සති ලග්න පලාපල ජුනි 15 වන සඳුදා සිට ජුනි 21 වන ඉරිදා අතර
සිත් කලකිරීම්
තුරු දෑ කෙරෙහි සිත ඇදී යන සතියක්. විදෙස් ගත ඥාතියකු ගෙන් උපකාරයක් හිමිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර, පවුලේ සැමට එක්ව කටයුතු කිරීමට හැකි වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සතිය මැද කාලයේ දී නොසිතූ ලෙස විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිත් කලකිරීමක් ඇති කරයි. ජලය සම්බන්ධ කටයුතු වලින් ඈත් වී සිටීම සැනසීමට හේතුවෙයි.
උසස් අයගේ උපකාර
වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්න චක්‍රයට අදාළ මෙම සතියේ ග්‍රහ හැසිරීම කෙරෙහි සසඳා බලනවිට ඔබ එදිනෙදා නිරත කටයුතුවල හෙවත් තම දෛනික කාර්යයන්හි ප්‍රගතියක් පෙන්නුම් කරන සතියක් බව කිව යුතුයි. තම වැඩ කටයුතුවලට අවශ්‍ය අයගේ මෙන්ම සමාජයේ උසස් අයගෙත් ආධාර උපකාර ද මේ සතිය තුළ ඔබට නොඅඩුව ලැබෙනු ඇත. ඒ වගේම තමා නිරත රැකියා ව්‍යාපාරයන්හි කටයුතු වල අනාගත ශුභ සිද්ධිය සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සැකසීමටත් ඔබ ක්‍රියාකරන සතියක් වන හෙයින් සාර්ථකත්වය කරා ගමන් කිරීමට මෙම සතිය උපයෝගී කරගත හැක.
කටයුතු සාර්ථක වේ
අවිවේකී වුවත් යොදාගත් සැලසුමක් සාර්ථක කර ගැනීමට හැකි වෙමින් සතිය ආරම්භ වන අතර, පවුලේ කටයුතු කීපයක වෙනස්කම් කීපයක් ද සිදුවීමට ඉඩ ඇත. මුදල් ගනුදෙනුවක් හේතුවෙන් පවුලේ කෙනකු සමග භේදයක් ඇති වීමට ඉඩ ඇත. නිතර තමා හමුවීමට ඒන කෙනකු නිසා පවුලේ මතභේදයක් ඇති කරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට ද මඟ සැලසේ. රැකියාවේ විශේෂ වරප්‍රසාද කීපයක් හිමි කරයි.
සිතට ප්‍රී්‍රතිය
ඔබට මේ සතියේ අවසන් දින පහ තුළ දී තරගකාරී කටයුතුවලින් ජයග්‍රහණ ලැබේ. ආර්ථිකයේ වර්ධනයක්, නව ආදායම් මාර්ග ගොඩනැගීමක් සිදුවේ. ඉගෙනීම් කටයුතුවල උනන්දුවක් උද්යෝගයක් ඇතිවේ. එසේම තම යටි සිතේ බලපැවැත් වූ වැදගත් අදහස් කීපයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසීම නිසා සිතේ ප්‍රීතිය ගෙන දේ. මෙහිදී සම වයසේ මිත්‍රයන්ගෙන් හා ස්ත්‍රී පක්ෂයෙන් විවිධ උදව් උපකාර ලැබෙයි. නෘත්‍ය හා සංගීතය කෙරෙහි රුචිකත්වය අධික වන දින කිහිපයකි. නොපසුබට උත්සාහයක් ගොඩනැගෙන සතියකි.
දනට පිනට ළැදිවේ
සැලසුම් සහගත කටයුතු කීපයකට අත ගසමින් සතිය ආරම්භ වන්නේ නමුදු ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් ද ඒ අතර යෙදේ. විශේෂ පුද්ගලයකුගේ ඇසුරට පත්වීමෙන් නිතර පිනට දහමට ළැදිව කටයුතු කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට අවස්ථාව සැලසේ. රැකියා ස්ථිරවිමක් පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. විදෙස් ගත වුවන්ට සුබදායක බවක් පෙනේ.
හදිසි මුදල් ලාභයක්
පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන අතර නිතර ඇවිදිලි වැඩි කරන නිසා ඊට නතු නොවන්න. තමාගේ විශේෂ ජයග්‍රහණනයක් පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. සතිය මැද කාලයේදි දේපොළ ගනුදෙනුවක් විසඳා ගැනීමට හැකිවන අතර, හදිසි මුදල් ලාභයකට ද හිමිකම් ඇතිබවක් පෙන්නුම් කරයි. නිතර වයසින් අඩු අය සමග ඇසුරට අවස්ථාව උදාකරයි. එහෙත් නිතර තනිව කටයුතු කිරීමට සිතන කාලයකි.

අතමිට සරුවෙයි
අලුත් රැකියාලාභී තුලා ලග්න හමියන්හට සුබ දායක සතියක් වන අතර වෙනදාට වඩා අත මිට සරු කරන සතියක් ද වනු ඇත. හදිස්සියේ සිදුවන දේපල ගනුදෙනුවකින් වාසිදායක බවක් ඇති කරයි. මෙතෙක් වැඩිහිටි විරෝධය ගෙන දුන් පෙම් සබඳතාවකට සුබ පැතුම් එක් වන කාලයකි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට අවස්ථාව සැලසෙයි. වාහන හුවමාරුවක් හේතුවෙන් දුරස්වූ ඥාතියකු නැවත හඳුනා ගැනීමට මඟ සැලසේ. එසේම මෙය පවුලේ උත්සව අවස්ථාවකට සැලසුම් සකස්වන සතියක් ද වනු ඇත.
වාසනාවන්ත සතියක්
ඔබට මෙම සතියේ අවසන් දින පහ තුළ තම තත්ත්වය තිබුණාට වඩා උසස් වේ. ස්වයං වෙළෙඳ ව්‍යාපාර කරගෙන යන අයට විශේෂ දියුණුවක් ලැබේ. ඒ අතරට අනුන් ගෙන් භාරගෙන කරන කටයුතු ද සඵල වේ. සමාජයෙන් ගරු නම්බු ලැබේ. තනතුරුවලට පත් වේ. වාසනාවන්ත සතියකි. ආදායම වැඩිදියුණු වේ. හිතමිතුරන් හා ආශ්‍රය ඇති වේ. ආණ්ඩුවෙන් හෝ රජයේ උසස් නිලධාරීන් ගෙන් සැලකිලි ලැබේ. අසනීප වලින් සුවය ලැබේ.
සුබ ප්‍රතිඵල
ගතවූ දිනවල බලපෑ සතුරු කරදරයක් හෝ නීතිමය ප්‍රශ්නයක් හේතුවෙන් සිත තුළ හටගෙන තිබූ කලබලකාරී තත්ත්වයක් නොසන්සුන්කාරී ස්වභාවයක් ද පහවී ගොස් සැනසිලිදායක බවක් ගොඩනැගීමත් මෙම සතිය තුළ සිදුවේ.
විශේෂයෙන් ඔබ දැඩි අධිෂ්ඨානයකින් හා කැපවීමෙන් යුතුව ගෘහ ජීවිතයේ මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාරයන්හි කටයුතු නව මුහුණුවරකින් කරගෙන යාමට පවත්වාගෙන යාමට සමත්වෙන අතර, දෛනික ඉපැයීම් මාර්ගයේ හෝ වේවා තම ජීවනෝපාය මාර්ගයට අදාළ ආදායම් තත්ත්වය සතුටුදායක බවට පරිවර්තනය වීමක්ද ඔබට ගෙනදෙන සුබදායි ප්‍රතිඵල අතර පෙන්නුම් කරයි.
ප්‍රසංශාව හිමි වේ
මිශ්‍ර ඵලදායක ලෙස උදාවන මේ සතියේ දී නැති වු දෙයක් නැවත ලබා ගැනීමට හැකිවන්නේය. මෙතෙක් පැවැති කරදරකාරි බවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. සතිය මැද කාලයේදි සෙසු අයගේ ප්‍රශංසාව හිමිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. ළඟම ඥාතියකු පිළිබඳ සිත් කලකිරෙන අන්දමේ පුවතක් අසන්න ලැබේ. එසේම සතිය මැද කාලයේදි පවුලේ දානමය වැඩ සටහනක් පිළිබඳ සැලසුමක් ඇති වෙයි. හිතවතකු සමග මුදල් ගනුදෙනුවක් සිදුකර ගැනිමට අවස්ථාව සැලසෙන සතියකි.
අවිවේකී සතියක්
වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන සතියක් වන අතර, මුල් දින තුන තුළ විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරන කාලයක් වන අතර, නිතර පදිංචියෙන් පිට වාසයට ද කරුණු සැලසෙනු ඇත. සතිය පුරා රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. අවසන් දින තුන විදෙස් ගත හිතවතකු ගෙන් උපකාරයක් හිමි කරයි. රැකියා මාරුවකට කටයුතු සැලසෙන සතියක් වන අතර ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. හවුලට කොටස් ව්‍යාපාරයට අලුත් සාමාජිකයෙක් එක් වන අන්දමේ කටයුත්තක් යෙදෙන සතියකි.
හදිසි රෝග
හදිසි සැලසුම් කීපයක් වෙනසකට ලක් කරමින් සතිය ආරම්භ වන අතර, තම ජීවනෝපාය කටයුතු උදෙසා හවුලට අලුත් සාමාජිකයෙක් එක්වීමෙන් මෙතෙක් නොවිසඳු ගැටලුවක් විසඳාගැනීමට මාර්ගය පෑදේ. වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. හදිස්සියේ ඇතිවන සෙම් ආබාධයක් හේතුවෙන් රෝහල් බෙහෙත් ගැනීමක් ද සිදුවෙයි. එසේම මෙම සතිය තුළ වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් හිතවතකු හමුවීමට මග සැලසෙන සතියකි. ජලය සම්බන්ධ කටයුතුවලින් මේ සතියේ පරිස්සම් වීම වැදගත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd