
නිදහසින් පසු වසර 74ක් පුරා රට සංවර්ධනය කරා ගෙන යන්නට නායකයන් තෝරා ගත් ආකාරය නිවැරැදි දැයි සිතා බලන්නට දැන් කාලය පැමිණ තිබේ. මෙකී සියවස් කාලකට සමීප කාලයක් තුළ අප එකී කාලයට සාපේක්ෂව අගය කළ හැකි සංවර්ධනයක් කරා එළඹියේ නම් එම කාර්යය කළ යුතු නැත.

එහෙත් විශේෂයෙන් ආසියානු කලාපයේ රටවල් සංවර්ධනය කරා පිය මැන්නේ පසුගිය දශක කිහිපය තුළ බැවින් එම රටවල ජනයා නායකයන් තෝරා ගැනීමේදී සිතා බලා ඇති කරුණු පිළිබඳවත් බ්‍රිතාන්‍ය ඇතුළු සංවර්ධිත රටවල් සිය නායකයන් තෝරා ගැනීමේදී ඉවහල් කරගෙන ඇති නිර්ණායක ගැන සිතා බැලීමටත් තවමත් ප්‍රමාද නැත.
නිවැරැදි නායකයන් තෝරා ගැනීමට පෙර නිවැරැදිව සිතා බලන ජනතාවක් අප පත් කරගත යුතු බව ජනතාවාදී නාට්‍යකරුවකු වූ ජර්මන් ජාතික බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වරක් කියා සිටියේය. එම නිසා පොදු ජනතාව වන අප සංවර්ධිත රටවල් නායකයන් තෝරා ගැනීමේදී කුමන කරුණු බැහැර කළේද කුමන කරුණු ඉස්මතු කරගත්තේද යන්න නැවත අවධාරණයට ගත යුතුව ඇත.
මීට අදාල ඉතාමත් සමීප වූ මෑත කාලීන අත්දැකීම අපට ලැබෙන්නේ බ්‍රිතාන්‍යයෙනි. බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට උපතින් බ්‍රිතාන්‍ය හෝ ඉංග්‍රීසි ජාතිකයකු හෝ වීම අනිවාර්ය වූවකැයි එරට ජනතාව කිසිවිට සැලකුවේ නැත. ජූලි මාසයේ ඉල්ලා අස්වන්නට සිදුවූ හිටපු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් උපත ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යොක් නුවරය. බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමෙන් පසු කොන්සර්වේටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගෙන ඔහුට හෝ ඇයට නායකත්වය හා අගමැති ධුරය පිරිනැමීම බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය වූයේය. ඒ අනුව පක්ෂය තුළ ක්‍රියා මාර්ග ගණනාවකින් පසු මුලින්ම අට දෙනෙක් ඊළඟ නායකත්වය සඳහා සුදුසුකම් ලබා සිටියහ. එකී අට දෙනාගෙන් පස් දෙනකුම උපතින් බ්‍රිතාන්‍ය ජාතික හෝ ඉංග්‍රීසි ජාතිකයකු නොවීම විශේෂයකි.
රිෂී සුනාක් බ්‍රිතාන්‍ය ඉන්දියානුවෙකි. සජීඩ් ජාවිඩ් සංක්‍රමණික බස් රියැදුරකුගේ පුතෙකි. ඔහුගේ මව ඉංග්‍රීසි කතා නොකළාය. නයිමි සහාවී (Nadhim Zahawi) කුර්දිස් ඉරාකයේ සිට සංක්‍රමණය වූ අයෙකි. ඔහු බ්‍රිතාන්‍යයට ආවේ අවුරුදු 11දීය. ක්වාසි ක්වාරටෙන්ග් ඝානාවෙන් සංක්‍රමණය වූ මධ්‍යම පන්තිකයකුගේ පුත්‍රයෙකි. ඩොමිනික් රාබි යුදෙව් ජාතිකයකුගේ පුත්‍රයෙකි.
මේ අය පක්ෂ නායකත්වය උදෙසා නම් කිරීමේදී කුලය, ජාතිය, ජනවර්ගය, ආගම, උපත ආදී කිසිම කාරණයක් සැලකුවේ නැත. සලකා බැලූ නිර්ණායක වූයේ ඔවුන්ගේ උගත්කම, පාලන දක්ෂතා, තීරණ ගැනීමේ පරිණත භාවය ආදියයි. අවංක බව මේ සියල්ල පරයා ගිය මූලිකම සාධකයක් විය. මේ අට දෙනා අතුරින් මුලින්ම පත්වූ ලිස් ට්‍රස් නොබෝදා ඉල්ලා අස්වූ පසු ඔක්තෝබර් 25 වැනිදා අගමැති ධුරයේ වැඩ භාරගත්තේ රිෂී සුනාක්ය. ඔහුගේ දෙමාපියන් අප්‍රිකාවේ උපත ලැබූ ඉන්දියානු පන්ජාබ්වරුන්ය.
ඔවුහු හින්දු භක්තිකයෝ වූහ. ඔහුගේ පියාගේ නම යෂ්වීර් සුනාක්ය. මව ඌෂා සුනාක්ය. පියා උපත ලැබුවේ කෙන්යාවේය. මව උපත ලැබා ඇත්තේ ටැන්සානියාවේය. රිෂී සුනාක් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් දේශපාලන දර්ශනය හා ආර්ථික විද්‍යාව යන විෂයන්ගෙන් පළමු පන්තියේ (ගෞරව) උපාධිය දිනා ගත්තෙකි. හෙතෙම සාර්ථක දේශපාලන ජීවිතයකට පිවිසෙන්නේ එම උගත්කම ඔස්සේය.
අප 1818 කැරැල්ලේදී ද නායකත්වය බාර දීමට රජ පරම්පරාවකින් පැවත එන්නකු සෙවූ බව තෙන්නකෝන් විමලානන්දගේ 1818 කැරැල්ල ආශ්‍රීත ග්‍රන්ථයෙන් පැහැදිලි වේ. ඒ වනවිට රාජාණ්ඩුවක්ව පැවැති බ්‍රිතාන්‍යය 1932 වනවිට ප්‍රජාතන්ත්‍රවාදය කරා ප්‍ිය මැන්නේය.
අපට සමීප ඉන්දියාවේ මාස කිහිපයකට පෙර ජනාධිපති පදවිය උදෙසා තෝරා පත් කර ගැනුණු ‘ද්‍රෞපදී මුර්මු’ සන්තාලි ගෝත්‍රයේ පවුලක උපන් තැනැත්තියකි. දැඩි ජීවන අරගලයක යෙදී තම ඉගෙනීම සාර්ථක කර ගත් ඇය රාමදේවි කාන්තා කොලිජියෙන් සිය උපාධිය දිනා ගත්තාය. ඉන්දියානු ජනරජයේ රාජ්‍ය නායක පදවියත්, විධායක බලයත්, ඉන්දියානු සන්නද්ධ හමුදා නායකත්වයත් හිමිවන්නේ ජනාධිපති පදවියටයි.
ආසියාකරයේ වඩාත් ශීඝ්‍රයෙන් සංවර්ධනයට පාත්‍ර වූ සිංගප්පූරුවේ වර්තමාන අග්‍රාමාත්‍ය ලී සෙයින් ලුන්ග් අගෝස්තු 21 වැනිදා එරට ජාතික දින රැස්වීම අමතමින් කියා සිටියේ නායකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු දෝෂයකට ඉඩ තැබීමේ අවකාශයක් සිංගප්පූරුවට නොමැති බවයි. නායකයන් පුහුණු කිරීමේ හා බිහිකිරීමේ කාර්යභාරය ලික්වාන් යූ ඉටු කළේ 1980 තරුණ නායකයන් හඳුනා ගැනීමේ පටන්ය. සිංගප්පූරුවේ නායකත්වයේ පදනම කුසලතාවයි.
අටසිය දහ අටේ කැරැල්ලෙන් සියවස් දෙකක් ඉක්ම ගිය පසුවත් නායකයන් පත් කර ගැනීමේ යල්පීනූ මත තවමත් අප කෙරන් දුරුව ගොස් නැත. අප තවමත් නායකයන් පත් කර ගැනීමේ දී ජාති, කුලමල, ආගම, පවුල යන සීමාවලට කොටු වී සිටියදී ලෝකයා එම සීමා මනසින් බැහැරකොට දක්ෂයා නායකත්වයට පත් කරගෙන කඩිනමින් සංවර්ධනය කරා ඇදේ.
නායකයන් පත්කර ගැනීමේ යල් පීනූ ආකල්ප ඉවත ලා ලෝකය දෙස බලා අලුත් ආදර්ශ ඉවහල් කර ගැනීමේ වගකීම ඇත්තේ ජනතාව වන අපටමය. නායකයන්ට පෙර අපි අලුතෙන් සිතන නව ජනතාවක් පත් කර ගත යුතු වෙමු යයි බ්‍රෙෂ්ට් කීවේ ඒ නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තේරුවොත් පිං ජනපතිලු... එංගලන්තේ තේරුවොත් ලෝකෙටම ආදර්ශයක්ලු... මුලින්ම මේ වහල් මානසිකත්වයෙන් මිදිලා ඉන්න...
ලංකාවේ ජරාජීරණ දේශපාලන තන්ත්‍රයක් ඇතිවීමට ප්‍රධාන හේතුව ඡන්ද දායකු වීමට එකම සුදුසුකම වයස සැපිරීම පමණක් වීමයි. බහුතර ඡන්ද දායකයා උගත්, බුද්ධිමත්, දුරදර්ශී නොවන තාක්කල් ඔවුන් පත්කරන නායකයින් ගේ උගත්, බුද්ධිමත්, දුරදර්ශී තත්වයක් බලාපොරොතු විය නොහැක.
ඔය ආදර්ශය අපටත් අරන් පඹයෝ එවල ඉන්දියාවේ මෝඩිට අපේ ජනාධිපතිකමත් දෙමු.
එක් අතකින් එසේ වනවා සේම බ්‍රිතාන්‍යයන් හෝ ඇමරිකානුවන් හෝ වෙනත් ජාතිකයෙකු ආදරය කරන්නේ තමාගේ ස්ථිර පදිංචියටයි. ඔවුන්ගේ මනසේ ඇත්තේ පදිංචි රටේ උරුමයන්ය. එහෙත් අපේ රටවල මිනිසුන් වැඩ කරන්නේ අපේ රටට නොවීම මෙහි ඇති විශාලම ගැටළුවයි. එබැවින් මෙම කාරණය පෙනෙන පරිදිම සරලව ගැනීම යුක්ති සහගත නොවේ. වෙනස් විය යුත්තේ ඡන්ද ක්‍රමය, ව්‍යවස්ථාව පමණක් නොවේ. නායකයින්ද නායකයන් වීමට සිටින්නන්ද අවංක විය යුතුයි. ඒ ඒ නීති ගැලපෙන්නේ ඒ සංස්කෘති වලටයි. අපේ රටේ සංස්කෘතිය තුළට වෙනත් සංස්කෘතියක් ඔබ්බවන්නේ නම් පළමුව නීතිය තුළින් රිංගා යා නොහැකි තහනම් දේශද්‍රෝහි ක්‍රියාවන්ද දඬුවම් සමගම හඳුනා දිය යුතුයි. එසේ නොවුවහොත් සිදුවන්නේ බ්‍රිතාන්‍යය දෙස බලා නායකයින් පත්කළ පසු නායකයින් අප දෙස නොබලා අන් රටවල න්‍යායපත්‍ර අනුව වැඩ කිරීම පමණකි...!
ඉතින් දැන් ලංකාවේ ජනාධිපති මේ වගේනේ.. මොකක්ද එයාගේ වෙනස?
ශ්රී ලංකාවේ කවුරු කොහොම කෑගැහුවත් අපේ රටෙන් අඩකටත් වඩා තවම ජීවත්වන්නේ ගෝත්‍රික යුගයක බව ලෝකය දෙස ඇස යොමුකළාම බුද්ධිමතාට වැටහේවි. එහෙමවත් එය අවබෝධකර නොගන්නා මුලින් කී ගෝත්‍රික යුගයටත් කලින් සිටි ඩයිනසෝරයින් වැනි කුඩා මොලයක් සහිත සත්ව ගණයට වැටෙන්න ඕනෑ. අපේ රටේ ජීවත්වන ගෝත්‍රිකයින්ට පින්සිදු වන්නට තමයි ඔය පට්ට දූෂක හොර දේශපාලුවන් බලයට පත්වන්නේ... මෙය නැතිකරන්න ක්‍රම 2 යි තියෙන්නේ... එකක් සියලුම ගෝත්‍රිකයින්ව විනාශ කිරීම. 2 බුද්ධිමතුන් සහ හමුදාව විසින් දියත් කරන ලේ නොගලන විප්ලවයකින් රටේ බලය අල්ලාගෙන හමුදාවේ සහ ගරු විනිශ්චයකාරවරුන්ගේ අධීක්ෂණය යටතේ සොරුන්ගෙන්, දූෂිතයින්ගෙන් සහභාගි වීමෙන් තොර මැතිවරණයක් පවත්වා නියෝජිතයින් තෝරාගෙන රට පවත්වාගෙන යාම. ගෝත්‍රිකයින්ට නොමිලේ දුන් කෑම බිම සියල්ල අවලංගු කළ යුතුයි. රටේ පරිපාලනයට කිසිම ආගමක් සම්බන්ධ කර නොගත යුතුයි. රජයේ අනුග්‍රහය කිසිම ආගමකට නොදිය යුතුයි. අවුරුදු 70 ක් ආගම් අපේ රටට කරපු සේවයෙන් බිඳක් ඔබට මතක්කළ හැකිද..? නමුත් ආගම් රට වනසපු හැටි ඔබට අවංකව අමතක නැහැ නේද...? ආගම්, ජාති, කුල භේද,.. වැනි ගෝත්‍රික අදහස් දුරලා බුද්ධිමත්ව සිතන ජනතාවක් හදමු...!