කොරෝනා වයිරසය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ මගින් පනවා ඇති නීතිරීතීවලට පටහැනිව ජනතාව දිගින් දිගටම කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් ගම්පහ දිස්ත්‍රික්කයේ අවමංගල්‍ය කටයුත්තක්, මරණයක් සිදු වූ දිනට පසු දින අවසන් කටයුතු කළයුතු බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
කොරෝනා වයිරසය චීනයේ වූහාන් නගරයෙන් වාර්තා වී වසරක් කල් ඉක්ම ගොස් තිබේ. ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිත පළමු රෝගියා වාර්තා වී වසරකට ආසන්න වෙමින් තිබේ. මුළු රටේම කොරෝනා ආසාදිත සංඛ්‍යාව පනස්හතර දහසකට ආසන්නය. ඉන් 47215 දෙනකු සුවය ලැබූ බවට වාර්තාවීම සැනසුම් සුසුම් හෙළීමට හේතුවක් වුවද දිනපතා හඳුනා ගනු ලබන ආසාදිතයන්ගේ සංඛ්‍යාව තිගැස්සෙන සුළුය. මෙම තත්ත්වය අමතක කර කටයුතු කළ නොහැකිය. අනතුර අපගේ හිසට ඉහළින් ලඹ දෙමින් තිබෙන බව ඉතා පැහැදිලිය.
කරුණු කාරණා එපරිදි වුවද ඇතැමුන් කටයුතු කරන්නේ රටේ මෙබඳු මාරාන්තික වයිරසයක් ඇති බව නොදැන මෙන්ම, ඇතැම් බස් රථවල මගීන් ගමන් ගන්නා ආකාරයෙන් වුවද එය පැහැදිලි වේ. අප සෞඛ්‍ය රක්ෂිත පිළිවෙත්වලට අනුගතවිය යුත්තේ සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ එසේ නියම කර ඇති නිසා නොව තමන්ගේ ජීවිතයත්, සමීපතම ආදරණීයන්ගේ ජීවිතත් ආරක්ෂාකර ගනු පිණිසය. යතුරු පැදියෙන් ගමන් කරන බොහෝ දෙනකු ‘‘හෙල්මටය’’ හෙවත් හිස් වැසුම පළඳින්නේ එමගින් තම ජීවිතය බේරා ගැනීමට නොව පොලීසියේ දඩ කොළයෙන් බේරීමටය. කොරෝනා මාරක වසංගතය ඉදිරිපිට අප බොහෝ දෙනකුගේ හැසිරීම ඒ හා සමානවේ. අපට දියුණු මිනිස් සමාජයක් නිර්මාණය කර ගැනීමට තව බොහෝ කාලයක් ගතවනු ඇතැයි පෙනෙන්නේ එහෙයිනි.
කොරෝනා මාරක වසංගතය හමුවේ අප කිසිවකුට කොරෝනා ඒමට පෙර තිබූ ජීවිතයට ගමන් කළ නොහැකි බව ඒකාන්ත සත්‍යයකි. එමෙන්ම පවතින තත්ත්වයට අනුරූපීව අපගේ චර්යාවන් හැඩගස්වාගත යුතු බවද එපමණටම සත්‍යයකි. එහෙත් ඇතැමකු එසේ නොකරන බව ඉතා පැහැදිලිය. එය නූගත්කම යැයි අර්ථ දැක්විය නොහැකිය. මන්දයත් මෙම වයිරසය හමුවේ කෙසේ හැසිරිය යුතු දැයි උවමනා ප්‍රමාණයටත් වඩා තොරතුරු සමාජගත කර තිබේ. එහෙත් සාමූහික විචාර බුද්ධියෙන් පිරිහුණු අවිචාරවත්, අශිෂ්ඨ, අශ්ලීල, උද්ධච්ඡ මිනිස්සු තමන්ට රිසිසේ හැසිරෙති. මුළු රටම රෝගී නරකාදියක ගිල්වීම තම එකම අරමුණ බව පෙන්වීමට මෙන් මෙම නීචයෝ හැසිරෙති.
ගම්පහ දිස්ත්‍රික්කයේ අවමංගල්‍ය කටයුත්තක්, මරණයක් සිදු වූ දිනට පසුදින අවසන් කළයුතු බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී තීරණය කරනු ලබන්නේ මෙම පරිසරය තුළය. රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ හා දිසාපති සුනිල් ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් මෙම සාකච්ඡාව පැවති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
සාමාන්‍ය මරණයක් සිදු වූ විට සෞඛ්‍ය අංශ මගින් දැනුම් දී ඇති උපරිමය 50 දෙනකු පමණක් සහභාගී විය යුතු බවට පනවා තිබෙන සීමාව නොසලකා හරිමින් විශාල පිරිසක් අවමංගල්‍ය කටයුතුවලට සහභාගී වන බව හා දින ගණනාවක් දේහය තබා ගන්නා බවට ජනතා නියෝජිතයන්, සෞඛ්‍ය අංශ නිලධාරීන් පෙන්වා දීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.
මෙම තත්ත්වය ගම්පහ දිස්ත්‍රික්කයට පමණක් නොව මුළු රටේම පවතින පොදු ස්වභාවය බවට පත්ව තිබේ. ‘‘ප්‍රශ්නය අනෙකාගේ වනවිට පිළිතුර දාර්ශනික’’ යැයි කියමනකි. එහෙයින් මරණගෙදරක අත්දැකීමක් නොලබන බොහෝ දෙනකුට මේ මොහොතේ බොහෝ දේ ප්‍රකාශ කළ හැකිය. ‘‘මරණයේ වේදනාව ජීවත්වන්නවුන්ට’’ බවටද කියමනකි. සදාතනික සත්‍යයකි. එහෙත් එළැඹ ඇති ලෝක වසංගත තත්ත්වය හමුවේ බොහෝ කැපකිරීම්, පරිත්‍යාග කිරීමට අපට සිදු වේ. සියලු තීන්දු තීරණ ගත යුත්තේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
අවමංගල්‍ය කටයුතු බොහෝ ගරුගාම්භීරව පැවැත්වීම අපගේ සංස්කෘතියේම කොටසකි. දිවි ගමන නිමා කළ ආදරණීය සමීපතමයාට ඉහළම ගෞරව දැක්වීම අප සතු මනුශ්‍යත්වයේම කොටසකි. එහෙත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ අනුව කටයුතු කිරීමද පුරවැසි වගකීමකි. ජාති, ආගම්, කුලමල බේද නොසලකා මෙබඳු පොදු නීති ක්‍රියාත්මක කළ යුතුය. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට පමණක් නොව මුළු රටම ආවරණය වන පරිදි මෙම නීති ක්‍රියාත්මක කළ යුතු තරමට රටේ තත්ත්වය ඉතා භයානක බව අවධාරණය කළ යුතුය.
(***)
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අවමගුල් උත්සව චාරිත්‍රත් වෙනසකට ගම්පහ තීරණය අගයමු
sharm warn Thursday, 21 January 2021 09:00 AM
ඉතාම කාලෝචිත ලිපියක්.. ගම්පහ දෙන ආදර්ශය රටටම පොදු එකක් කරන්න. අවමගුලක් සංදර්ශනයක් කරගත යුතු නැහැ කියලා මිනිස්සු දැන්වත් තේරුම් ගත්තොත් ලොකු දෙයක්..
hesa Thursday, 21 January 2021 08:37 PM
මුඛ ආවරණ රහිතව ඇතැම් පිරිස් එසේ කටයුතු කරන්නේ, මෙවැනි මාරාන්තික වයිරසයක් නැති බව සිතමින්ද..? ඇතැම් බස් රථවල මගීන් ගමන් ගන්නා ආකාරයෙන් වුවද එය පැහැදිලි වේ.. අඳින්නේ, යතුරු පැදි පදින විටද ගමන් යන කරන බොහෝ දෙනකු ‘‘හෙල්මටය’’ හෙවත් හිස් වැසුම පළඳින්නේත්, නීතියෙන්, දඩ කොළයෙන් බේරීමටය..
ruwan Friday, 22 January 2021 04:15 AM
රටේ පවතින කොරෝනා තත්වය තිබුණත්, නැතත් මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නීති ගෙන එමු...
lakvidu Friday, 22 January 2021 04:36 AM
අනර්ඝයි...!!!
sampath Sunday, 24 January 2021 04:29 PM
බස්වල මිනිස්සු වෙනදාටත් වඩා පැටවෙනවා... ඒක කවුද බලන්නේ මිනිස්සු කැමැත්තෙන් හිරවෙලා යනවා නෙවෙයි... කරන්න දෙයක් නැති කමටයි. අනෙක් සෑම තැනකමත් එහෙමයි. ඉඩ තිබ්බොත් කවුරු හරි අස්සෙන් එනවා. ඒවාට පාලනයක් අවශ්‍යයි මුලින්ම...