නොමළ ගෙයකින් අබ මිටක් සොයා යනවාට වඩා නිරෝගී අයකු සොයා යෑම වර්තමානයේ සැබෑම අභියෝගයකි.
සූතිකාගාරයේ සිට ආදාහනාගාරය දක්වා ගෙවා දමනා කාල පරාසයේදී අප කොපමණ නම් රෝගවලට ගොදුරු වී ඇද්ද?

කෙසේ නමුත් අපි සැවෝම කායිකව රෝගී වෙනවාට වඩා වැඩි වාර ගණනක් මානසිකව රෝගී වී ඇති බව සැබෑවකි. කායිකව රෝගී වූ කල වෛද්‍යවරුන් සොයා ගියත්, මනසින් රෝගීවන අපි ඒ වෙනුවෙන් කුමක් කළ යුතු ද යන්න නොදනිමු.
බොහෝ දෙනකු මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරු වීමට හේතු වී තිබෙන්නේ සමාජිය සහ ආර්ථික කරුණු ගණනාවක් මුල්කොට ගෙනය.
මවුපියවරුන් නීතියෙන් වෙන්වීම, මවුවරුන් විදේශගත වීම, විභාග අසමත් වීම, තරගවලින් පරාජය ලැබීම, මත්පැන්, මත්ද්‍රව්‍ය ආදී ඇබ්බැහිවීම්වලට ගොදුරු වීම, ළඟම ඥාති හිතවතුන්ගෙන් දරාගත නොහැකි ආකාරයේ අඩංතේට්ටං, බැණ වැදීම්වලට, පහරදීමට ලක් වීම, ආදර සබඳතා බිඳ වැටීම, ප‍්‍රියයන්ගෙන් වෙන්වීම, අප‍්‍රියයන් හා වාසය කිරීමට සිදු වීම, දිළිඳු බව, බෝනොවන රෝගයන්ගෙන් දිගු කලක් පීඩා විඳීම, විවාහය, රැකියාව බලාපොරොත්තු වන ආකාරයෙන් නොලැබීම ආදී කරුණු එකක් හෝ කිහිපයක් බලපායි.
වර්තමානය වන විට නව යොවුන් වියේ සහ යොවුන් වියේ පසුවන්නන්ගෙන් කාන්සාව, භීතිකාව, ශ‍්‍රස්ථිය සහ මානසික ආතතිය වැනි සුළු මානසික රෝග බහුල ලෙස වාර්තා වීමට පටන්ගෙන තිබේ.
මැදිවයසේ පසුවන්නන් අතර බහුලව දක්නට ලැබෙන උග‍්‍ර මානසික රෝග ලෙසට හීනෝන්මාදය, විෂාධය, ඩිප්ප්‍රෙෂන් දැකිය හැකිය.
වයසට යෑම, රෝග පීඩාදියට ගොදුරු වීම, දරුවන් නොබැලීම හා හුදකලා වීම, ආදී කරුණු මෙවැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වන්නට සෘජුලෙස බලපායි.

වයසට යාමේදී සෑදෙන රෝගී තත්ත්වයන් තරමක් වෙනස්ය. විශේෂයෙන්ම වයසට යාමේදී ස්වභාවිකවම සිදුවන මොළේ මියයාමේ රෝගයට ගොදුරු වන්නන්ට බහුලව මානසික රෝග ඇති විය හැකිය. ඩිමෙන්ෂියාව එලෙස ඇතිවන ප‍්‍රධාන මානසික රෝගී තත්ත්වයකි. වයස අවුරුදු 60 ඉක්මවූවන්ගෙන් වැඩිපුර දක්නට ලැබෙන මෙම රෝගයේදී පුද්ගලයාගේ හැසිරීම් රටාව වෙනස් වීම මූලික වශයෙන් සිදුවේ.
රෝගී ලක්ෂණ දෙස බැලීමේදී මොවුනට කෙටි කාලීන මතකය ගිලිහී යන අතර අතීත මතකයන් හොඳින් රැඳී තිබීම සාමාන්‍ය පරිදි දැක ගන්නට පුළුවන්. උදාහරණයක් ලෙසට උදෑසන ආහාරයට ගත්තේ කුමක්ද යන්න මතකයේ නැතත්, අතීතයේ රට පාලනය කළ දේශපාලනඥයන් ආගිය තැන් ආදී මතකයන් ඔවුන් සතුය. මොළේ මිය යෑම ටිකෙන් ටික සිදුවීමේ ප‍්‍රතිඵලයක් ලෙසට ඇන්සයිමර් රෝගයට ගොදුරුවෙන අතර දිගු කාලීනව පවතින දියවැඩියාව පාලනය නොකිරීම ද මොළේ මිය යෑම ඇති වීමට බලපෑ හැකි කරුණක් බව මේ වනවිට හඳුනාගෙන ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකු කුමන හෝ මානසික ව්‍යාකූලතාවෙන් පෙළෙන බව හඳුනාගෙන තිබේ.
ලොව පුරා මිලියන 450 පමණ මිනිසුන් මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරුවන බව හඳුනාගෙන ඇති අතර අප රටේ සෑම පුද්ගලයන් අට දෙනකුගෙන් එක් අයකු මානසික ව්‍යාකූලතාවකින් පසුවේ.
කායික රෝග වාර්තා වීම් අභිභවා මානසික රෝගවලට ගොදුරු වන රෝගීන් වැඩිවන මෙවන් යුගයක, අපි ඔවුන්ගේ සැබෑ තතු සොයා ගියෙමු.
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය ඒ වෙනුවෙන් අපට මග පෙන්නුවාය.
වසර එකසිය අසූවක් පැරණි රෝහල් භූමියේ කුමන හෝ මානසික යහ පැවැත්මට හානියක් සිදුවීම සම්බන්ධයෙන් රෝගී වූ අපේම මිනිසුන්ගේ හදවත් කම්පා කරවන විටෙක පුදුම සහගත තොරතුරු සොයා අපි රෝහලේ සැරිසැරුවෙමු.
වෙලාව දහවල් දොළහට ආසන්නය. සාමාන්‍ය රෝහල් ගේට්ටු අසල තම රෝගී ඥාතීන් දැක බලා ගැනීමට රැුස් කන ඥාති හිතවතුන් මෙම රෝහල් ගේට්ටුවේ රැස් කන බවක් දක්නට ලැබෙන්නේ නැත.
එක් කෙනකු දෙදෙනෙකු හැරෙන්නට රෝගීන් බලන වේලාවේදී රෝහලට පැමිණෙන්නෙක් නැති තරම්ය.
වෙනත් රෝගයකට මෙන් ඉක්මනින් ප‍්‍රතිකාර ගෙන නිවසට යන්නට මෙහි රෝගීන්ට පුළුවන් කමක් නැත.
ඥාති හිතවතුන්ට ද රෝහල් ගත කරනා රෝගියා නැවත නිවසට ගෙන යෑමට වූවමනාවක් නැතිසේය.
වෙනත් රෝහලකට රෝගී ලක්ෂණ පහළ වූ පසුව රෝගියා රැුගෙන ගියත් මෙම රෝහලට රෝගීන් යොමුවන්නේ කිසියම් හෝ කෙනකුගේ මගපෙන්වීම යටතේ වීම විශේෂත්වයකි.
අපි වෛද්‍යතුමියක් සමග කතා කළෙමු.
”නිරෝගී පුද්ගලයකු යහපත් මානසික මට්ටමෙන් පසුවන බව අප හඳුනාගනු ලබන්නේ පුද්ගලයාගේ ශාරීරික යහපැවැත්ම මානසික යහපැවැත්ම, සමාජීය සහ අධ්‍යාත්මික යන අංශ හතරින්ම උසස් තත්ත්වයක සිටීමෙනි.
සාර්ථකව ගැටලූ විසඳීමේ හැකියාව, තීරණ ගැනීමේ හැකියාව, ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව, ඇති පුද්ගලයකු උසස් මානසික යහපැවැත්මෙන් සිටින්නෙකු ලෙසට හඳුනා ගන්න පුළුවන්.
වෛද්‍ය විද්‍යාත්මකව මානසික රෝගියකු යනු මානසික යහපැවැත්මට හානියක් සිදු වූ අයෙකි. එනම් සාමාන්‍ය ආකාරයෙන් සිතීමේ හැකියාව, යමක් තේරුම් ගැනීමේ හැකියාව, හෝ යම් ආකාරයකට හැසිරීමේ වෙනසක් හෝ ඇති අයකු ලෙසට මොවුන් පෙන්වා දිය හැකිය.
විශේෂයෙන්ම යම් කිසි පුද්ගලයකුට සන්නිවේදනයේ ප‍්‍රශ්නයක් ඇත්නම්, හිතිීමේ හැකියාවේ බාධාවන් ඇත්නම්, තමන්ට අන් අයට නොදැනෙන ආකාරයේ සිතුවිලි ඇති වන්නේ නම් සාමාන්‍ය පුද්ගලයකුට වඩා වෙනස් හැසිරීමේ රටාවක් ඇති මොවුන් ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.
මානසික රෝගයකට ගොදුරු වීමට බලපෑ හැකි කරුණු
ජානමය හේතූන්, සාමාජීය, ආර්ථික, දේශපාලනික, ආගමික ප‍්‍රශ්න ඊට සෘජු හෝ වක‍්‍රාකාරයෙන් හෝ බලපෑ හැකි වෙයි.
ලොව පුරා මිලියන 450 පමණ මිනිසුන් මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරුවන බව හඳුනාගෙන ඇති අතර අප රටේ සෑම පුද්ගලයන් අට දෙනකුගෙන් එක් අයකු මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙනා බව හඳුනාගෙන ඇත.
මානසික රෝග දෙස බැලීමේදී එහි ස්වභාවය අනුව උග‍්‍ර මානසික රෝග, සුළු මානසික රෝග වශයෙන් වර්ග කෙරේ.
හීනෝන්මාදය, විශාදය, මැනික් ඩිප්ප්‍රෙෂන් සයිපෝසියාව උග‍්‍ර මානසික රෝග තත්ත්වයන් යටතට ගැනේ. සුළු මානසික රෝගයන්ට කාන්සාව, භීතිකාව, ග‍්‍රස්තිය, මානසික ආතතිය ගැනෙන අතර මෙම රෝග බහුලව වර්තමානයේ දක්නට ලැබේ.
චිත්ත වික්ෂෝපය විවිධ හේතු නිසා බලපා හැකිය
මොළේ මිය යෑම (ඇන්සයිමර් රෝගය) රුධිර නාල අවහිර වීමෙන් ඒ තත්ත්වය ඇති විය හැක.
ආගාධ රෝග තත්ත්වය
දිගුකාලීනව පවතින දියවැඩියාව පාලනය නොකිරීම
මොළේ මිය යෑම නිසා ද උග‍්‍ර මානසික තත්ත්වයන්ට ගොදුරු විය හැක.
වයසට යාමේදී ඇති වන රෝග ලක්ෂණ තරුණ කාලයට වඩා වෙනස් අතර අමතක වීමෙන් මොළේ උසස් ක‍්‍රියාකාරීත්වය ගිලිහී යාම ද මෙම නිසා සිදුවේ.
උග‍්‍ර මානසික රෝග අතර බහුලව දක්නට ලැබෙන්නේ විෂාදය රෝගයයි. අප රටේ ජනගහණයෙන් සියයට 3ක් පමණ විෂාදය රෝගයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර හින්නෝන්මාදයෙන් පෙළෙන්නන් සිටින්නේ සියයට 1 පමණි.
කාංසාව, භීතිකාව වැනි රෝග තත්ත්වයෙන් පෙළෙන්නන් බහුලව වාර්තා වෙන අතර, එය ප‍්‍රමාණාත්මකව ගත් කල සියයට 20-30 ප‍්‍රතිශතයක්.
හිනෝන්මාදය
මෙම උග‍්‍ර මානසික රෝගී තත්ත්වය ප‍්‍රවේණිගතව ඇති විය හැකිය. පරිසරය අනුව ද සියයට 50 පමණ හින්නෝන්මාදය ඇති වීමට බලපානු ලැබේ. රෝගය ඇති වීමට ජානමය හේතු බලපෑව ද හොඳ පරිසරයක ජීවත් වීමෙන් රෝගය මතුවීම අවම කර ගත හැක.
හඳුනාගෙන ඇති පරිදි වයස අවුරුදු 15-16 අතර පසුවන පිරිමි දරුවන්ටත්, වයස අවුරුදු 25 පසු තරුණ දියණිවරුන්ටත් සමාජිය, අර්ථික ප‍්‍රශ්න මත හින්නෝන්මාදයට, ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් තිබේ. විශේෂයෙන්ම එදිනෙදා කටයුතුවලට බාධාවල් ඇති වීම අධ්‍යාපනය කඩාකප්පල් වීම වැනි දේ ඇති වේ.
මෙම රෝගයට ගොදුරු වන්නන්ගෙන් ප‍්‍රධාන වශයෙන්ම දක්නට ලැබෙන රෝගී ලක්ෂණ වන්නේ අස්වාභාවික ලෙස බාහිර පාර්ශවයන් සැක කිරීමට පටන් ගැනීමය.
මිථ්‍යා විශ්වාස කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ගන්නා ඔවුහු, බාහිර පාර්ශ්වය තමන්ට විරුද්ධව කටයුතු කරන බව සිතති. තමාට වසදී මරාදමති යැයි සිතනා ඔවුහු තනියෙන් කතා කරති. සිනාසෙති.
භ‍්‍රස්තිය තත්ත්වයේදී තවත් කෙනකු තමා සමග නිතර කතා කරන බව ඇසේ. අනෙක් අයට නොඇසෙන ශබ්ද හා කටහඬවල් අසන්නට ලැබේ.
තමන්ට විරුද්ධව කතා කරන බව හැෙඟන අතර පුද්ගලයකු සිටියත් නැතත් කටහඬවල් ඇසෙන්නට පටන් ගැනේ.
මානසික රෝගවලට ගොදුරුවන බොහෝ දෙනකු රෝහල් ගත කෙරෙන්නේ බොහෝ කලක් ගොසිනි. මානසික රෝගයක් ලෙස රෝගය නිශ්චය කර ගැනීමට නොහැකි බොහෝ දෙනකු විසින් කරනු ලබන්නේ තමාට හෝ තම හිතවතාට හෝ භූත දෝෂයක්, යක්ෂ දෝෂයක් ඇතැයි සිතා රුපියල් ලක්ෂ ගණන් වියදම් කර බලි තොවිල් කිරීමයි. එතනින් ද නොනවතින රෝගියාගේ රෝග ලක්ෂණ පහළ වන විට මළගිය ඥාතිවරු ආරූඪ වී ඇතැයි, නැවත නූල් දැමීම, දෙහි කැපීම, ආදී දේවලට නැඹුරු වීමේ ප‍්‍රවණතාවක් තිබේ. සමහරුන් බලිතොවිල් කරන්න ගිහින් මිය ගිය අවස්ථා පවා වාර්තා වූ අවස්ථා අප මතකයේ ඇත. මේ දේවල් එදා වගේම තාක්ෂණයෙන් දියුණු යැයි කියනා මෙවන් යුගයක අඩුවක් නැතුව අද වන විට ඇතැම් කපුමහත්වරුන් තමා ළඟට එන ආතුරයන්ගේ රෝගී තත්ත්වයන් හඳුනාගෙන මානසික රෝහලට යොමු කරන අවස්ථාත් තිබේ.
රෝහලේ ප‍්‍රතිකාර ලබන එක් හැඩි දැඩි තරුණයකුගේ නිධාන කතාව අපි හාරා ඇවිස්සෙමු.
ඔහු නමින් රාජුය. ආර්ථික අපහසුතාවලින් මිරිකෙන ජීවිතයේ ඔහුගේ ජීවන වෘත්තිය වූයේ කැලණි ගෙඟ් වැලි ගොඩදැමීමය. දෛනික වෘත්තියෙහි යෙදෙන්නට පෙර හෙරොයින් භාවිතා කිරීම පුරුද්දක් කර ගත් රාජු, වැලි කූඩයක් දිය යටට ගොස් රැුගෙන එන වාරයක් පාසා හෙරොයින් බීම පුරුද්දක් විය. කාලයක් මෙසේ ගතවන විට ඔහුගේ මොළයට දැඩි හානි සිදු වී තිබුණේ අධික මත්කුඩුවලට ඇබ්බැහි වීමේ ප‍්‍රතිඵලයක් ලෙසටය. රාජු මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදු වී සිිටියේ වයස අවුරුදු 16 සිටය. හුස්ම තද කරගෙන ගෙඟ් වතුර යටට යන ඔහු වැලි කුඩය පුරාව ගන්නා තෙක්ම හුස්ම තද කරගෙන සිටිති.
මෙහි අවසාන ප‍්‍රතිඵලය වූවේ රාජුගේ මොළයට දැඩි හානි සිදු වී තිබීමය. මෙහි අවසාන ප‍්‍රතිඵලය වී තිබුණේ සිහි විකල් වූ පුද්ගලයකු බවට පත් වීමය.
රෝගය හඳුනා ගැනීමට හෝ ප‍්‍රතිකාර කිරීමක් නොකර සිටීමෙන් කෙටි කාලීන මතකය ගිලිහී ගොස් අරමුණක් නොමැතිව ඉබාගාතේ ඇවිදින්නට විය. අධික ලෙස මත්පැන් පානය කිරීමත්, හුස්ම තද කිරීමත් හේතුවෙන් රාජුගේ මොළයට දැඩි හානි සිදු වී තිබූ අතර, එයින් මොළයේ සදාචාරාත්මකතාව වැඩෙනා අංශවලට සම්පූර්ණයෙන් හානි වී තිබුණි. මෙලෙස මොළයේ කොටස් විනාශ වී යාමේ තත්ත්වයට මුහුණ දෙන්නන්ට තමන්ගේ දරුවන් පවා හඳුනාගත නොහැකි අතර බොහෝ අපචාර, දූෂණ සිද්ධීන් මොවුන් අතින් ඉටුවන්නේ ඔවුන් නොදැනුවත්මය. රාජු මානසික විද්‍යා ආයතනයේ ප‍්‍රතිකාර ලබනා රෝගියකු බවට පත් වන්නේ ඉබාගාතයේ යමින් මහ මග මුත‍්‍රා කරමින් මළ පිටකරමින්, මහ මග ගමන් ගන්නන්ට කුණුහරුපයෙන් බැණ වදිමින් යන අතරතුරය. මෙලෙස ඉබාගාතේ ඇවිදින රාජුව ගම්වාසීන්ගේ මැදිහත් වීමෙන් රෝහල් ගත කෙරී ඇත. රාජුගේ මානසික සෞඛ්‍ය අද වන විට කෙබඳුද? අපි වෛද්‍යවරියගෙන් ඇසුවෙමු. රෝහල් ගත කළ මෙම අය හැඩි දැඩි වයස අවුරුදු 45 පමණ කෙනෙක්. නමුත් සීටී ස්කෑන් එකකට භාජනය කළ ඔහුගේ මොළයට දැඩි හානි සිදුව ැඅති බව පෙනීගියා. අද ඔහු රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගන්නෙක්
එලෙස වෛද්‍යවරිය පැහැදිලි කරමින් කියා සිටියාය.
පිස්සෙක්, පිස්සු වැඩ, පිස්සන් කොටුව ආදී වශයෙන් එදිනෙදා ජීවිතයේදී අපි මානසික රෝගයක් ගැන සැහැල්ලූවෙන් සිතුවත්, මානසික ව්‍යාකූලතාවට ගොදුරු වීම සුළු පටු නොවන බව රෝහලට පා තැබූ මොහොතේදීම අපට පසක් විය. එහෙයින් අද ඔවුන් මුහුණ දෙන ගැටලූවට හෙට අප ද පත්වන්නට පුළුවන් බව මතකයේ තබා ගත යුතුය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ බුදු දහම අදහන කෙනෙක් නම් දිනපතා නින්දට පෙර පන්සිල් ගෙන දෙවින්ට පින්දී මියගිය නෑදෑයන්ට පින්දී සිත නිදහස් කරගෙන නින්දට යන්න. එසේ කරලත් සහනයක් නත්නම් ඒ කියන්නේ පෙනෙන වාර ගාණන වැඩිවෙනවා නම් මානසික රෝගියෙක් නොවී උපදෙස් ගන්න.පියා සිහිකර දානයක් දෙන්න.වැඩිහිටියෙකුගේ උපදෙස් අනුව මිත්තනියගේ මතකෙන් මා මිදුනෙත් මෙසේය. (බ)
දැනට ලෝකේ මානසික රෝග වර්ග එක්දහස් පන්සීයක් පමණ සොයාගෙන තිබෙනවාලු. .(රේ)
දිවයින පුර අස්සක් මුල්ලක් නෑර පැතිර ඇති මත්කුඩු ජාවාරම මැඩලීමට වහාම නිසි පියවර නොගතහොත් ඉතා ඉක්මණින් අපේ තරුණයින් සියල්ලම පාහේ මානසික රෝගීන් වනවා නොඅනුමානය (නි)
ලංකාදීපයට ස්තූතියි! (නි)
මේ ලිපිය සෑම දෙනටම බොහොම වැදගත් එකක් (නි)
මාගේ පිය නැතිවෙලා දැනට වසර 23 වෙනවා. සමහර දින වලට මම හීනෙන් දකිනවා එම අවමඟුල් ගෙදර. මගේ පියා මිනීපෙට්ටියේ ඉඳලා මට කතා කරනවා. මම හරියට දුක්වෙලා කියනවා අවට ඉන්න මිනිසුන්ට මගේ පියා මැරිලා නැහැ. ඇයි මේ මිනී පෙට්ටියේ නිදි කරලා තියෙන්නේ කියලා. එම හීනය මම දැන් 5-6 වතාවක් දැකලා තියෙනවා. මෙය මානසික රෝගයක්ද? (නි)
මානසික රෝග සදහා ප්‍රතිකාර ගැනීමට හොද මනෝවෛද්‍ය වරයකු සිට්න තැනක් පවසන මෙන් ඉල්ලා සිටිමි
මෙවැනි දැනුවත් කීරිම් ගොඩක් හොදයි. එවැනි රෝගයකදි අනිත් අය හැසිරෙන්න ඕනෙ කොහොමද.
මානසික රොග තියෙනවා කියලා අදුර ගන්නෙ කොහොමද. අනික ඒවා මොන මානසික ලෙඩෙද කියලා හොයා ගන්නෙ කොහොමද.?
මගේ මව දාලා ගිහින් දැනට අවුරුදු 19ක්... දැන් හුඟක් වෙලාවට මං ඉන්නේ තනියම කවුරුත් නැහැ. බයක් දැනෙනවා ඉස්සරහ ගැන තනියම යන ගමනක් නිසා... ගමේ මිනිස්සු කියනවා අංගොඩ එක්කන් යන්න වෙයිලු. ඒ හැමදේම එක්ක මං ඉන්නේ ලොකු බයකින් ඔලුව නිකම් තද වෙලා වගේ පිස්සු වගේ සමහර වෙලාවට...
මට මනෝ උපදේශකවරයකුගේ නම්බර් එකක් දෙන්න පුලුවන්ද.?
ගොඩක් වටිනවා මේ ලිපිය. මගේ අම්මාටත් මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.. ගොඩාක් දුකයි කෝම හරි බේරගන්න ඕනෑ... මං ළග වියදම් කරන්න තරම් සල්ලි නම් නෑ.. ඒත් කොහොම හරි බේරගන්න ඕනෑ. ඒ තමයි මගේ හයිය...
මානසික රෝගයක මුල් අවධිය හදුනාගත හැක්කේ කෙසේද?
මහනුවර අවට සිටින මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැකි වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්න පුළුවන්ද?
ගිහිං හම්බවෙලා මට දැනෙන දේවල් ගැන කියන්න පුළුවන් ඩොක්ටර් කෙනෙක් ඉන්න තැනක් හෝ ටෙලිෆෝන් නම්බර් එකක් දෙන්න පුළුවන්ද...?
අපේ තාත්තා ගෙදර බිලා ඇවිත් රණ්ඩු වෙනවා. සමහරක් දවස්වලට දුව කියලා අඳුරන්නේත් නැහැ. නිතිරිති හරියට දානවා. මට කැමැති ඇඳුම් අඳින්න නැහැ. මට කොහෙවත් යන්න දෙන්නේ නැහැ. සැක කරනවා. මට වයස 26යි.. මම ඒ ප්‍රශ්න ගැන කල්පනා කරනවා.
ඩොක්ටර්, මගේ හස්බන්ටත් මේ වාගේම ප්‍රශ්නයක් තියෙනවා. එයා ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා සිතන කෙනෙක්, ඒ සිතීම කොතරම්ද කිව්වොත් එයා සහ මම අතර ප්‍රශ්න වෙන ප්‍රමාණය වැඩියි...
මට වයස අවුරුදු 22යි. ගොඩාක් වේලාවට දැඩි හිසරදයකින් පීඩා විඳිනවා. හිසරදය වැඩිම වුණාම ඇඟ ගැහෙන්න ගන්නවා. මම අවුරුදු 3ක ප්‍රේම සම්බන්ධයකින් පසු විවාහ වී සිටින්නේ. මගේ දෙමව්පියෝ මගේ ප්‍රේම සම්බන්ධයට දැඩි ලෙස විරුද්ධ වූ නිසා ඔවුන් මාව දැඩි ලෙස සිරකළා... වසරක් පමණ කිසිම කෙනෙක් සමග කතා කිරීමට, නිවසින් එළියට යාමට කිසිම මිතුරකු ඇසුරු කිරීමට අවසරයක් නොලැබිණි... මම මේ වනවිට විශ්ව විද්‍යාල සිසුවියක්. මගේ විවාහය පිළිබඳව මගේ දෙමව්පියන් නොදන්නා අතර මගේ සැමියා මසකට සැරයක් මා බැලීමට පැමිණේ... නිවාඩුවට මම මගේ දෙමව්පියන් ළඟට යනවා. නමුත් දෙමව්පියන් ළගට යන දිනවලට සැමියා සමග කතා කිරීමට අවස්ථාවක් නැහැ. මගේ සැමියා මට බොහෝ ආදරෙන් සලකන නමුත් මෑත කාලීනව සිට ඉතා සුලු සිදුවීම් මුල් කරගෙන මම ඔහු සමග රණ්ඩු ඇතිකර ගන්නවා. පසුව මටම මම අහේතුකව ඔහු සමග රණ්ඩු කළ බව වැටහෙන නමුත් ඒ පිළිබඳව සිතීමෙන් මා දැඩි වෙහෙසකට පීඩාවකට පත්වේ. මෙය මානසික රෝගී තත්වයක්ද? මා කළ යුත්තේ කුමක්ද?
මගේ බිරිඳ නිතරම කොස්ස, ඉදල, අරගෙන නිතරම අතු පතු ගානවා, අපට දරුවෙක්ද ඉන්නවා. දරුවා ගැනවත් බලන්නේ නෑ, එයාගේ වැඩේ අතු ගානවා, පිඟන් කෝප්ප හෝදනවා, අස්පස් කරන එකමයි මුළු දවසේම, මේක මානසික රෝගයක් ද නිතර නිතර ඒ දේම කරන්නේ ඇයි...?
මෙම රොගය නිටිටාවට සුව කර හැකිද?