කාර්යාලයට සීමා නොවී ගමට ගොස් වැඩ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ‘ගම සමග පිළිසඳරක්’ තුළ වැඩ සමග යළි ගමට ජාතික වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පැවැති රැස්වීමකට සහභාගිවෙමින් ජනාධිපතිවරයා ‘මෙරට වගා කළ හැකි දේ වගා කර පිටරට ගොවියාට යන මුදල අපේ ගොවියා අතට පත් කරන බවද’ ප්‍රකාශ කළේ යැයි එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන් ය.
‘කොළඹට කිරි අපට කැකිරි’ යනුවෙන් මතුවූ සටන් පාඨ හරහා මෙරට තරුණ කැරලි ඇවිලී ගිය යුගයක්ද විය. තරුණ කැරලි ලෙයින් යකඩෙන් ගින්දරෙන් මඩිනු ලැබූවද කොළඹ සහ ගම අතර පරතරය හීනවී නැත. කාර්යාලයට සීමා නොවී ගමට ගොස් වැඩ කරන්න යැයි ජනාධිපතිවරයාට රාජ්‍ය නිලධාරීන්ට සිහිපත් කිරීමට සිදුවී තිබෙන්නේ එහෙයිනි. මෙම ක්‍රමවේදය වෙනස් විය යුතුය.
සමානුපාතික ඡන්ද ක්‍රමය නිසා මහජන නියෝජිතයා දිස්ත්‍රික්කයකටම වෙන්වූ චරිතයක් විය. තම තමන්ගේ බලකොටු වෙන වෙනම තනාගෙන සිටියද ඔහු දිස්ත්‍රික් නියෝජිතයෙකි. නිශ්චිතව වෙන්වූ කුඩා බිම් තීරුවක් නොමැති හෙයින් ජනතාවගේ ප්‍රශ්නවලට නිශ්චිතව වගකියන්නෙකු නැත. සංවර්ධන ව්‍යාපෘති අඩාලවීමට එයද එක් හේතුවකි.
නිලධාරීන් තීන්දු තීරණ ගන්නේ අමාත්‍යාංශවල ශීත කාමරවල සිට නම් බිමේ ඇත්ත ප්‍රශ්නය හඳුනාගැනීමට ඔවුන්ට හැකියාවක් නැත. ගමින් ගමට ඒ ඒ ජනයාගේ ප්‍රශ්න වෙනස්ය. එක් ගමක ප්‍රධාන ප්‍රශ්නය ජලය නම් තවත් ගමක ප්‍රධාන ප්‍රශ්නය ගංවතුර විය හැකිය. ඒ ඒ ප්‍රශ්න මොනවාදැයි ශීත කාමරවල සිට හඳුනාගත නොහැකිය. එහෙයින් ඇත්ත ප්‍රශ්න මොනවා දැයි දැන ගැනීමට ගමට යා යුතුය. ජනාධිපතිවරයාගේ ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන අර්ථවත් වන්නේද එහෙයිනි.
යම් සංවර්ධන ව්‍යාපෘතියකට මුල්ගල තැබීමේ උත්සවයට දේශපාලනඥයෝ මෙන්ම රාජ්‍ය නිලධාරීහුද සහභාගි වෙති. නටා, ගයා, වයා, රඟා, දෙසුම් පවත්වා ඔවුහු විසිර යති. එම සංවර්ධන ව්‍යාපෘතියට සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීමක්, පසු විපරමක් නොකරන්නේ නම් එම සංවර්ධන ව්‍යාපෘතිය අතරමග නතර වනු ඇත. ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ප්‍රශ්න පැන නගින්නේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදීය. ඒවා සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් නොවන්නේ නම් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකිය. සොයා බැලීමක් නොකරන්නේ නම් හොරකම, වංචාව, දූෂණය හා නාස්තියට එය ප්‍රධාන හේතුවක් වනු ඇත.
රාජ්‍ය නිලධාරීන් අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ විදෙස් ණය හා මෙරට ප්‍රතිපාදන යටතේ සැලසුම් කර ඇති ව්‍යාපෘති 800 කට අධික ප්‍රමාණයක වැඩ නිමවී නැති බවය. ඒවා එසේ වන්නේ කෙසේද? එමෙන්ම එය මොනතරම් අපරාධයක්ද යන්න වටහා ගැනීමද අසීරු නැත. මේ මහජන මුදල්ය. නිලධාරීන්ගේ නොසැලකිල්ල, අකාර්යක්ෂමතාව නිසා මේ මහජන මුදල් අසනාසි වී යන්නේ නම් එය බරපතළ ඛේදවාචකයකි.
මෙරට ජනගහණයෙන් සියයට 75 ක්ම ග්‍රාමීය ජනතාව වෙති. එහෙයින් විශේෂ අවධානය එම ග්‍රාමීය ජනතාව වෙත යොමු කිරීම සාධාරණය. යුක්ති සහගතය. ඇතැම් ගම්වල ජනතාව ජීවත් වන්නේ අවශ්‍ය මූලික පහසුකම්ද නොමැතිවය. එකම රටක ජීවත් වන ජනතාවක් දෙයාකාරයකට ජීවත් විය යුතු නැත. කොළඹ හෝ නගරයේ ඇති පහසුකම් සියල්ල ඒ ආකාරයෙන්ම ගම තුළ ඇති කළ නොහැකිය. එහෙත් අවම පහසුකම් හෝ තිබිය යුතුය.
රාජ්‍ය නිලධාරීහු බහුතරයක් ග්‍රාමීය පළාත්වලින් බිහිවූවෝ වෙති. එහෙත් අධ්‍යාපනය, වැඩිදුර අධ්‍යාපනය මෙන්ම රැකියාව ආදිය නිසා ඔවුන්ගෙන් බහුතරයකට ජීවත්වීමට සිදුවී තිබෙන්නේ ගමෙන් පිටස්තරවය. ඔවුන්ට ගම සමග ඇත්තේ පටු සම්බන්ධයකි. එහෙයින් ඔවුන් ගමට යා යුතුය. සංවර්ධන ව්‍යාපෘති ජනතා හිතකාමීව ක්‍රියාත්මක කළ හැකිවන්නේ එවිටය.
ඇතැම් රාජ්‍ය නිලධාරීන් සිතන්නේ මුළු රටම ‘කොළඹ’ යැයි කියාය එහෙත් කොළඹ හා ගම අතර ඇත්තේ විශාල පරතරයකි. ජීවන වර්ග දෙකකි. ගමේ මිනිහාට ඇති ප්‍රශ්න නගරයේ මිනිහාට නොමැති තරම්ය. ගමේ මිනිසාට ගොවිතැන් කිරීමට අවශ්‍ය පහසුකම් නැත. අපහසුතා මධ්‍යයේ ගොවිතැන් කර නෙලාගත් අස්වැන්නට වෙළෙඳපොළක් නැත. අස්වැන්න නෙලන කාලයටම එම වගාවම ආනයනය කර ඇත. ඒ මිනිසුන්ට එහෙම ප්‍රශ්න තියෙන බව නිලධාරීන් දන්නේ නැත. එහෙයින් නිලධාරියා ගමට යා යුතුය.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, ඔය ගමන්ම අර බිලියන් දහයේ සීනි හොරාවත් අල්ලුවා නම් නේද හොඳ?
පරම්පරාවම නියම කයිවාරු තමයි කියන්නේ... ඒක ඉතින් දැනටමත් ඔප්පු කරලයි තියෙන්නේ.
පොඩ්ඩක් ගැලරිය සතුටු කරනවා මිසක් වැඩක් කරනවා කියා නම් හිතන්න අමාරුයි. කොහොම නමුත් දැන් නිලධාරීන් ගම සමග පිළිසඳරක් කියලා රජයේ ඉන්ධන වියදම් කරගෙන මහජන මුදලින් බටා අරගෙන රෙස්ට් හවුස් වෙන් කරගෙන රවුම් ගහන්න පටන් ගනියි. එච්චරයි.
සියලුම නිලධාරීන්ට දූරදර්ශ හෝ බයිනොකියුලර් සපයනවා නම් හොඳයි...!!!
තමුන්ගේ නැතිවී ගිය ප්‍රතිරූපය නගන්න ගමක් ගමක් ගානේ යන විහිළුවන් පටන්... ඒක හරියට රෝමය ගිනිගන්න කොට කවුද වීනා වැයුවා වගේ...
සේරටම කලින් ඔබ අාදර්ශමත් වෙන්න ඕනෑ.. රටේ ජනතාව අපාදුක් විඳිනවා. තමුන් හා ගජයෝ භාණ්ඩාගාරයට එන ධනය මගදී කොල්ල කනවා.. ගෝලයින්ගේ නමින් වැඩේ යනවා... නිස්සංක සේනාධිපති කියන තක්කඩියාට සහ දෙරණේ දිලිත් ජයවීරත් එක්ක රටේ සාරය උරා බොනවා. නිකම් බොරු දේශමාමක රඟපෑම්.. දැන්නම් අපට අරහං ගොයියෝ.. මදැයි මහලොකුවට රට ගොඩගන්න ගෙනාව වැඩ්ඩෙක්.. සිරිසේන හොඳයි තමුන්ට වඩා.
කිව්වොත් කියන්නේ මේ වගේ කතා තමයි. සිරිසේන 2වැනි කොටස..
මම හිතුවේ හිටන් තමයි ලංකාවේ හිටපු එපාකරපුම ජනාධිපති. හැබැයි මෙතුමා අවුරුද්දකින් හිටනු තුමාගේ වාර්තා කැඩුවා.
පළා බබාගේ බලය අල්ලන්න කැසකවන බයියන්ගේ සෙප්පඩ විජ්ජාවලින් ජනතාව මුලාකරන රැවටිලි කතා.. අපි තවදුරටත් රැවටෙනවාද?
මොහු ගමට ගොස් මිනිසුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම හොඳ දෙයක්. අද මෙවැනි ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් කොළඹට වී සිටීමට පුරුදුවී ඇත. "ගම සමහ පිළිසඳර" වැඩ සටහනට පළාතේ මන්ත්‍රීවරයාට සහභාගී වීම අනිවාර්ය කළයුතුයි.
කෝ.., බමුණුආරච්චි..?
ඔබතුමා පිළිසඳරට ගමට ගිහින් රාමදින්න, ගල් පෙරලන්න, පිට්ටනිවල තුත්තිරි උගුල්ලන්න උපදෙස් දෙනවා. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ ඔබතුමාගෙන් මේ වගේ වැඩ කරවා ගන්න නෙවෙයි. වහාම කලමනාකරණය කළහැකි කලමනාකරුවෙකු වී ඒ සඳහා නීතිරීති පනවන්න. දවසට අඩුගානේ කැලෑ අක්කර 10ක් සුද්දකරනවාලු.. ඔබේ හෝ පොහොට්ටුවේ සහචරයින්. පුරාවිද්‍යාව බුදි. ඒ නටබුන් ඩෝසර් කරනවා බලන්න කවුරුත් නෑ. පොඩි මිනිහා කබලෙන් ලිපට වැටිලා. ඔබ යන්නේ වැරදි පාරක. වහාම හරි මගට එන්න. වටේ ඉන්න උපදේශකයින් පසෙකලා ඔබම තීරණ ගන්න ඉස්සර වගේ. නැතිනම් ඔබත් ඉතිහාසයේ කුනු බක්කියට තමයි. දිනෙන් දිනම ඔබතුමා අප්‍රසාදය වැලඳගන්නවා. වැටෙන කමෙන්ට්ස් දිහා පොඩ්ඩක් ඇස් ඇර බලන්න. ඔබ ටීවී කැමරා ඉස්සරහ නිලධාරින්ට උපදෙස් දෙනවා. ඕවා ඉටු කරනවද ජනාධිපතිතුමනි..?
දැන් මිනිස්සුන්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්නවලින් කිහිපයක් වන්නේ බඩුමිල ඉහළ යාම.., හොද්දට දාන කහ ටිකක් නැතිවීම, විදේශ ශ්‍රමිකයාට මව්බිමට එන්න බැරිවීම වැනි දේවල්.. ඒවා විසඳන්න ගමේ ගොඩේ, රෝන්දේ ගිහින් නොහැක. ඒවා ඔබතුමා ඇතුලු ආණ්ඩුවේ වැරැදි තීරණ නිසා ඇතිවූ ප්‍රශ්න වේ. කරුණාකර මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න.
රාජ්‍ය නිලධාරීන් තමන් සේවය කරන කාර්යාලයකට විසඳුම් සොයා පැමිණෙන මහජනතාවගේ ගැටලුවලටවත් නිසි උත්තරයන් නොදෙන බව නොරහසකි. එබැවින් ගමේ ගැටළු ඔවුන් ගමට ගියත් කෙසේ දකීද? එසේ ගියත් මූලිකව තම ප්‍රවාහන ගතමනාව, අර දීමනාව, මේ දීමනාව නම් උපරිමයෙන් ලබාගනු ඇත. අප අපට අවංක වන්නේ නම් මේ කිසිඳු සේවකයකු පසුපස අප යා යුතුද ?
මෙයාට මෙයා ඉන්නේ කොහේද කියලා අමතක වෙලා... පව්..
ඇයි මෙතුමාට නන්දසේන කිව්වාම මල පනින්නේ? අපි නොදන්න දෙයක් තියෙනවද දන්නේ නැහැ.
රජයේ නිලධාරීන් සියලු දෙනාම ගමේ ගිහින් අපේ ලොකු සර් කළා වගේ පොඩි චණ්ඩි කතාවක් කරලා එන්න.
ගමේ ගැටළු සියැසින් දැක අවබෝධාත්මකව විසඳීමට සැළසුම් කළ යුත්තේ රජයේ නිලධාරීන් නොව ඡන්දයෙන් බලයට පත් මහජන නියෝජිතයින්. රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම ඒවාට සහය වීමත් සැලසුම් නෛතිකව හා ඉලක්කගතව ක්‍රියාත්මක කිරීමත් පමණයි. මේ ගැන නිසි අවබෝධයකින් තොරව ගමට ගොස් ගැලරිය පිනවීම අඳබාල වැඩක්... නිලධාරින් නම් සතියට දිනක් නොව දින 07ම වුවත් රාජකාරියට ගමට ගොස් ප්‍රවාහන හා යැපීම් දීමනා ලබන්න කැමැති වේවි...
විසඳපු එක ප්‍රශ්නයක් කියන්න. හොරු රජ කෙරෙව්වා...
කහ ප්‍රශ්නය වැනි අලුත් ප්‍රශ්න ඇතිකළා මිස තිබුණු කිසිම ප්‍රශ්නයක් විසඳුවේ නැත.
බලාගෙන ගියාම මෛත්‍රි හොඳයිනේ.. නීතිය කෝ?
කිව්වොත් කියන්නේ මෝඩ කතාවක්. රජයේ සියළුම දෙපාර්තමේන්තු අමාත්‍යාංශ නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් දිස්ත්‍රික් මට්ටමින් ගම් මට්ටමින් එදත් හිටියා අදත් ඉන්නවා. අද සමහර රාජ්‍ය නිලධාරින් ග්‍රාමසේවක කොට්ඨාශ මට්ටමිනුත් ඉන්නවා. උදා: සංවර්ධන, කෘෂි, සමෘද්ධි නිලධාරින්. වරද නිලධාරීන්ගේ නෙමෙයි, ඉහළින් නියෝග දෙන මහා පරිමාණයෙන් ගසාකන අයයි.