මේෂ
මේෂ ලග්න හිමියන් සිංහල අලුත් අවුධි උදාව ඉඳලා ඊළඟ වසර දක්වා කාලය ඔබට මුදල් ගලාගෙන එනවා. හැබැයි මේ මුදල් හම්බ වුනාට ග්‍රහචාර්ය තුළින් ඔබට යම් සූක්ෂම ප්ලෑන් එකක් කරලා තියෙනවා. මොකක්ද මේ සූක්ෂම ප්ලෑන් එක.ඒක තමයි ඔබට මුදල් ලබා දෙනවා හැබැයි ඒ ලබා දෙන මුදල් ඉතුරු කරන්න ඉඩ කඩක් දෙන්නේ නැහැ. මොනවා හරි කරලා මේ දේවල් වැය කරන්න සැලසුමක් ඔබ වෙත එවනවා. ඉතින් සමහර වෙලාවට මේ දේවල් තුළින් ඔබට මුදලක් ඉතුරු කරගන්න බැහැ. මොකද එක්කෝ ලෙඩකට දුකට කාගේ හරි වියදම් කරන්න සිද්ධ වෙනවා එහෙම නැත්නම් ඔබට ඔබව ඔබව සනසවන්න ඔබ අතිරීක්තව වැය කිරීමක් කරනවා. අන්න ඒ වගේ දේවල් උස්පහත් ආකාරයෙන් ඔබේ ජීවිතයට මේ වෙලාවේ සිද්ධ වීමේ ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දේ පාලනයකට නගන්න. පවුල් සංස්ථාව තුළ එකිනෙකාගේ බැඳීම් හොඳින් වර්ධනය කරගෙන යන්න මේ කාල සීමාව තුළදී වග බලා ගත්තොත් වඩ වඩාත් හොඳයි. මොකද මේ කාලය තුළ ඇතිවන ඔය පීඩාකාරී පසුබිම මත ගෙදර සාමාජිකයන් එක්ක වුණත් එච්චර හිත හොඳින් වසන්න හිතෙන්නේ නැහැ ඒ කියන්නේ හොඳ දෙයක් කිව්වත් ඒක නරකට තේරුම් යනවා.එතකොට ඒ අයත් එක්ක බොහොම හොඳ හිත හොඳින් කතා කරන්න හිතෙන්නේ නෑහ තමන්ගේ ළඟම ඉන්න අම්මා අපාච්චි වේවා බිරිඳ ස්වාමියා වේවා නොනොරිස්සුම් ගති එන්න පුලුවන්. දූදරැවන් ටිකක් කැපවීම වැඩි කරගන්න ඉගැනීමේ කටයුතු වලට යම් යම් බාධක ඇති වෙන්න පුළුවන්.පීඩාවල් ඇතිවෙන්න පුළුවන් විභාග වලට කලට වෙලාවට යන්න බැරි වෙන්න පුළුවන් , අසනීප වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ දේවල් හොඳට හිතට අරගෙන කටයුතු කරන්න වග බලාගන්න ඕනේ වෙනදට වඩා ටිකක් කැපවීම වැඩි කරගන්නටම සිද්ධ වෙනවා. වාහන පැදවීම් එච්චර සුදුසු වෙන්නේ නැහැ . ඉඩම් මිලදී ගැනීම්, නිවාස මිලදී ගැනීම් යාන වාහන මිලදී ගැනීම දේවල් මේ වෙලාව තුළ එච්චර කරන්න යන්න එපා. විශේෂයෙන් සූර්ය පිරිත සජ්ඣායනය කිරීම සමස්ථයක් වශයෙන් හොඳයි. දෝෂ භංග වෙනවා ඒක හැම එකටම පොදුවේ තියෙන එකක් ඊට අමතරව බෝධි පූජා තියෙන එක, සෙත් කවියක් කියවන එක මේ දෝෂ නසන්න හැම සෙනසුරාදා දවසේම කරනවා නම් වඩ වඩාත් හොඳයි,ඊළඟට වැඩිහිටි ඔක්පල වෙලා ඉන්න කෙනෙකුට ඇප උපස්ථාන කිරීම, බෙහෙත් හේත් අරන් දෙන එක ගොඩක් හොඳයි. ඊට අමතරව නුග පැලයක් ඉඳලා නුග බෝධියට එළඟි තෙල් පහනක් දල් වන එක ඉතාම හොඳයි. ඔය වගේ ප්‍රතිකර්ම තියෙනවා.
කටක
ඔබ යම්කිසි විදියකට විදෙස්ගත වෙලා ඉන්න කෙනෙක් නම් ඒ අයටත් මේ සියලු තොරතුරු අදාල වෙනවා මොකද ඒ අයගේ ග්‍රහ තත්ත්වයන් අනුව ඔබේ ජීවිතයේ වෙනස් කරගත යුතු තැන් තියෙනව. කටක ලග්න හිමියන්ගේ ආර්ථිකය තුළ හොඳ ස්ථාවරත්වයක් ගොඩනගාගන්න කටක ලග්න හිමියන්ට සිංහල අලුත් අවුරුදු උදාවෙන් පස්සේ පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ලැබීම් පැත්ත ගැන වැඩිපුර හොඳින් පෙන්නුම් කරනවා කාලයක් තමන්ට සමහර කාලවල් තියෙනවනේ අපිට ලැබෙන්න තියෙන එවා වෙලාවට කලාවට හම්බවෙන්නේ නෑහැ. ඒවා පරක්කු වෙවී යනවා. නමුත් කටකල ලග්න හිමිය ඔබට අලුත් අවුරුදු උදාවෙන් පස්සේ බොහොම හොඳට ලැබීම් පැත්ත පිරිලා පෙන්නුම් කරනවා. හොඳ ආකාරයෙන් පෙන්නුම් කරනවා ඒ නිසා ඔබට ඔබේ ආර්ථිකය ගැන බයවෙන්න දෙයක් නැහැ. වැඩිපුර හිත පින්දහම් පැත්තට අඳින කාලයක්. ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න කාලයක්. ජීවිතයට එන හැම ප්‍රශ්නයක්ම ආගම දහම මුල් කරගෙන තෝරලා බේරලා බොහොම මැද පිළිවෙතක, මැදුම් පිළිවෙතක ඉඳන් දකින්න පුළුවන්. එහෙම දකිනකොට ඔබේ හිත හැමදාම නිවුණු හිතක් බවට පත් වෙනවා. ඇවිලිලා ප්‍රශ්නත් එක්ක ඔට්ටු වෙවී එහෙම මානසික මට්ටමක ඉන්නකොට ඔබට රැකියා ස්ථානයෙත් බොහොම ලස්සනට කටයුතු කරන්න පුළුවන්.ගෙදර දොර පරිසරය තුළත් හරි ලස්සනට හැමදේම සමබර කරගන්න පුළුවන් වෙනවා. සමාජයේදීත් එහෙමයි. ඒ නිසා ඔබ පරිපූර්ණ චරිතයක් බවට පත්වෙනවා. මේ සිංහල අවුරුදු උදාවෙන් පස්සේ තමන්ගේ ආදායම හොඳින් උපයන්න පුළුවන් සහ ඒ සඳහා උත්සාහවන්තම වෙන ප්‍රමාණය තරමටම මේක වැඩි කරගන්නත් ඔබට පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම තමයි ණයට දීපු දේවල් කාට හරි ණයට මුදලක් දුන්න නම් ඒක නැවත ලබාගන්න පුළුවන්. සිංහල අලුත් අවුරුදු උදාවෙන් පස්සේ උදාවන කාලය ඒ වගේම උරුමක්කාරකමට ඔබට යම්කිසි දේවල් ලැබෙන්න තිබ්බ නම් පරම්පරාවෙන් හෝ කොහෙන් හරි උරුමයට ලැබෙන්න තිබිච්ච දේවල් මේ කාල සීමාවේදී ලැබෙන තත්ත්වයෙකුයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම විදෙස්ගත වෙච්ච අයටත් ගොඩක් යහපත් කාලයක්. පෙර කුසල කර්මයන් ඉස්මතු වෙන කාලයක් , විදේශීය වශයෙන් රැකී රක්ෂා කටයුතු බොහොම හොඳට සාර්ථකව කරගෙන යන්න පුළුවන්, හැබැයි ටිකක් ආයෝජන වලදිනම් කලකල්පනාකාරිව කටයුතු කළ යුතුයි. අනතුරු දායක රැකියා කරන උදවිය ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. වාද විවාද වලට පැටලෙන තත්ත්වයක් තියෙනවා. මේ කාලය තුළ නීතිමය කටයුතු තියෙනවා නම් ඒවා විසඳගන්න පුළුවන්. අක්මාව ආශ්‍රිතව රෝග තිබෙනවා නම් ප්‍රවේසම් විය යුතුයි. හිතට පීඩාවල් අනන්ත අප්‍රමාණ එයි, හැබැයි ඔබට ශක්තිය තියෙනවා ඒවා ප්‍රහාණය කරගන්න. ඒ චිත්ත පීඩාවන් ජයගන්න. ඒ වගේම තමයි සොරසතුරු පීඩා ආදීවල් ඇතිවෙන්න ඉඩ කඩක් නොතියා කටයුතු කරන්න ආරක්ෂිත ක්‍රමවේද හැමවෙලේම අනුගමනය කරන්න .
සිංහ
පුංචි පුංචි වැටීම් ඇතිවෙන්න තියෙනවා. ජීවිතයේ අලු ගසා දාලා නැගී සිටීමක් තියෙනවා. සිංහ ලග්න හිමි ඔබට හිතවතුන්ගේ උදව් උපකාර ඔබට වඩා උසස් පුද්ගලයින්ගේ උදව් උපකාර ඔබට බොහෝමයක් ලබාගන්න පුළුවන්. තමන්ට කරගන්න බැරි වැඩකදී අත හිත දෙන්න පිරිස් එමටයි. ඒ දේවල් තුළින් ඔබට සාර්ථකත්වයන් කරා යන්න ඔබේ ජයග්‍රහණය ඇති කරගන්න. මේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ සමාජ සේවා කටයුතු කරගෙන යන අයට ඉතාම සුභදායක කාලයක්. යන තැන මුල් පුටුව හම්බවෙනවා. වියදම් පාර්ශවය නම් අඩු කරගන්න වෙනවා .වියදම ටිකක් වැඩි වන කාල සීමාවක් . අනතුරු, ලිස්සා බැටීම්, වාහන සම්බන්ධ අනතුරු මේවට පොඩි ඉඩක් තියෙනවා අන්න ඒ නිසා වාහන පැදවීම් විනෝද සංචාර වගේ ගියාම වැටීම් අනතුරු උඩකින් පහළට වැටීම් මෙන්න මේ වගේ දේවල් සිද්ධ වීමේ ඉඩක් හරි ලේසියෙන් ඇතිවෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාර වලදී ඔබ කරන දේවල් සාර්ථක වෙනවා හැබැයි හවුල් ව්‍යාපාර වලදී මුදල් යොදවා කරනවා නම් මේ වෙලාවේ ටිකක් සැලකිලීමත් වෙන්න. ඒ ගැන හොයලා බලලා කටයුතු කරන්න. එතකොට විවාහයේ තුළ මෙච්චර කල් දුරස් වෙලා හිටපු අය ඒ කියන්නේ විවාහය තුළ ඈත් වෙලා හිටපු උදවිය නැවත සමීප වෙන කාලයක්. ඒ දුරස්වීම් වලින් ඇතිවෙච්ච මානසික වේදනා අඩුවෙලා ගිහිල්ලා ඒ ප්‍රශ්න සමථයකට පත් කරගෙන නැවත එකතු වෙන කාල සීමාවක්. කකුල් හිරිවැටීම් වගේ දේවල් නිතර ඇතිවීමේ ඉඩ කඩක් තියෙනවා. ලේඛකයන්ට ලේඛන වෘත්තියට හොඳ වන කාලයක් . විනෝදයට අධිකව යොමු වෙන්න එපා. ආගමික කටයුතු වලට වැඩිපුර නැඹුරු වීමක් ඇති කරගන්න. මේ සියලු දෝෂ සඳහා යම්කිසි විදිහකට ප්‍රතිකර්මයක් අවශ්‍ය නම් බෝධි පූජා තියෙන එක පාන්දරයාමේ උදේ 30ත් 5 30ත් අතර යාමයේ බෝධි පූජා පැවැත්වීමෙන් ලොකු ආනිසංසයක් ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. දජක්ක පිරිත සජ්ඣායනයත් ඉතාමත් සුභයි. ගුණගරුක සිල්වත් අයට දානමානාදී දේවල් පිරිමීමත් ඔබට බොහොම සුව ඵලයන් ආනිසංසයන් අත් කරවන සුළුයි.
කන්‍යා
ඔබේ ආර්ථිකමය තත්ත්වය,ඔබේ රැකියාමය කටයුතු වල ස්වභාවය, ඒ වගේම ඔබේ ආර්ථික ස්ථාවරත්වය,පවුල් ජීවිතය, අධ්‍යාපනය මේ වගේ කරුණු කාරණාවලදී,විශේෂ තීරණ තීන්දු ගන්න තැන් එමට එනවා. මොකද විශේෂයෙන්ම ඔබ රැකියා මාරු කරන්න බලාගෙන ඉන්නවා නම් විදේශගත වෙන්න බලාගෙන ඉන්නවා නම් අලුතෙන් විවාහ පත් වෙන්න බලාගෙන ඉන්නවා ඉතාමත් වැදගත් කාලයක්. කන්‍යා ලග්න හිමියන්ට සිංහල අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ඔබේ සමාජ තත්ත්වය තුළ ඔබට ලොකු වටිනාකමක් ලැබෙන කාලයක් විදිහට හඳුන්වන්න. පුළුවන් සමාජ පිළිගැනීම ඇඟීමට පාත්‍ර වීම ඒ වගේම තනතුරු,කීර්තිනාම සමාජයෙන් උරුම වීම ඔබට මේ කාලයේදී දකින්න පුළුවන්. පෙර පින් මතුවෙලා ඒක පළ දෙන කාල සීමාවක් වෙනවා. කරන හැමදේම සාර්ථකත්වයට පත්වෙන කලීමාවක් වෙනවා. ඒ වගේම තමන්ගේ ඉලක්කගත අරමුණු බොහොමයක් සාර්ථක කරගන්න පුළුවන්. ධනය වර්ධනය වන කාල සීමාවක්. ඒ වගේම අනාගත සැලසුම් බොහොමයක් ඔබට හොඳ ආකාරයට ගොණු කරගෙන සාර්ථක කරගන්න පුළුවන් කාලයක්. ඔබ විභාගයක් සමත් වෙන්න බලාගෙන ඉන්නවා නම් ඒ දේවල් ඔබට ලස්සනට අරමුණු කරලා ඒක පිටුපස්ස කරන්න ඕනේ දේවල් හරි විදිහට සැලසුම් කරලා සිදු කරගන්න පුළුවන්. අලුත් ව්‍යාපාර අලුත් ආදායම් ක්‍රමවේදයන් ඔබට සැලසෙන කාලයක්. සිංහල අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ඒ වගේම වාසස්ථාන අලුත් වැඩියා කිරීම,අලුත් නිවාස මිලදී ගැනීම, ඒ වගේම පදිංච ස්ථාන හොඳ ආකාරයට වෙනස් කිරීම, මේ සියල්ලම සිද්ධ වෙන්නත් ඉඩ තියෙන කාල පරාසයක් වෙනවා. ඒ තුළ ඔබේ තිබූ තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයක් ඇති කරවන සුළුයි. ඥාතීන්ගෙන් පවා ඔබට උදව් උපකාර ධනසම්පත්, ලැබෙන්න ඕනේ දේවල් නොවඩුව ලැබෙන කාල සීමාවක්. ඒ වගේම සමහර තැන්වලදී පුංචි අඩුපාඩුවක් වෙන්න පුළුවන්, ඕනෑවට වඩා හැඟීම් බරවීම නතර කළ යුතුයි. නොපෙනෙන දේවල් තුළින් ඒ කියන්නේ නොපෙනෙන බලවේග වලින් යම් යම් පීඩාවල් ඇතිවෙන්න පුළුවන්. තමන්ගේ අනාගතයට වැඩිදියුණුවට සාර්ථකත්වයට හේතුවන අලුත් පුද්ගලයෝ ජීවිතයට එකතු වෙන්න පුළුවන් කාලයක්. ජීවිතයට තමන්ගේ එක හිතවත්කම් අලුතෙන් හදාගන්න අය ගැන ටිකක් හොයලා බලලා විමසිලිමත් වෙන එක වැදගත් වෙනවා. ඒ වගේම තමන් විදේශගත වෙන්න බලාගෙන හිටියා නම් විදේශගත රැකියාවකට යන්න බලාගෙන හිටියා නම් ඒ බලාපොරොත්තු අවුරුද්දෙන් පස්සේ නැවත හරිගස්සගන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා වගේ දේවල් නම් එච්චර සුභදායක නැ. ඒවයින් යම්කිසි ප්‍රශ්න ගැටලු ඇතිවීමේ ඉඩක් තිබෙනවා. ඔබට මේ කාලය තුළ මූල්‍යමය කටයුතු සම්බන්ධ රැකියා බැංකු ක්ෂේත්‍රය වගේ ඒවා ඉංජිනේරු ක්ෂේත්‍රය අය මේ අංශ දෙකට ගොඩක් සුභඵලදායක තත්ත්වයක්.
තුලා
තුලා ලග්න හිමියන්ට රැකියාවේ තත්ත්වය ඉතා යහපත් බව කියන්නට ඕනේ. රැකියාව තුළ ඒකාකාරී ආකාරයෙන් ගලාගිය ස්වභාවය වෙනස් වෙලා තමන්ට හොඳ තැනක්, තමන්ට හොඳ ස්ථාවරත්වයක්, තමන්ගේ හැකියාවට තැනක්, ඒ වගේම ඉහළ අයගේ උදව් උපකාර ලැබීමක්, මේ සියලු දේ පරිපූර්ණ වන කාලයක් බව පෙන්නුම් කරනවා. ඉතින් ඔබ කලක් තිස්සේ බලාපොරොත්තු වෙච්ච තනතුරක් තියෙනවා නම් අන්න ඒ දේවලුත් ඔබට ලැබෙන කාලයක්. තමන්ගේ සාර්ථකත්වයන් පූර්ව කුසල කර්මයන් නිසා සිද්ධ වන කාල සීමාවක්. ඒ වගේම ඔබට ලැබීම් සහිත කාලයක් බව කියන්නටම ඕන. හැම පැත්තෙන්ම ලැබීම් ඒකරාශී වන කාලයක්, ඒ වගේම අන් අයට උදා උපකාර කරන්නටත් ඔබේ හිත පෙළඹෙන කාලයක්. ඒ වගේම ඔබට තෑගි බෝගත් අත පුරෝලා ලැබෙන කාල සීමාවක් වෙනවා. විභාග කරලා රැකියා බලාපොරොත්තු වෙන වයසේ අයට තමන්ගේ අනාගතය සැලසුම් කරන්න හොඳම හොඳ කාලයක්. හැමදේම සම්පූර්ණ වන කාලයක්. උසස්වීම් ගෞරව නම්බුනාම ලැබෙන කාලයක්. ඒ වගේම තමයි ඥාතීන් හිතවතුන් සමඟ කටයුතු සාර්ථකත්වයට පත්වෙන කාලයක් අනිත් අයගේ හොඳ පිළිගැනීමක් ඔබට ලැබෙනවා. ණය තුරුස් තිබුණ නම් ඒවා පියවාගන්න පුළුවන්. ඒ වගේම ඔබට කවුරුහරි ණය වෙලා හිටියා නම් ඒ දේවල් නැවත ඔබට ලබා දෙන කාල සීමාවක්. ඊටත් අමතරව නිදන්ගත රෝග,අසනීප, ආබාධ වගේ තිබිච්ච අයට ඒවයින් සුවපත්භාවය කරන්න පුළුවන්.හැබැයි එහෙමයි කියලා බෙහෙත් අමතක කරන්න එපා. විදෙස්ගත වීමක් බලාපොරොත්තු වුණා නම් ඒ දේවල් සාර්ථකත්වයට පත්වෙන කාලයක්. විදේශගත වෙලා ස්ථිර පදිංචියේ තියෙන අයට අදාළ කටයුතු විදිහටම කරගෙන යන්න පුළුවන්. වාද විවාද වගේ දේවල් එන තැන්වලදී ඒවා මගහැර යන්න. ඒවයින් ඔබට හානි පාඩු අනවශ්‍ය නීති ප්‍රශ්න පවා පැටවෙන්න පුළුවන්. හිතවතුන් අධිකව විශ්වාස කිරීම නිසා යම් තැනක වැටීමක් පෙන්නුම් කරනවා.ඒ නිසා හිතවත්කම් ප්‍රවේසමෙන්. විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට මේ කාල සීමාව තුළ හොඳ විවාහයකට වාසනාව තියෙනවා. හැමදේම එකපාර කරන්න යෑම තුළ අසාර්ථක වීම් ඇතිවෙන්න පුළුවන්.ග්‍රහචාරය බොහොමත්ම සුභදායක වෙලාවක් ඔබට ගතවන නිසා අධ්‍යාපන කාරණා කෙරෙහි කෙලින්ම අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.යාචකයන්ට පූජකයන්ට මහා සංඝරත්නයට දානමානාදි කුසල කර්ම නිතර මාසකට එක වතාවක් කරන්න. ඒකෙන් ඔබට මාස කීහිපයක් කරගෙන යනකොට ආනිසංසයක් අත්පත් වෙනවා. මානසික වශයෙන් යම්කිසි පීඩාවන්ට පත්වෙච්ච අයට යාචකයන්ට උපකාර කිරීම ඒ අයට ඔබට පුළුවන් ද්‍රව්‍යමය වශයෙන් උපකාර කරන්න. බෙහෙත්මය වශයෙන් උපකාර කරන්න.මේ වෙලාව තුළ ඔබට බලපාන ග්‍රහචාරයේ යම්කිසි දෝෂ වලින් මිදෙන්න හේතු වාසනා සැපයනවා.ඒ වගේම විශ්ණු දෙවියන්ට, ඒ වගේම ඝන දෙවියන්ට පුද පූජා පැවැත්වීමත් මේ කාල සීමාව තුළදී කිරීම තුළින් ඔබට විශාල ආනිසංස අත්පත් කරගන්න පුළුවන්. විශේෂයෙන් ඔය අධ්‍යාපනය සහ රැකී රක්ෂා ව්‍යාපාර කරගෙන යන අයට ගොඩාක් සුභ ඵලදායක තත්ත්වයන් ඇති කරවන සුළුයි. ඒ වගේම තමයි බෝධි පූජා පැවැත්වීම තුළත් සෙතක් ශාන්තියක් අත්පත් කරගන්න පුළුවන්. පාන්දර කාලය තුළ බෝධි පූජා පැවැත්වීම තමයි අනුමත කරන්න පුළුවන්.
වෘෂ්චික
වෘෂ්චික හිමියන්ට අලුත් අවුරුදු උදාවෙන් පස්සේ උත්සාහය තරමට ප්‍රතිඵල නෙලාගන්න පුළුවන් කාල සීමාවක් තමයි උදා වෙන්නේ. සිංහල අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ඔබ කරන උත්සාහයන් මල්ඵල ගැන්වෙනවා. දෙයක් කරන්න කලින් කියන්න කලින් ටිකක් වැඩිපුර හිතලා මතලා වැඩ කරන්න කියන එක වෘෂ්චික ලග්න හිමියන්ට කියන්න ඕනේ. වාද විවාද වලට පැටලෙන්න ගියොත් ඔබට ලොකු පීඩාවක් අත්පත් වීමට නියමිතයි. ආදායම් හොඳට ලබන්න පුළුවන් කාලයක් තමන්ට ආදායම් එන්නේ කොහෙන්ද ඒ මාර්ග තවත් පුළුල් වෙලා ආදායම් වැඩිපුර ලබන්න පුළුවන් කාලයක්. ඉංජිනේරු ක්ෂේත්‍රය කලා ක්ෂේත්‍රය ගුරු තාක්ෂණ වේදය මෙන්ම මේ අය ඉංජිනේරු ක්ෂේත්‍රය කලා ක්ෂේත්‍රය ගුරු වෘත්තිය තාක්ෂණ වේදය යන මෙන්න මේ වෘතීන් වල නිරත අයට සිංහල අලුත් අවුරුදු උදාවෙන් පසු රැකියා කටයුතු තුළ බොහොම සුභඵල උදා වන තත්ත්වයක්පෙන්නුම් කරනවා. ඒ වගේම දුරස්ථ ගමන් ආදී දේවල් වලට, පදිංචිය වෙනස්වීම් ආදී දේවල් වලට, ස්ථාන මාරැ ආදීවල් වලට ගමන් බිමන් නිතර නිතර යෙදෙන්න මෙන්න මේ සියලු දේට ඉඩකඩ තියෙන කාල සීමාවක් ඔබට උදා වෙනවා. ඔබ සාමකාමී වෙන්න හැම විටකම උත්සාහ කරන්න, අනිත් අයත් එක්ක අනවශ්‍ය විදිහට සමීප වීම් අදහස් හුවමාරු කරගන්න යෑම එතකොට අනවශ්‍ය මතේද ගොඩනගාගන්න උත්සාහ කිරීම් වගේ දේවල් වලින් සර්ව සම්පූර්ණයෙන් පරිපූර්ණව වැලකිලා ඉන්න ඔබ හිතාගත යුතුයි. ඒ වගේම මංගලයෝග සඵල වන කාලයක් විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට තමන්ට ගැලපෙන සුදුසු අය හම්බ වෙන කාලයක්. ගැලපෙන කේන්දර හම්බ වෙන කාලයක් සහ ඒ අනුව විවාහ පත්වෙන්න ඉඩකඩ ඉක්මනින් සැලසෙන කාලයක්. දූදරු මව්පිය සබත්තා තරවෙන කාලයක්.එකින එකා අතර බැඳීම් ශක්තිමත් වන කාලයක්. සන්ධිආශෘත රෝග ටිකත් තරභාරු අයට මේක වැඩි අ එතකොට වෘශ්චික ලග්න හිමිය ඔබට මේ කාලය තුළ එහෙම දේවල් බල පවත්වනවා නම් ඉදිරියට ටිකක් පරිස්සං වෙන්න වෙනවා. ඒ වගේම මානසික රෝග පීඩා ඇති අය ටිකක් කල්පනාකාරී වෙන්න. තමන්ගේ පවුලේ ඉන්නවා නම් එහෙම කෙනෙක් වෛද්‍ය උපදෙස් පිළිපද්ද පැලිපැදවීම් සිද්ධ කරන්න. හිසේ රෝග සෙම රෝග තුනටිය කොන්ද ආශ්‍රිත රෝග පීඩා මුත්‍රා දැවිලි නිදන්ගත රෝග නහරාශ්‍රිත රෝග ස්නායු රෝග තියෙන උදවිය සැලකිලිමත් වීම ඉතාම වැදගත් වෙනවා. පිළියම් විදිහට රුවන්වැලි සෑය වන්දනා කිරීම පුද පූජා පැවැත්වීම රුවන්වැලි සෑයට පුද පූජා පැවැත්වීම ඉතාම හොඳයි. ඔබට මේ කාල සීමාවේ කරන්න පුළුවන් නම් ඒ වගේම පන්දරයාමය තුළ බෝධි පූජා පැවැත්වීම ඉතාම හොඳයි.මල්මාලා වස්ත්‍ර සිවුරු පිරිකර පූජා කිරීම ඉතාම හොඳයි. පූජනීය ස්ථාන පිරිසිදු කිරීම, සිල්වතුන්ට ඇප උපකාර කිරීමත් හොඳයි.
ධනු
අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන ස්වභාවයක් ධනු ලග්න හිමියන්ට ඇති කරනවා. සිංහල අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ඊට පෙර කාලය තුළ අකර්මාණයන්‍ය වෙච්ච දේවල් ඔබට එච්චර ශක්තිමත්ව කරන්න බැරි වෙච්ච දේවල් වලට සිංහල අලුත් අවුරුද්දේන් පස්සේ ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාවක් ඇති කරවන සුළුයි. ඔබට ජයග්‍රහණ බොහොම ඉහලින් ඇති කරවන සුළු ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒ වගේම හරි සෘජු ප්‍රතිපත්ති ගරුකව වැඩ කරන්න පුළුවන් ස්වභාවයක් පෙන්නුම් කරනවා. මේ ග්‍රහ තත්වයේ යටතේ ජවසම්පන්නව අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන්. ජීවිතයට එන ප්‍රශ්න ගැටලු බාධක වලට ඒ ශක්තිවන්තභාවයෙන් පිළිතුරු දෙන්න පුළුවන්. විනෝදකාමී කාලයක් වනවා වගේම දිනුම් ජයග්‍රහණ සහිත කාලයක් විදිහටත් මේ කාලය හඳුන්වන්න පුළුවන්.ඉදිරියට ගත වන කාලය ඒ වගේම කලාකාමී අයටත් නැත්නම් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ අයටත් මේ කාලය ඉතාම විශිෂ්ට කාල සීමාවක්. උත්සව ප්‍රිය සම්භාෂණ වගේ දේවල් වලට නිතර නිතර සම්බන්ධ වෙන්න ඉඩකඩක් ලැබෙනවා. ඉදිරි කාල සීමාව තුළදී ඒවා ඇති නව සබදෙතා ඇතිවීම් ඉහළ පෙළේ අය නැවත හඳුනා ගැනීම මේ වගේ දේවල් වලින් ඔබේ ජීවන ගමනට ලොකු රුකුලක් ලැබෙනවා. ඒ වගේම මංගලයෝග ආදී දේවල් සපල වන කාලයක්. විවාහ අපේක්ෂිත අයට තමන්ට ගැලපෙන සහකාරියන් සහකරුවන් හම්බවෙන කාලයක්. තමන්ගේ ඇසුරුවට පත්වෙන අය තුළ ටිකක් වංචාකාරී අයත් හමුවෙනවා. ඒ පිළිබඳව ඔබ ටිකක් සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි වංචා පීඩාවලට හසු නොවී කටයුතු කරන්න ඔබ මේ කාලය තුළදී වග බලාගත යුතුයි. හොඳ ධනය ලැබීමක් තියෙනවා රැකියා දියුණු පෙන්නුම් කරනවා මිල මුදල් එක රැස් කරගන්න පුළුවන්. වැයවීම් වෙනුවට රැස් කිරීම ඇතිවන කාලයක්. ඉංජිනේරු ක්ෂේත්‍රය කලා ක්ෂේත්‍රය සංගීත ක්ෂේත්‍රය සහ ලේඛක ක්ෂේත්‍රය තුළ ලේඛන ඔය පොත්පත් රචනා කිරීම මෙන්න මේ ක්ෂේත්‍රයන් තුළ කටයුතු කරන අයට අවුරුද්දෙන් පස්සේ කාලය තුළ ගොඩක් හොඳ ග්‍රහ තත්ත්වයක් උදා වෙනවා. උසස්වීම් ලබාගන්න පුළුවන් තත්ත්වයක් මේ අයටත් තියෙනවා, ඊට අමතරව ගුරු වෘත්තිය නීතිඥ සහ ආරක්ෂකංශ සම්බන්ධ ක්ෂේත්‍රයන් වල කටයුතු කරන අයටත් උසස් වීම් ලැබීමට නියමිත කාල සීමාවක්. ඒ වගේම දේපල ඉඩකඩම් ඔබට ලැබෙන්න තියෙනවා. තමන්ගේ උත්සාහය තරමට නිසි ප්‍රතිඵල තමන්ට ලැබෙන කාල සීමාවක්. බැඳීම් හොඳට ශක්තිමත් කරගෙන යන්න පුළුවන්. ධනහිස් රෝග හිස සම්බන්ධ රෝග වකුගඩු රෝග ආමාෂ රෝග සහ බෙල්ලා ආශ්‍රිත රෝග තියෙන අය ටිකක් පරිස්සම් වෙන්න. ව්‍යාපාර වලට මුදල් ආයෝජනය කරනවා නම් ඒ දේවල් කරද්දී ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. අමතක වීම් අතපසුම් නිසා තමන්ට බාධක ඇති වෙන්න පුළුවන්. අධ්‍යාපනය හදාරන අයටත් තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වන කාල සීමාවක්. මේ කාල සීමාව තුළදී වගේම දුර බැහැර ගමන් බිමන් නම් එච්චර සුභදායක වෙන්නේ නෑ. ඒවායදී ටිකක් ප්‍රවේශං වෙන්න ඒවයින් ඔබට අනවශ්‍ය බාධක කරදර ඇතිවෙන්න පුළුවන්. පූර්ව දක්ෂතා මතුවෙන කාලයක්. පෙර තමන්ට තිබුණු හැකියාවන් දක්ෂතාවයන් මතුවෙලා ඒවා උපමට්ටම් වෙලා එන කාල සීමාවක්. බව පෙන්නුම් කරනවා ඉතින් ඔන්න ඔය කාරණා
මකර
මකර ලග්න හිමි ඔබේ ආදායම් තත්ත්වය ගැන අපි මුලින්ම කතා කරන්න සූදානම් වෙනවා.ආදායම් තත්ත්වය ගැන කතා කරනකොට තරමක සාර්ථකත්වයක් ඔබට තියෙනවා කියන එක තමයි අපිට මූලික වශයෙන් සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ආදායම් මාර්ග සරු කරගන්න ඔබ ටිකක් මහන්සි වෙන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා මේ කාලය ආරම්භයේදීම සැලසුම් කරලා ක්‍රියාත්මක වෙන්න.ඒ වගේම දරු සම්පත් බලාපොරොත්තු වෙච්ච අයට දියනිවරුන්ගේ උත්පත්තියක් ගැන සඳහන් කරන්න පුළුවන්. මකර ලග්න හිමි ඒ වගේම රැකියා සඳහා සුළු සුළු බාධාකාරී තත්ත්වයන් මතුවීමේ ඉඩ ප්‍රස්ථාවක් තියෙනවා. ඉතින් රැකියා ස්ථාන තුළ කටයුතු කරද්දී ප්‍රශ්න ගැටලු ඇති නොවෙන ආකාරයට බොහොම සාමකාමී ආකාරයට ගැටලු නිරාකරණය කරගනිමින් කටයුතු කරන්න ඔබ වග බලාගත යුතුයි. වටිනා කියන දේවල් සොර සතුරන් අත ට පත්වෙන්න පුළුවන්. වටිනා කියන දේවල් ඔය දෙකම වුනොත් සිද්ධ ඒ වගේම අමනුෂ්‍ය රෝග දේවල් ඇතිවෙන්න පුළුවන් යම්කිසි විදිහකට ඉතින් ඒ දේවල් සමාජයේ ප්‍රචලිත දේවල් වැලලී යන දේවල් වුනත් ප්‍රචලිත නොවන දේවල් වුනත් යම්කිසි මානසික වශයෙන් අරබුදතා ඇතිවීමක් ගැන කියන්න පුළුවන්. ධෛර්යවන්ත වෙන්න ඔබේ කටයුතු ජයග්‍රහණය කරවීම උදෙසා.ඒ වගේම වචන කතා කිරීමේදී පරිස්සං වෙන්න. ඒ වගේම නිතර නිතර ආවේගශීලී වෙන මානසික මට්ටමක් ඔබට ඇතිවෙන්න පුළුවන්. ඒ හින්දා ඒ මානසික මට්ටම සමබර කරගන්න. ආවේගශීලී නොවී ඉන්න නිතර කේන්තිය උපදින මොනවාහරි කාරණාවක් ඔබේ ජීවිතය තුළ තියෙනවා නම් ඒක ප්‍රහාණය කරගන්න. හිත නිතර එහෙම් මෙහෙ දුවන ස්වභාවයක් ඇතිවෙනවා, හිත හරි චංචල වන ස්වභාවයක් ඇතිවෙනවා. එක අරමුණක තියාගන්න අපහසු ස්වභාවයක් ඇතිවෙනවා. අන්න ඒක මැඩ පවත්වා ගන්න එක වඩාත් වැදගත් වෙනවා දූ දරුවන් වුනත් හිතුවක්කාරකම් කරන්න ඉඩ තියෙනවා. තමන්ගේ පවුලේ දරුවන් වුනත් යම් යම් හිතුවක්කාර වැඩ කියන දේ නාහන ගති ඉස්මතු වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒවා නිසා ඔබට පීඩාවට පත්වෙන්න පුළුවන්. ඥාතීන් අමනාප වීම් වෙන්න පුළුවන්. යම් යම් මතේද මතවාද පවුල තුළ වුනත් ඇතිවෙන්න පුළුවන්. මේවයින් අගතිගාමී තීරණ තීන්දුවට යන්න සිද්ධ වෙන්න පුළුවන්.ඒවා නිසා ඔබ යම් යම් මානසික පීඩාවලටත් ගොදුරු වෙන්න ඉඩ කඩක් තියෙනවා. එතකොට ප්‍රශ්නෙකට උත්තරයක් හොයද්දී හොඳට හිතලා මතලා කලබල නොවී උත්තරයකට යන එක තමයි මේ වගේ ග්‍රහචාරයක් තියෙන වෙලාවක ඉතාම වැදගත්. ඒවා මගහැරලා පොඩ්ඩක් නිශ්ශබ්දව ඉඳලා ඒවා මග ඇරලා තමන්ගේ ගමන යනවා නම් මේ වෙලාවේ ගොඩක් සාර්ථකයි. ඒ වගේම පාඩම් කරන ළමයින්ට නිදිමත ගතිය නිතරම කම්මැලි කුසීත ගති අධ්‍යාපනයට බාධාගෙන සිදුවීම් සිද්ධ වීම වගේ දේවල් එන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය ගැන ඔබ මේ කාල සීමාව තුළදී විශේෂයෙන් හිතන්නට ඕනේ. මුඛයාශ්‍රිත රෝග ඒ කියන්නේ ඔය දත් සම්බන්ධ කැක්කුම් වර්ග ඒවා ඒ වගේ දේවල් හිස සම්බන්ධ රෝග ධන හිස් ආබාධ ඒ වගේම නහර ආශ්‍රිත රෝග ස්නායු සම්බන්ධ රෝග අ තුනටී ආශ්‍රිත රෝග ඔන්න ඔය දේවල් තියෙන උදවිය ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. කොලස්ට්‍රෝල් තියෙන අයත් ටිකක් කල්පනාවෙන් සැලකිලීමත් වෙන්න වෙනවා. විදෙස්ගත වීම් වලට සුභයි. යම්කිසි දෝෂ පීඩා තියෙන උදවියට ඖෂධ පැල රෝපණය ,දෙවිවරුන්ට පූජා පැවැත්වීම තමන්ගේ කේන්ද්‍රයේ බලවත් උදවිය කවුද කියලා බලලා ඒ අයට පුද පූජා පැවැත්වීම, අලුයම් කාලයේ බෝධි පූජා පැවැත්වීම, තමන්ගේ දෑතින්ම සැකසූ දානමාන පිරිනැමීම, ඒ වගේම ජයශ්‍රී බෝ සමිඳුන්ට දන්දීම ආදී දේවල් ඉතාම හොඳයි.
කුම්භ
ඔබට විශේෂයෙන් ඔබේ දියුණුව සාර්ථක කරගන්න පුළුවන් ඔලුව කල්පනා කරලා වැඩ කරොත් හරි විදිහට තමන්ගේ තීක්ෂණ බුද්ධිය යොදවලා කටයුතු කරනවා නම් ඔබට ජීවිතයේ දිනන්න ඒරාෂ්ටක පරහක් වෙන්නේ නැහැ. විශේෂයෙන් ආධාර උපකාර ලබාගන්න පුළුවන් කාල සීමාවක් ඒරාෂ්ඨක තවදුරටත් තිබුණා වුනාට ඒවට පිළිම් කරලා ඔබට සාර්ථක වෙන්න පුළුවන් කාල සීමාවක්. රැකියාව බාධක මැදින් වුනත් අතහරින්නේ නැතුව අල්ලගෙන ඉන්න පුළුවන් කාල සීමාවක් රැකියාව අතහැරලා දාලා ගෙදරට වෙලා උඩ බලාගෙන ඉන්න වාතාරණයක් ඇති කරගත යුතු නැහැ. රැකයාව තුළ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, හතුරන් ඇති වෙන්න පුළුවන්. අපි ඒවා ගෙදර ගේන්නේ නැහැ ඒවා එතන තියලා එන්න. ඒවා එතන තියලා හිත ශක්තිමත් කරගෙන ඔබ තුළින් නැගිටින්න උත්සාහ කරන්න. ඒ වගේම යම් යම් අර්බුද ඇති කරගන්න තියෙන ඉඩවල් වහලා දාන්න. ඉගැනීම කියන දේ පහළ වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වුනාට ඔබ මහන්සි වෙලා අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න වෙනවා.වඩා වැඩි කාලමුවක් ඒ සඳහා යොදවන්න. ඔබේ ධාරණ ශක්තිය වඩවාගන්න සුළු සුළු උපක්‍රම යොදවන්න ඒ දේවල් තුළින් ඔබට පුළුවන් වැටෙන්න තියෙන තැන්වලදී නොවැටියේ ඉස්සරහට යන්න. ආවේගශීලීවීම් නිතර ඇති වෙන්න පුළුවන්, මනසට එන්න පුළුවන් ඒ වගේ සිතුවිලි ඒ වගේම නොරුස්සන ගතිය එන්න පුළුවන්.තමන්ගේම අය පවා මහා නුරුස්සන ගතියක් මේ වෙලාවේ ඔලුවට එන්න පුළුවන්. හැබැයි ඒ හැඟීම් විතරයිනේ ඒවට වැඩිය ඔලු උස්සන්න දෙන්න එපා ඒවා ඇවිල්ලා තමන්ව ආක්‍රමණය කරන්න තමන්ව වහගන්න දෙන්න යන්න එපා. දේපල ආදී දේවල් සම්බන්ධව තිබුණු ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම අලුතෙන් මොනවාහරි ලබාගන්න තිබුණම් ඒවට උනන්දු වෙන්න, ඒවා ක්‍රමානුකූලව තමන් වෙත ආකර්ෂණය වේ. ඒ වගේම දූ දරුවන් සම්බන්ධ ප්‍රශ්න තිබුණා නම් ඒවා නිරාකරණය කරගන්න පුළුවන් දරුවෝ නොගැලපෙන සම්බන්ධතා ඇති කරන තිබ්බා නම් දරුවෝ නොගැලපෙන කටයුතු වලට යොමු වෙලා හිටියා නම් ඒවා ටික ටික අඩපණ කරලා නැවත දූදරු සබධතාව වර්ධනය කරගන්න පුළුවන්. ව්‍යාපාර වලට සුළු සුළු බාධක ඇති වෙන්න පුළුවන්. පොඩ්ඩ පොඩ්ඩ නැගිටලා අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීම් වලින් පාඩම් ඉගෙනගෙන යන්න ඔබට පුළුවන් වන කාල සීමාවක් වෙනවා. ආර්ථිකමය වශයෙන් ගැටලු ඇතිවෙන්න පුළුවන් එතකොට ඒ දේවලුත් බොහොම සාමකාමී විදිහට විසඳ ගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ, අර්බුද ඇතිවෙනකොට මග අරින්න. ආගමානුකූල වත් පිළිවෙත් වලට යොමු විම ඉතාමත් වැදගත් වෙනවා. ආගමික පැත්තට ටිකක් වැඩිපුර නැඹුරුවක් දක්වන්න පුළුවන් නම් ඔබට මේ කාලේ ඉතාමත් හොඳයි. සිංහල අවුත් අවුරුදු උදාවෙන් පසුකාලය තුළත් ඔබ වැඩිපුර ඒ දේට යොමු වෙන්න එතකොට හිතේ තැන්පත් භාවය රැකෙනවා වගේම ඔබගේ අකුසල් ප්‍රහාණය කරන්නත් ඒක ලොකු ක්‍රමවේදයක්. තමන්ගේ පවුලේ උදවියත් එක්කත් පුළුවන් තරම් සාමකාමීභාවය රැකගෙන ඉන්න. ඒක රකින්න බැරිනම් නිශ්ශබ්දව ඉන්න. ඒ වගේම හවුල් ව්‍යාපාර වගේ දේවල් මේ වෙලාවේ කරන්න යන්න එපා. මොකද හුවුලේ කරන වැඩ වලින් ගැටලු ඇතිවීමේ ඉඩ වැඩියි. බෝධි පූජා පැවැත්වීම ජය පිරිත අන්තරාය නිවාරණ පිරිත ඔබ විශේෂයෙන් භාවිතා කිරීම ජය පිරිත භාවිතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා
ඒ වගේම සීලවන්තයන්ට උපකාර කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම පන්සල් පිරිසිදු කිරීම වගේ දේවල් පුණ්‍ය කර්ම කිරීම වැදගත්. කර්මය බලවත් වෙන්න දෙන්න එපා. පින බලවත් වෙන්න දේවල් කරන්න. එතකොට කර්මය යටපත් වෙලා යනවා.
මීන
මින ලග්න හිමි ඔබට සිංහල අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ග්‍රහ තත්ත්වය ගැන කතා කරනකොට පවුලේ අය සමඟ හොඳ ඉවසීමකින් යුතුව කටයුතු කරන්න කියන එක මතක් කරන්න ඕනේ, මොකද දැන් කන් දෙක පිරෙන්න අහලා තියෙනවා ඔබ සෙනසුරු ඒරාෂ්ටක මීන ලග්න හිමියන්ට අපලයි කියන කතාව. ඒ නිසා ඔබ මේ වෙලාව තුළ බොහොම ඉවසීමෙන් බුද්ධිමත්ව වාසය කරන්න ඕනේ. ආගම දහම පෙරදැරි කරගෙන ඒ වතාවත් හරි විදිහට කරලා බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අනිත් අය වෙනුවෙන් අන් අය වෙනුවෙන් රෝහල් වලට යන්න එන්න සිද්ධ වෙන්න පුළුවන්. බන්ධනාගාර වලට යන්න එන්න සිද්ධ වෙන්න පුළුවන්. උසාවි යන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ වෙලාව තුළ සෙනසුරු ඔබව කැන්දනවා දුක් විඳින ජනතාව නැත්නම් බොහොම සෘණාත්මක වයිබ් එකක් තියෙන තැන් වලට. මේ පොලිසිය උසාවි බන්ධනාගාර රෝහල් කියන්නේ මිනිස්සුන්ගේ සෝසසුම් එළියට යන තැන්. හොඳට මතක තියාගන්න එතකොට ඒ වගේ තැන්වලට ගිහිල්ලා ඇපූ උපස්ථාන කිරීම තමන්ගෙන් වෙන්න යම් දෙයක් තියෙනවා නම් ඒ දේ ඉෂ්ට සිද්ධ කිරීම මෙලොව විතරක් නෙවෙයි සංසාරගත කුසල කර්මයන් ඝනයට වැටෙනවා. ඒක ඔබට මිල කරන්න බැරි ආනිසංස දෙන දෙයක්. ඔබ කවදාවත් ලෙඩ රෝගයකට භාජනය වෙන්නේ නැති ඔබ කවදාවත් විපතකට වැටෙන්නේ නැති තත්ත්වයට ඔබව පමුණුවා ලන්න පුළුවන් පුණ්‍ය බලහිමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විදෙස්ගත වීම් බලාපොරොත්තු වෙච්ච අයට විදේශගත වීමේ වරම් උදා වෙන කාලයක්. හැබැයි ඔය ලියකියවිලි වල මොනවා හරි ප්‍රශ්න තිබ්බ නම් ඒවා ඉක්මනට සම්පූර්ණ කරගන්න. සිංහල අලුත් අවුරුද්දෙන් පසු කාලය ඒ වගේම පපුව ආමාශ්‍රය මුත්‍රා හන්දිපත් ඒ වගේම අර්ෂස් ස්නායු සම්බන්ධ රෝග ආහාර ජීරණ පද්ධති ආශ්‍රිත රෝග මේවා සුළු සුළු දේවල් විදිහට තියෙනවා නම් ඒවා ගැන ටිකක් සැලකිලීමත් වෙන්න. මහා පරිමාණ ඝනයට වැටෙන්න කලින් ඊළඟට තමන්ගේ ජීවිතයේ පීඩන එක අරන් යන්න සිද්ධ වෙනවා කියන එක අලුත් කතන්දරයක් නෙමෙයි මොකද මේ වෙනකොට මේ මොහොතේ වෙනකොටත් ගොඩක් දුක්ඛන්දක් ඔලුවඩ තියාගෙන ඉන්නේ කිසිම සැනසීමක් නැතුව බෙදාගත්ත බත් පත්ත සතුටින් කෑවද කියලා මම ඇහුවොත් මේ දවල්ට බෙදාගත්ත බත් එක ඔබ කියයි නෑ කියලා අ මට එහෙම කන්න බෑ දැන් ඉස්සර වගේ මගේ හිතට ඒ තරම් බරට ප්‍රශ්න තියෙනවා කියලා ඔබ කියන්නේ එතකොට අන්න ඒ වගේ ග්‍රහ තත්ත්වයක් ගත වෙනවා ඒක හැබැවක් අපි දැනගන්න ඕනේ ඒක මතින් නැගී සිටින්න.එතකොට විවාහය තුළ මේ වෙලාවේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ හොඳට පවුල් පන්සල් වෙලා හොඳ ලස්සනට ජීවිතය ගෙවපු අයට බලාපොරොත්තු නොවිච්ච ප්‍රශ්න විවාහ ජීවිතය තුළ ඇතිවෙන්න පුළුවන්. ඒ සිද්ධ වෙන දේවල් ඔබට ඉවසන්න සිද්ධ වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ,ඒ දෙන්නේ ඔබව පීඩාවට පත් කරන්න මේ වෙලාවේ උදා කරන අපලයේ ක්‍රමවේදයන් .ඉතින් ඒ නිසා ඒක මේ කාලය තුළ පමණයි කියලා හිතාගෙන කටයුතු කරන්න. ඒ වගේම හොඳත් එනකොටත් ඒ වගේම එනවා. ඒ නිසා මේ අකුසල කර්මයන් ඔබේ බලවත් වෙලා යන කාලයක්. ඒ නිසා ඒකට හරි විදිහට මුහුණ දෙන්න. ඒ නිසා විදෙස්ගත වෙලා ඉන්න අයට නම් ඕක ටිකක් අඩුවෙන් බලපානවා .මොකද උපන් අක්ෂාංස දේශාංස පරිපථය වෙනස් වුණ හන්දා නමුත් උපන් තැනම උපන් ගමේම උපන් රටම ඉන්න අයට ටිකක් මේක බලපානවා . තමන්ගේ හිත ශක්තිමත් කරගෙන කටයුතු කරන්න ඕනේ. බෝධි පූජා,දන්දීම් වගේ දේවල් වැඩිහිටියන්ට සැලකීම් වගේ දේවල් කරන අයට ටිකක් මේක අඩු වෙලා බලපානවා. ඒ වගේම තමයි විදෙස්ගතව රැකියා කරන අයට තමන්ගේ රැකී රක්ෂා කටයුතු වල අඩුපාඩුවක් වෙන්නේ නැහැ ,නමුත් මෙහෙ රැකියා කරන අයට නම් යම් යම් ගැටලු ඇතිවීමේ ඉඩ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. ඒ වගේම ආදායම් ලැබීම අඩු වෙන්න පුළුවන් කාලයක්. තියෙන ධනයත් වැය වෙන්න, අතේ තියෙන ඒවා වැය වෙනවා තැන්පත් ධනයත් ඇදලා වියදම් කරන්න සිද්ධ වෙන කාරණා කටයුතු සැලසෙන්න පුළුවන් වෙලාවක්. ඒ නිසා ඒවා හරී අමාරුවෙන් බොහෝම හිමින් වියදම් කරන්න . මේ පීඩා එක්ක ඔබ පරිණත අත්දැකීම් බහුල පුද්ගලයෙක් කරනවා.මෙහෙම ජීවත් වෙනකොට ආයේ වැටෙන්න තැනක් නැති තැනට පත් වෙනවා. ඒ හින්දා ඔබ අත්දැකීම් පරිපූර්ණ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා හැමදේම ධනාත්මකව දකින්න. විෂයානුකූලව ගත්තොත් ඒකට හොඳම දේ තමයි තමන්ගේ මනස වෙනස් කරගන්න එක. මනස වෙනස් කරගන්න හොඳම දේ තමයි ආගමානුකූල පැත්තට වැඩිපුරවල යොමු වීම. අනතුරු පැත්තත් මේ වෙලාවේ පෙන්නුම් කරනව.ශරීරය වම් පැත්තට අනතුරු ඇතිවෙන්න පුළුවන් වම් අතට වම් කකුලට බෙල්ලෙව පැත්තට ඔලුවේ වම් පැත්තට අනතුරු ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අනතුරු දායක දේවල් වලට සම්බන්ධ වෙන්න එපා. මීන ලග්න හිමි ඔබ හොඳ කල්පනාවකින් යුතුව කටයුතු කරන්න ඕනේ. ඔබ කේන්ද්‍රය අනිවාර්යෙන් ඔබේ ජෝතිර්වේදියා හමුවෙලා බලා කියාගෙන උපදෙස් ගන්න කියලා මම කියනවා .
වෘෂභ
වෘෂභ ලග්න හිමියන්ට විදෙස්ගත ආදායම් ලබන්න සුභදායක වන වසරක් කියලා මුලින්ම අපි කියන්න ඕනේ.මේ කාලේ විදේශීය වශයෙන් ආදායම් ලබන්න සුභදායක වෙනවා නම් ඔබ විදේශයක් සම්බන්ධ දෙයක් කරන්න ඕනේ. විදේශයකට යන්න මේ අවුරුද්ද තුළ බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන සම්භාවිතාවය හරිම වැඩියි. අනිවාර්යයෙන් සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ ඒ ගැන උනන්දු වෙන්න. ඒ වගේම මෙහෙ ඉඳන් විදේශීය ආදායමක් ඔබ ලබන කෙනෙක් නම් අන්න ඒ දේවල් සරුසාර වන බවක් පෙන්නුම් කරනවා. ඒ දේවල් තුළින් ඔබේ ආර්ථිකය සාරවත් කරගන්න අනිවාර්යයෙන් ඔබට පුළුවන් බවක් පෙනෙනවා. .රැකියාව තුළ තිබුණු පීඩාකාරී තත්ත්වයන් අවම වෙලා යෑමක් ඒ වගේම රැකියා නොමැති අයට නව රැකියා ලැබීමකුත් සිංහල අලුත් අවුරුදු උදාවෙන් පස්සේ පෙන්නුම් කරනවා. පිටපලාත්වල නිතර නිතර සංචාරය කිරීම ඒ වගේම රාජකාරී කටයුතු වලට පිටපලාත් සමඟ සම්බන්ධ වෙන්නට සිද්ධ වෙන වසරක්. සමාජ සේවා කටයුතු වලට නිරන්තරයෙන් දායකත්වය සපයන්න සහ ඒ තුළ යම්කිසි කීර්ති නාමයක් ගොඩනගාගන්න ,පුද්ගල ආකර්ෂණය ලබන්න , සමාජයේ තිබුණට වඩා උසස් තැනක් නිර්මාණය කරගන්න ඔබට හැකි වසරක්. අලුත් ව්‍යාපාර සඳහා අලුත් කර්මාන්ත සඳහා අලුත් රැකියා සඳහා ඔබ යොමු වෙන කාල සීමාවක්. ඒ වගේම ව්‍යාපාර වලට යම්කිසි පිරිස් හවුල් වෙනවා නම් ඒ හවුල් කරුවන්ට මේ වෙලාවේ ලැබීමක් තියෙනවද නැද්ද කියලා බලලා ඕනේ ඒ දේවල් වලට සම්බන්ධ කරගන්න. ඒ වගේම තමයි ඉංජිනේරු වෛද්‍ය ගුරුවරුන් කරන අයට බොහොම හොඳ තත්ත්වයක් මේ ග්‍රහචාරය තුළ බල පවත්වීමට නියමිත වෙලා තියෙනවා. තමන්ගේ ආදායම් ඉහළ යන වසරක්. විවාහ බලාපොරොත්තු තියාගෙන හිටපු අයට තමන්ට විවාහ ප්‍රමාද වෙවී ගියා නම් ඒ විවාහ කාරණා කටයුතු ඉෂ්ට වෙන සුභ ලකුණු සිංහල අලුත් අවුරුදු උදාවෙන් පස්සේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. තමන්ට කැමති ආකාරයේ අය තමන්ට හම්බවෙන කාල සීමාවක්, යෝජනා වලින් විවාහ ප්‍රාප්ත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් තමන්ට ගැලපෙන කේන්දර හම්බ වෙන කාල සීමාවක් වෙනවා .ඒ වගේම ප්‍රේම සබදතා මත විවාහය පදනම් කරගන්න ඔබ හිතනවා නම් ඒ සුදුසු අය තමන්ට හම්බ වෙන කාල සීමාවක්. මේ වෙලාවේ ඔබ ප්‍රවේශං වෙන්න ඕනේ වාද විවාද ආදියට පැටලෙන්න යන්න එපා අන් අය සමඟ වාද විවාද වලට පැටලෙන්න ගියොතින් ප්‍රශ්න දුර දිග ගිහිල්ලා අනවශ්‍ය කරදර වල පැටලෙන්න පුළුවන්. තමන්ගේ කාලය ශ්‍රමය මිල මුදල් වැය වන දේවල් සඳහා ඔබේ නාස්ථි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ගින්දරින් ප්‍රවේසම් වෙන්න,විදුලියෙන් ප්‍රවේශම් වෙන්න, යම් යම් අනතුරු වලට භාජනය වෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නිරත දූදුවෝ විශේෂයෙන් තමන්ගේ අධ්‍යාපන කරුණු කාරණා ගැන උනන්දු වෙන්න.සතුරු බලවේක තමන්ට ක්‍රියාත්මක වීමේ ඉඩ කඩක් තියෙනවා. ඉහලින් ඉන්න අයගේ උදව් උපකාර ලබාගන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ඒ උපකාර මතින් තමන්ගේ දියුණුව තවදුරටත් සාර්ථක කර ගැනීමේ හැකියාව පෙන්නුම් කරනවා. වැඩිහිටියන් වෙනුවෙන් යුතුකම් වගකීම් නිසි විදිහට ඉෂ් සිද්ධ කරමින් තමන්ගේ කර්තව්‍යයන් හරි විදිහට කරගන්න. ඒ වගේම අලුතෙන් මිල මුදල් තැන්පත් කරමින් මොනවාහරි කරනවා නම් ඒ කියන්නේ තමන් මුදල් තැන්පත් කරගන්නවා නම් ඒ කාරණා කටයුතුත් සාර්ථක වෙනවා. සුභ තත්ත්වයන් වර්ධනය කර ගැනීම පිණිස අලුයමආහාර පූජා කිරීම ගොඩක් හොඳයි. දුගි මගී යාචක අයට දානමානාදී දේවල් ඒ අයට අවශ්‍ය බෙහෙත් දීම දානමය පුණ්‍ය කර්මයක් වෙනවා.ඒ වගේම සිල් ගන්න අයට ඇප උපස්ථාන කරන එකත් ඔබට බොහොම සුභයි.
මිථුන
මිථුන ලග්න හිමියන්ට තමන්ගේ ආර්ථික තත්ත්වය හොඳ ස්ථාවරත්වයකින් යුතුව ගොඩනගාගන්න පුළුවන්කම පැහැදිලිවම තියෙනවා, ඉතින් තමන්ගේ වැඩ කටයුතු සාර්ථක වන ලකුණු තමයි සිංහල අලුත් අවුරුදු උදාවෙන් පසුකාලය තුළ ඔබට පැහැදිලිව පෙන්නුම් කරන්නේ. ඔබට ගෞරව නාම, කීර්තිනාම ලැබෙන බවයි. ඒ වගේම යන තැන පිළිගැනීම නීති ගරුක චරිතයක් විදිහට ඔබව හඳුන්වන අතර තිබූ තත්ත්වයට වඩා බොහොම ඉහළ ස්ථාවරත්වයකින් ඔසවා තබන කාලයක්. පැහැදිලිවම සිංහල අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ඔබේ ජීවිතය ලොකු වෙනසකට පරිවර්තනය වෙන බවක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි තමන්ගේ දියුණුවත් සැලසෙන අතරයේ අන් අයගේ ආකර්ෂණශීලී ස්වභාවය ඔබට වැඩිපුර යෙදෙනවා. තමන්ගේ දියුණුව සඳහා ඒ වගේම විදෙස්ගත පදිංචිය බලාපොරොත්තුවෙන් හිටපු අයට ඒ පදිංචියට ඉඩ අවකාශ සැලසෙන කාල සීමාවක් දැනට විදේශ ගත වෙලා පදිංචි වෙලා ඉන්න අයට ඒ පදිංචිය තව තැනකට වෙනස් කරන්න ඉඩ කඩ සැලසෙන්න පුළුවන්. ආදායම් තත්ත්වය ඉහළ යනවා.තමන්ගේ මහන්සියෙන් කැපවීමෙන් ඔබ හොඳින් ඉපයිම් කරන්න දක්ෂ වෙන කාල සීමාවක්. මව්පිය දූදරු සබදතා ශක්තිමත් වෙනවා . වකුගඩු ආශ්‍රිතව රෝග වලින් පීඩාවට පත්වෙච්ච අය තවදුරටත් ඒ වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කරන්න. විවාහය තුළ සාමකාමී ස්වභාවයක් බල පවත්වනවා, බුද්ධිමත් වෙන්න හිතට එන එන හැඟීම අනුව ක්‍රියාත්මක වෙන්න යන්නට එපා බුද්ධිය මුල් කරගෙන හැම තීරණයක් තීන්දුවක්ම ගන්න කියන එකත් මිථුන ලග්න හිමියන්ට මතක් කරන්නට ඕන.
ප්‍රවීණ ජෝතිර්වේදීනි ප්‍රසාදිණි නර්මදා
D.N.අභයවර්ධන.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd