුරින් කරගෙන යා හැක. පොතපත කියවීමටත්, දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත් ආශාවෙන් කටයුතු කරයි. ශිෂ්‍යත්ව ලාබාදිය හිමිවීමටත් බලය ඇත. අලුත් හා ගැඹුරු විෂයන්ට සම්බන්ධ වෙයි. අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ලැබේ. අතපසුව ගිය අධ්‍යාපන කටයුතු නැවත ඇරබේ.
මෙම මස තුළ ආර්ථික හා දේපොළමය වශයෙන් යම් යම් ලාභ ප්‍රයෝජනයන් සැලසෙනු ඇත. එසේම ඔබ මෙම මාසයේ දී ඉඩකඩම් යානවාහන මෙන්ම දේපොළ ආදියට මිලමුදල් යොදවමින් ආදායමක් ද උපදවා ගනී. හිඟ මුදල්, දිරි දීමනා ලැබේ. තැන්පත් ධනයට යමක් එකතු කරගත හැකි මාසයකි. ආර්ථිකය ශක්තිමත් වන මංපෙත් විවර වේ. උරුම හිමිකම් ප්‍රශ්න, හෝ යම් යම් අය සමග කළ ගනුදෙනු හේතුවෙන් ඇතිවන ප්‍රශ්න යනාදිය හේතුවෙන් වන්නට ගිය ගැටලුවක් ද නිරාකරණය වේ.
ඔබට මෙම මස තුළ ආලය පිළිබඳ කටයුතු ඉතා පහසුවෙන් ඇතිකර ගත හැක. ආදර සබඳතා ස්ථීර තහවුරු කර ගැනීමට බාධාවක්ව පැවති යමක් ඉවත් වේ. විශේෂයෙන් ඔබට විරුද්ධ ලිංගිකයන් වැඩිපුර ඇසුරු කිරීමටත් මෙහිදී හැකිවන්නේය. පොදුවේ බැලීමේ දී අවිවාහක ඔබට තම අනාගත සහකරු/සහකාරිය මෙම කාලය තුළ ලැබෙනු ඇත.
ලොතරැයි ජය
තුලා ලග්නය හිමි ඔබ තම අරමුණු සැලසුම් සාර්ථක කර ගැනීමට වඩාත් කැපවන්න. අවශ්‍ය වේලාවට අවශ්‍ය වැඩය කිරීමට උනන්දු වන්න. නොසොයා නොබලා කටයුතු කරන්න යැමෙන් පසු තැවීමට ලක්වන දැ වුවත් සිදුවන නිසා යම් යම් වැදගත් තින්දු තිරණ ගැනිමේ දී වඩාත් සැලකිලිමත් වන්න. විශේෂයෙන් ඔබට නොයෙක් දේ ගැනත් අනුන් ගැනත් සැකයක් පහළවේ. ගෙදරදොර සැප පහසුව මෙන්ම රාජකාරී ස්ථානයෙත් පහසුකම් හා සැලකිලි වැනි දෑ අඩුවිය හැක.
පොදුවේ මෙම මස තුළ ඔබ උදාසීන හා අකර්මන්‍ය ස්වභාවයෙන් මිදී පොතපත කටයුතු වල නියුතු වන්න. ගුරු දෙගුරුන්ගේ දෝෂ දර්ශනයට ලක්වන ක්‍රියාවන්හි නිරත නොවී අපේක්‍ෂිත අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමට උනන්දුවෙන් ක්‍රියා කරන්න.
වියදම් පක්‍ෂය අධික වුවත් හදිසි මිල මුදල් ලාභ හිමිවීමේ බලයක් ද පවතින බැවින් ලොතරැයි වැනි දේ මිලදී ගැනීමත් යෙහෙකි. වියදම් පස සීමා කර ගන්න. උරුම හිමිකම් ප්‍රශ්න වුව මතුවන මාසයකි. ලැබෙන මුදල් නිසි කළමනාකරනයකින් පරිහරණය කරන්න. ඔබට ආත්ම විශ්වාසයෙන් හා කැපවීමෙන් යුතුව ඉපැයීම් කටයුතු වල නිරත වීමෙන් ආදායම් මාර්ගයන් හි වැඩිදියුණුවක් සලසා ගත හැකිවන්නේය.
මෙම මස තුළ පොදු වශයෙන් ඔබ විවාහ දිවියේ කටයුතු හා ප්‍රේම දිවියේ කටයුතු වලදී වඩාත් ඥාාණාන්විත වන්න. ආදර දිවියේ හා යුග දිවියේ තෘප්තිමත් බවක් මෙම මස තුළ ඔබට ගෙන නොදේ. විවාහ යෝජනා වලට අයත් පොරොන්දු ගිවිසුම් වල ස්ථිර තහවුරු භාවයක් ඇති නොවේ.
ඉවසීම ඕනෑ
ඔබගේ අත්‍යාවශ්‍ය කාර්යය කටයුතු හා වැඩ කොටස් වලට මෙම මස තුළ ශුභාශුභ මිශ්‍ර බවක් ගෙන දෙන්නේය. ඒ නිසා සෑම දෙයක්ම සැලකිල්ලෙන් විමසිල්ලෙන් කිරීම වඩාත් යෙහෙකි. පොදුවේ ජුනි මාසය ඔබට තරමක් ශුභඵල හීන බැවින් ඔබ සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න.
විශේෂයෙන් ඔබට මෙම මස අවසන් සති දෙක තුළ සිය අධ්‍යාපනික කටයුතු කරගෙන යාමට සිදුවන්නේ විවිධ අවහිරයන් හා බාධාවන් මධ්‍යයේය. එමෙන්ම උනන්දුව අඩු වී උදාසීන බවක්ද මතුවේ. අවසන් සති දෙක මෙම ස්වභාවය පහ වී ගොස් පැහැදිලි මනසින් ඉගෙනීම් කටයුතු වල නිරත වීමටත් හැකි වේ.
විකිණීම් මිලයට ගැනීම් වලින් ලාභ ප්‍රයෝජන සැලසුවත් හදිසි තීරණ ක්‍රියාවට නැංවීම හේතුවෙන් මුදල් අවහිරතා මතු වේ. පොදුවේ ආර්ථික දුෂ්කරතාවන් මතු නොවේ. විශේෂයෙන් ඔබ මේ කාලයේ මිල මුදල් වලට මුල් තැනක් නොදී කටයුතු කරන නිසා තමාට ලැබෙන ආදායම අඩුවී යයි.
විශේෂයෙන් මෙම මාසය තුළ දී තම රැකියා ව්‍යාපාරාදිය කරගෙන යාමට සිදුවන්නේ නොයෙකුත් අවහිරතාවයන් හා බාධාවන් මධ්‍යයේය. එනිසා ඉවසීමෙන් සිතා බලා නිතරම වැඩකටයුතු ක්‍රියාවන්හි නිරත වන්න. උසස් නිලධාරීන් සමග කටයුතු කරන විට ප්‍රශ්න මතබේද ඇති නොකර ගැනීමටත් සැලකිලිමත් වන්න. රැකියා පොරොන්දු වලට මුදල් දීම උචිත නොවේ. රාජකාරියේ දුර්වලතා පෙන්නුම් නොකළ යුතු මාසයකි.
අනවශ්‍ය ප්‍රශ්න
ඔබට මෙම මස තුළ අවහිර බාධා ඇති කෙරේ. ඔබගේ ආර්ථික රැකියා විවාහ මෙන්ම අධ්‍යාපන යන ක්‍ෂේත්‍රයන්හි කටයුතු ක්‍රියාවන්ට මෙම මාසය එතරම් සුබදායි බවක් නොපෙන්වයි. විශේෂයෙන් ඔබට නොයෙක් දේ ගැනත් අනුන් ගැනත් සැකයක් පහළවේ. ගෙදරදොර සැප පහසුව මෙන්ම රාජකාරී ස්ථානයෙත් පහසුකම් හා සැලකිලි වැනි දෑ අඩුවෙයි. සුබා සුබ මිශ්‍ර ඵල ගෙනදෙන මාසයකි.
ඔබ එක අරමුණක තබා, උදාසීන ගති වලින් මිදී තම ඉගෙනීම් කටයුතු වලට ප්‍රමුඛත්වයක් දී ක්‍රියාකරන්න. ඉගෙනීමේ කටයුතු පසෙක දමා යහළු යෙහෙළියන් සමග විනෝද ක්‍රියාවල නිරත වීමට නොයන්න. ඉගෙනීමේ කටයුතු වලට යම් යම් බාධාවන් මතුවන මාසයකි.
ඔබට මෙම මස තුළ ආර්ථික හා දේපොළමය ලාභ හිමි වුවත් ලැබෙන මුදල් වියදම් වන කරුණු ද යෙදේ. අමතර ගමන් බිමන් යෙදීම හේතූකොට වියදම්පස බහුල කෙරේ. විකිණීම් මිලයට ගැනීම් වලදීත්, යම් යම් අය සමග කරන ගනුදෙනු වල දීත් අලාභ පාඩු වීමටත්, ප්‍රශ්නකාරී දෙයට නතු වීමටත් ඉඩ තිබෙන නිසා, මෙම මස අවසන් දින 15 තුළ අවිශ්වාස අය සමග කටයුතු නොකරන්න.
පොදුවේ ඔබට මෙම මස තුළ තම රැකියා හා ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියට කටයුතු පිළියෙළ වුවත්, හදිසියේ හමුවන අය සමග සහයෝගයෙන් කටයුතු කරන්නට යෑම මුල් කොට ප්‍රශ්නකාරී දෑ හට ගනී. නව ආයෝජනයකට කටයුතු පිළියෙල කර ගැනීමට පසුබිම සැකසේ. කෙසේ නමුත් ආර්ථික හා රැකියාවේ තත්ත්වය කෙරෙන් ද සුබාසුබ මිශ්‍ර බවක් පෙන්නුමි කෙරේ.

ආර්ථිකයට යහපත්
ඔබට මෙම මස අවසන් දින 15 තුළ වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. එහිදී තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ ලැබේ. ඔබ මෙහිදී තමාට උදව් උපකාර කළ අයට අවංක හැඟීමෙන් යුතුකම් ඉටුකර ප්‍රසාදයට පත්වේ.
ස්ථාන මාරුවක් හෝ පරිසරයේ වෙනසක් කෙරේ හිත බලකරන මායකි. උගතුන් ආශ්‍රයට ලැබේ. මුල් දින15ට වඩා අවසන් දින 15 තුළ ඔබ ඉගෙනීමට පොත පතට වැඩි උනන්දුවක් දක්වමින් කටයුතු කරයි. අධ්‍යාපනයට සම්බන්ධ අපේක්‍ෂිත ජයග්‍රහණයන් අත්පත් වන්නේය. මුල් දින 15 තුළ ඉගෙනීම් කටයුතු වලට බාධක අවහිර පැනනගී.අධ්‍යාපනයට සම්බන්ධ අපේක්‍ෂිත ජයග්‍රහණයන් අත්පත් වන්නේය.
සමස්තයක් වශයෙන් ගත්කල ඔබට මෙම මස මුල් දින 15ට වඩා අවසන් දින 15 ආර්ථික හා දේපොළමය වශයෙන් වැඩි දියුණුවට කටයුතු පිළියෙල වන අතර විවිධ ආර්ථිකමය ලාභ ලැබේ. එසේම ගනුදෙනු වලින් නොසිතූ වාසි ප්‍රයෝජන අත්වේ. යටපත්ව පැවති හිමිකම් හා අයිතිවාසිකම් ලැබෙන මාර්ග විවර වේ. කෙසේ නමුත් විනෝදයට බරව කටයුතු කරන්නට යෑමෙන් නිෂ්ප්‍රයෝජන හා අධික වියදම්ද යෙදෙන අවස්ථා ගොඩනැගේ. ඒවා මග හැර ගන්න.
අවසන් සති දෙකේදී නව රැකියාවක් ලබා ගැනීමට හා නියුතු රැකියාවේ හෝ ව්‍යාපාරයේ දියුණුවට අදාළ වන වැඩකොටස් සාර්ථක වන්නේය. ව්‍යාපාරයේ වැඩිදියුණුව උදෙසා ද නව වෙනසකට කටයුතු පිළියෙල වේ. මේවාට බලපෑ රහස් සතුරු කරදර විරුද්ධවාදීකම් යනාදියත් පහව යයි. රැකියා
සිතට සහන අඩුයි
ඔබගේ අනාගත යහපත උදෙසා කිසියම් ශුභඵලදායී බවක් ගොඩනැගුණත් අත්තනෝමතික හිතුවක්කාර ක්‍රියා නිසා විවිධ පාඩු සිදුවීමටත් ඉඩ ඇත. මේ නිසා සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන්, විමසිල්ලෙන් ක්‍රියා කරන්න. පොදුවේ මෙම මාසය ඔබට ශුභා ශූභමිශ්‍ර ඵල සහිතයි. තමාට උදව් උපකාර කිරීමට යම් යම් අය ඉදිරිපත් වුවත් ඒවා ගැනීමෙන් පසුවට කරදර ප්‍රශ්නවලට මුහුණ දෙන්ට වුව සිදුවේ. සිතට සහනයක් ඇතිනොවන මාසයකි.
මෙම මස තුළ ඔබ ඉගෙනීම් කටයුතු වලට වැඩි වශයෙන් යොමු වෙයි. එසේම මෙම වකවානුවේ දී ඔබ ඉගෙන ගන්නා ප්‍රමාණයට වැඩියෙන් ඥානය වර්ධනය වෙයි.තරග විභාගවලින් ඡය ලැබේ. කෙසේ නමුත් ඉගෙනීම් කටයුතු වලටම සිත නෙයොදන මාසයක් ද වනු ඇත.
ඉපැයීම් මාර්ග කෙරෙන් යහපත් නොවන තැන්පත් ධනය වියදම් වන දෑ සිදුවීම හා ඔබගේ ආදායම් වියදම් සම තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අසීරු වීමෙන් යම් යම් ආර්ථික දුෂ්කරතාවන්ට ද පත්විය හැක. මෙම මස මුල්සති දෙක තුළ මුදල් තත්ත්වය තරමක් දුරට වර්ධනය වන ක්‍රමයක් සැකසේ. නිෂ්ප්‍රයෝජන වියදම් හා ගමන් බිමන් ද බහුල වන හෙයින් ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට වැඩි වශයෙන් යොමු වන්න. ලැබෙන මුදල් නිකරුනේ වියදම් වී යයි.
මෙම මස මුල් සති දෙක තුළ රැකී රක්‍ෂා රාජකාරිය කෙරෙන් මතුව තිබූ කිසියම් අතෘප්තිකර වාතාවරණය පහව යයි. රාජකාරියට සම්බන්ධ දැනුම වැඩිකර ගැනීමටත්, රැකී රක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරාදියට අදාළ සැලසුම් අපේක්‍ෂා ඉටුකර ගැනීමටත් අවස්ථාව උදාවේ. කොන්ත්‍රාත් හෝ ස්වයං ව්‍යාපාරාදියේ නිරත වන්නන්ට හදිසි ලාභ ප්‍රයෝජනයන් ලැබෙනු ඇත. රැකියා ව්‍යාපාරාදිය කෙරෙන් යහපතට කටයුතු සිදුවේ.

අනුන්ගෙන් පැසසුම්
මීන ලග්නය හිමි ඔබට අවහිර බිඳගෙන අරමුණු සැලසුම් වල සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වන්නේය. උත්සාහයේ ඵල ලැබේ. යම් යම් අයගේ සහයෝගයන් තම වැඩ කටයුතු වලට ලැබෙනු ඇත. අපේක්‍ෂිත ඉලක්ක වලින් වැඩි ප්‍රතිශතයක් සාර්ථක වන මාසයකි. අනුන් ගෙන් ප්‍රශංසා, හොඳ නාම ලැබේ. අලංකාර වස්තු ලැබීමෙන් සිත් ප්‍රීතිය උපදවයි.
ඔබ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අතපසු වූ කාර්යයන් රැසකින් ජයග්‍රහණ සලසා ගනී. පසුගිය මාසයට වඩා කාලය නාස්ති වන දෙයින් මිදී ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගනී. අධ්‍යාපනයට අවශ්‍ය මූල්‍ය හා ද්‍රව්‍යමය සම්පත් ලාභ ද ලැබෙනු ඇත.
ඔබට ආර්ථික හා දේපොළමය වශයෙන් සැලසුම් කළ දෙයින් ලාභ නොලැබුණත් අනපේක්‍ෂිත දෙයකින් කිසියම් මිල මුදල් ලාභ හා නිශ්චල චංචල දේපළ හිමිවීමක් පෙන්නුම් කරයි. ඔබ ද විනෝදය සඳහා අනවශ්‍ය ලෙස ලැබෙන මුදල් වියදම් නොකළ යුතුයි. රේස් සූදු ආදියට යන අයට විශේෂ ලාභ ලැබේ. ධන ලාභද ලැබෙනවා ඇත. විටෙක වැඩිමහන්සියක් නැතිවම මෙන් මුදල් ලාභ ලැබෙනු ඇත.
මෙම මාසයේ රැකියා හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් අපේක්‍ෂිත වැඩ කොටස් අවහිර බාධක බිඳගෙන කර ගැනීමට හැකි වන්නේය. විටෙක තමා අපේක්‍ෂා නොකළ අන්දමට මේවායේ කටයුතු යහපත් පැත්තට සිදුවනු ඇත. රාජකාරිමය වශයෙන් යම් යම් බාධා මතු කළත් ආයතන තුළ තමා අගයන, තමාගේ වටිනාකම වැඩි වන විශේෂ දෑ සිදුවන්නේය. දෙස් විදෙස් රැකියා බලාපොරොත්තු ඉටුවන පසුබිමක් ද සැකසේ.
මංගල භාවාධිපති පාපී සංයෝගයෙන් යුක්තව හැසිරෙන මෙම මාසය යුග දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතු කෙරෙන් ගතට සිතට අසහන සිත්තැවුල් දනවන දෑ රැසක් සිදුවේ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd