පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වරින් වර කතාබහ මතුවෙයි. එවැනි බොහොමයක් කතා නොකෙරෙන දීගයක් ගැන සිදුකෙරෙන මත ප්‍රකාශවලින් එහාට යන්නේ නැත. මේ සම්බන්ධයෙන් අලුත්ම කතාබහ ඇතිවූයේ කොළඹ ජනාධිපති කාර්යාලයේ පසුගියදා පැවැති ශ්‍රීලනිප පළාත් මට්ටමේ සංවිධායකවරුන්ගේ රැස්වීමේදීය. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් පළාත් සභා මැතිවරණය කල්දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරන බවය. දැනට ද පළාත් සභා 06ක කටයුතු මේ හේතුවෙන් අක්‍රිය වී තිබෙන බව ද එය ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර තත්ත්වයක් නොවන බව ද ජනාධිපතිවරයා කියා තිබිණි.
මේ කතාව ඇත්තකි. පළාත් සභා ඡන්දය ඔන්න තිබ්බා.. මෙන්න තිබ්බා තරමට කතා සිද්ධ වුණත් වැඩේ නම් තාම කෙරුණේ නැත. ඡන්දය තැබීමට පියවර ගත යුත්තේ ආණ්ඩුව විසිනි. පළාත් සභා ඡන්දය නොපවත්වන බවක් ඔවුන් කිසිසේත් කියන්නේ නැත. මාධ්‍ය සාකච්ඡාවක් තැබුවොත්, පාර්ලිමේන්තුවේදී විමසීමක් කළොත්, ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවය. එහෙත් ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කිසිවක් කෙරෙන පාටක් නැත. පසුගිය වසරේ පැවැත්විය යුතු පළාත් සභා ඡන්ද තවමත් නොපැවැත්වෙන්නේ එසේ අවශ්‍ය කටයුතු නොකෙරෙන බැවිනි.
මේ අතර මැතිවරණ කොමිසම ද පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මේ වසරේ අප්‍රේල් මාසයට පෙර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කිසිදු අවකාශයක් නොමැති බවයි. ඡන්දයට හරස් වන බව කියන නීතිමය බාධක දැන්ම ඉවත් කළත් එවැනි කාලයක් ගතවන බව කොමිසමේ සභාපතිවරයා කියා තිබිණි. මේ වනවිට ද කාලය ඉකුත් වී තිබෙන වයඹ, මධ්‍යම, උතුරුමැද, උතුර, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභා පවතින්නේ අක්‍රීය මට්ටමේය. මේ පළාත්වල අත්‍යවශ්‍ය කටයුතු නිලධාරීන්ගේ මට්ටමින් පවත්වාගෙන ගියත් මහජන ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයෝ නොවෙති. එහිදී වඩාත්ම අසාධාරණයට ලක්වන්නෝ ඒ ඒ පළාත් සභාවල ඡන්දදායකයෝය. තමන්ට කැමැති පාලනයක් පළාත් සභාවලට පත්කර ගැනීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වී ගොසිනි.
කල් පසුවෙන පළාත් සභා ඡන්දය පවත්වා ගැනීමට බාධා පමුණුවන නීතිමය බාධක ඉවත් කරගැනීමේ අරමුණින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් සමඟ පසුගියදා සාකච්ඡාවක් ද කැඳවා තිබිණි. ඉන් පසුව ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ මැතිවරණය කැඳවීමේදී කොමිසම මුහුණදෙන බාධාව වී ඇත්තේ නව බලප්‍රදේශ සලකුණු කෙරෙන සීමා නිර්ණය කටයුතු තවම අවසන් නොවීම බවයි. මෑතකදී හඳුන්වා දුන් මිශ්‍ර ඡන්ද ක්‍රමය සඳහා සීමා නිර්ණය කටයුතු අවසන් වී තිබීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. එහෙත් තවමත් සිදුනොවී ඇත්තේ ද එයම බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි.
මැතිවරණය පවත්වා ගැනීමට සියලු දේශපාලන පක්ෂවලට සැබෑ වුවමනාවක් ඇත්නම් කළ යුත්තේ පළාත් සභා ඡන්දය පැරැණි මනාප ඡන්ද ක්‍රමයට පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තුවෙන් යෝජනා සම්මතයක් ගෙන ඒමය. එවිට පැරැණි ක්‍රමයට හෝ ඡන්දය පවත්වා ගැනීමට හැකිවනු ඇත. කොහොම බැලුවත් පෙනී යන්නේ පළාත් සභා ඡන්ද පවත්වනවාට වඩා නොපවත්වා සිටීමට ප්‍රබල උත්සාහයක් දරමින් පවතින බවය.
එසේම ජනාධිපතිවරයා තම සාකච්ඡාවේදී පෙන්වා දී තිබුණේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂිත අරමුණුවලට පටහැනි බවය. මේ නිසා ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදීමට කටයුතු කළ යුතු බව ද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි. එම කරුණු සමඟ අපි ද එකඟ වෙමු. එහෙත් එසේ එකඟ විය නොහැකි කරුණු කිහිපයක් ද තිබෙන බවත් මෙහිදී සඳහන් කරමු.
සීමා නිර්ණය කමිටු වාර්තාවේ ප්‍රමාදය පළාත් සභා ඡන්දය පැවැත්වීමට හරස් වන බව ජනාධිපතිවරයා ඇතුළු රටේ පාලක පන්තිය හදිසියේ දැනගත් තත්ත්වයක් නොවේ. පළාත් පාලන ඡන්දය දවසින් දවස, මාසයෙන් මාසය පමණක් නොව වසර දෙකක්ම යනතුරු ප්‍රමාද වූයේ ද සීමා නිර්ණය වාර්තාවේ අඩුලුහුඬුකම් හේතුවෙන් බව පුන පුනා ඒ දවස්වල කියනු මුළු රටම අසා සිටියේය. අවසානයේ පළාත් පාලන ඡන්ද නොපවත්වා බැරි තැනට තල්ලු වූ විට එය පවත්වා සෑහෙන කට්ටක් කෑමට ආණ්ඩුවට සිදුවූ බව ද මෙහිදී සිහිපත් කර දීමට කැමැත්තෙමු. ඊළඟට එන්නේ පළාත් සභා ඡන්දය බව ඒ වනවිට ද රටේ ජනතාව දැන සිටියහ. එය ආණ්ඩුව නොදැන සිටීමට හේතුවක් නැත. එහෙත් පළාත් පාලන ඡන්දය කල්දැමීමට සිදුවූ සීමා නිර්ණය බාධාව පළාත් සභා ඡන්දවලට පෙර ඉවත් කරගැනීමට ආණ්ඩුව කිසිදු වුවමනාවක් පෙන්නුවේ නැත. ඔක්තෝබර් 26 වැනිදායින් පසුව එවැන්නක් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට හැකියාවක් නොතිබුණ ද ඊට පෙර එය නිරාකරණය කිරීමට අවශ්‍ය තරම් කාලය තිබූ බව අපගේ වැටහීමය. පළාත් සභා ඡන්දය කලට වෙලාවට තබාගත නොහැකි වී තිබෙන්නේ එහි එක් ප්‍රතිවිපාකයක් වශයෙනි.
පළාත් සභා ඡන්දය තවදුරටත් ප්‍රමාද නොකර වහාම පැවැත්වීමට කටයුතු කරන්නැයි ඒ ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙනුවෙන් අපි ඉල්ලා සිටිමු. එසේම පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු දින වකවානු බලයේ සිටින පක්ෂයේ ඕනෑ එපාකම් අනුව එහෙ මෙහෙ යැවිය හැකි පාපන්දුවක් බවට පත් නොකර නිශ්චිත දිනයක ඡන්දය පැවැත්වීම නීතිගත කරන්නැයි ද ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු.
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පළාත් සභා ඡන්දය ආණ්ඩුවේ වගකීමක්