IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


2015 ලෝක කුසලාන කි‍්‍රකට් පිටියේ වැඩකාරයන්ගේ රූමත් නෝනලා

ලෝක කුසලාන තරගාවලියකට  ඕනෑම රටක් නියෝජනය කරන්නේ දක්ෂයන් බව සැබෑය. නමුත් ඒ දක්ෂයින් අතර අති දක්ෂයෝද සිටිති. ඒ අනුව මෙම ගෙවී ගිය තරගවලට සාපේක්ෂව අති දක්ෂයා වී සිටින්නේ නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් මැකලම්ය. සමහර විචාරකයන් ඔහු නම් කරන්නේ පිටියේ විනාශකාරයා නමිනි. තවත් සමහරු ඔහුට කියන්නේ මී මැසි නාදය කියාය. ඒ වෙන කිසිවක් නිසා නොවේ. මැකලම්ගේ ප‍්‍රවේගකාරී පිිතිහරඹ රටාව නිසාය.


මේ අපූරු දක්ෂයාගේ නෝනා ගැන ඔබ අසා තිබේද? ඔහුගේ නෝනා ගැන සහ මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් කරළියේ වැඩිපුර කතා බහ වන කි‍්‍රකට් තරු කීපයක රූමත් නෝනලා ගැන කෙරෙන සඳහනකි මේ.
ඒ රූමත් නෝනලා ගැන විස්තර කිරීමට පෙර අද ලෝක කි‍්‍රකට් පිටිය වේගවත් පිතිකරණ රටාවෙන් දෙවනත් කරන බ්‍රෙන්ඩන් මැකලම් ගැන විස්තර සඳහනක් දැන ගනිමු.

 

2

 


බ්‍රෙන්ඩන් මැකලම්


බ්‍රෙන්ඩන් මැකලම් උපත ලබා ඇත්තේ 1981 සැප්තැම්බර් 27 වැනිදා නවසීලන්තයේ ඩනේඩන් හිදීය. බ්‍රෙන්ඩන් බැරි මැකලම් වන නමුත් කණ්ඩායමේ අය ඔහු අමතන්නේ බසිස් හෙවත් ගුමු ගුමු නාදයා ලෙසය. ඔහුගේ සහෝදරයා වන්නේ ඔහුට වඩා වසරකින් වැඩිමල් නේදන් මැකලම්ය. ඔහුද නවසීලන්ත පිල නියෝජනය කරන්නෙකි. මේ දෙදෙනාගේ පියා වන ස්ටුවට් මැකලම් නවසීලන්තයේ පළමු පෙළ තරග සඳහා දීර්ඝ කාලයක් කී‍්‍රඩාකර ඇත.


බ්‍රෙන්ඩන් මෙන්ම නේදන් ද කිංග්ස් උසස් අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපනය ලැබුවෝ වෙති. ඔටාගෝ ප‍්‍රාදේශීය කණ්ඩායම් පිල නියෝජනය කරමින් ප‍්‍රාන්ත කි‍්‍රකට් තරග වෙතින් කි‍්‍රකට් ආත්මයට බද්ධ කරගත් බ්‍රෙන්ඩන්, ඔටාගෝ වෝල්ට්ස්, කැන්ටබරි, ග්ලැමෝගන්, නිව් සවුත් වේල්ස්, කොල්කටා නයිඞ් රයිඩර්ස්, සසෙක්ස්, කෝච් ටස්කර්ස්, බි‍්‍රස්බේන් හීට්, චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් සඳහා මේ දක්වා දායකත්වය ලබාදී ඇත. බ්‍රෙන්ඩන්ට ඇති ඉල්ලූම කොතරම් ද කියා කීමට එය හොඳටෝම ප‍්‍රමාණවත් වේ.

3
නවසීලන්ත ජාතික මේ අපූරු කී‍්‍රඩකයාගේ බිරිය වන්නේ  ඕස්ටේ‍්‍රලියානු ජාතික කාන්තාවක වන එලිස්සා ආතර් මැකලම්ය. (Ellissa Mccullum) ඇය නිව් සවුත් වේල්ස්හි කැනෙයිබා පළාතේය. මේ මැකලම් යුවළට දියණියක සහ පුතකු වෙති. පුතා රයිලි ද තාත්තාගේ අඩිපාරේ යමින් සිටී. දියණියගේ නම මායා වේ. එල්ස්සා සහ බ්‍රෙන්ඩන් දෙදෙනාට දෙදෙනා අසීමිතව ආදරය කරන යුවළකැයි මිතුරෝ පවසති. මේ හැඩකාර වැඩකාරයාගේ රූමත් බිරියගේ විස්තරවලට පසු මෙවර ලෝක කුසලාන තරගාවලියේ අනෙකුත් වැඩකාර කී‍්‍රඩකයන්ගේ රූමත් බිරින්ඳෑවරුන්ගේ විස්තර මෙසේය.

 

 


මිචෙල් ජෝන්සන්  (ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන)

බිරිය- ජෙසිකා බ‍්‍රැටිච් (Jessica Bratich)

 


කී‍්‍රඩාවලට වඩාත් ලැදි සුරූපී ජෙසිකා නිරූපිකාවක වන්නීය. ඊට අමතරව කරාතේ කළු පටි ශූරියකද වන්නීය. එක්දරු මවක වන ජෙසිකා අද වෘත්තීය ලෙස කරන්නේ විලාසිතා නිර්මාණකරණයයි. බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ වඩාත් ශෘංගාරාත්මක කාන්තාවක ලෙසය.

 


මයිකල් ක්ලාක් ( ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක)
බිරිය - කයිලි ක්ලාක් (Kyly Clarke)


 ඕස්ටේ‍්‍රලියානුවන් කයිලිව හඳුන්වන්නේ ෆස්ට් ලේඩි යනුවෙනි.
ප‍්‍රකට රූපවාහිනී චැනලයක ජනපි‍්‍රය චරිතයක් වන ඇය හිටපු විශිෂ්ටතම නිරූපිකාවක වන්නීය.

 


ඬේවිඞ් වෝනර් ( ඕස්ටේලියානු පිලේ ප‍්‍රවේගකාරී පිතිකරු)
බිරිය- කැන්ඩයිස් ෆැල්සන් (Candice Falzon)


ඬේවිඞ් වෝනර් නමැති කී‍්‍රඩකයා අති දක්ෂ චරිතයක් වීම පිටුපස සිටින මහා චරිතය ලෙස බොහෝ දෙනා හඳුන්වන්නේ ඔහුගේ මේ බිරියය. වෝනර් යකඩ පිතිකරුවකු නම් ඒ යකඩයා තැනූ යකඩ ගැහැණිය ඇයම වන්නීය.

 


මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දීය කණ්ඩායමේ නායක)
බිරිය- සක්ෂී දෝනි  ((Sakshi Dhoni)


රූමත් සහ දඟකාර තැනැත්තියක ලෙස ඇය හැඳින්වීමට පුළුවන. දෝනි කී‍්‍රඩා කරන තරග නැරඹීමට ඇය පැමිණීම නිසා දෝනි හට එය වඩාත් උත්තේජනයට කරුණක් වන බව සඳහන් වේ. ඇය මේ දිනවල පසුවන්නේ කුළුඳුල් දරු ප‍්‍රසූතිය සඳහා වූ අපේක්ෂාවෙනි. මෙම මාසයේ දී දෝනි හට ඇය ඒ වටිනා තිළිණය ලබාදෙන බව සඳහන් වේ. ලෝක කි‍්‍රකට් කිරුළටත් වඩා දෝනි හට එය නම් සැබෑ සතුටකට හේතුවක් වේවි.

 


ෂේන් වොට්සන් ( ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක)
බිරිය- ලී වොට්සන් (Lee watson)


සුරූපී ”ලී” ව ප‍්‍රවේගකාරි ෂේන් වොට්සන් හමුවී ඇත්තේ ලෝ ප‍්‍රකට ෆොක්ස් (Fox) ටී වී නාලිකාවේ වැඩ සටහනක් අතරතුරදීය. ඇය එම නාළිකාවේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියකවීම ඊට හේතුවය. ඇය වැඩ සටහන් ඉදිරිපත් කරන විවේචනාත්මක ශෛලියට ලොල් බැඳි වොට්සන් ඇය විවාහ කර ගත් අතර දැන් ඔවුන් එක්දරු වම්පියෝය.


”නැහැ මේ වසරේ මම තවත් දරුවකු ප‍්‍රසූත කරනවා එතකොට මම දරු දෙදෙනකුගේ මවක්” යැයි සුරූපී ලී විටෙක පවසන්නීය.

 


ඬේල් ස්ටයින් (දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක)
පෙම්වතිය- ජී ඈන් කීට්ස්මන් (Jeanne kietzmann)


වත්මන් ලෝක එක්දින කි‍්‍රකට් පිටියේ සිටින විදුලි වේගයෙන් පන්දු යවන දැවැන්තයා වන්නේ දකුණු අපි‍්‍රකානු පිලේ ඬේල් ස්ටයින්ය. ඔහු විවාහ ගිවිස ගෙන සිටින්නේ සුරූපී සුප‍්‍රකට නිරූපිකාවක වන ජීඈන් කීට්ස්මන් සමගය. ඇය දකුණු අපි‍්‍රකාවේ ජනපි‍්‍රය චරිතයක්ව සිටින්නේ වඩාත් ශෘංගාරය මතුකරවන රූපයකින් හෙබි තැනැත්තියක වන නිසාය.

 


ඒ. බී. ද විලියර්ස් (දකුණු අපි‍්‍රකා කණ්ඩායමේ නායක)
බිරිය- ඩැනියෙල් ද විලියර්ස් (Danielle De Villiers)

 


දකුණු අපි‍්‍රකානු පිලේ කි‍්‍රකට් තරුව වී සිටින ඞී විලියර්ස් හට මේ සුරූපිනිය හමුවී ඇත්තේ වසර අටකට පෙරදීය. එය කෙතරම් ආදරණීය හමුවක්ද යත් 2013 ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය පැවැත්වෙමින් තිබියදී දෙදෙනා ටජ්මහල් ප‍්‍රාසාදය නැරැඹීමට ගොස් තිබේ. ඊට මාස කීපයකට පසු ඩැනියෙල් සහ විලියර්ස් අතර විවාහය සිදු කෙරිණි. ඩැනියෙල් සංගීතයට බෙහෙවින් ලැදි අතර විවාහ උත්සව දිනයේදී තම සැමියා වෙනුවෙන්ම ගීතයක් ද රචනා කළාය.

 


ඉයෝන් මෝර්ගන් (එංගලන්ත පිලේ කී‍්‍රඩක)
පෙම්වතිය- ටාරා රිජ්වේ (Tara Ridgway)

 


එංගලන්ත පිලේ ප‍්‍රබල පිතිකරු සහ නායක ඉයොන් මෝර්ගන් විවාහ ගිවිස ගෙන සිටින්නේ 2002 දී  ඕස්ටේලියානු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ දේශපාලනඥයකුවන ඬේවිඞ් රිජ්වේගේ දියණිය වන ටාරා සමගය. සුරූපී ටාරා ද ප‍්‍රකට වෙළෙඳ නාම නිරූපිකාවක වන්නීය.

 

zdghcg
ශකීබ් අල් හසන් (බංග්ලාදේශ කී‍්‍රඩක)
බිරිය- උමී අහමඞ් ෂිෂීර් (Umme Ahmed Shishir)


බංග්ලාදේශ කණ්ඩායමට නැතුවම බැරි ශකීබ් අල් හසන්ගේ මේ සුරූපී බිරිය බංග්ලාදේශ ඇමරිකානු සම්භවය ඇති සුරූපී තරුණියකි. බංග්ලාදේශයේ ජනපි‍්‍රයම කි‍්‍රකට් තරුව වන ශකීබ්ගේ මේ සුරූපිනිය ඇමරිකාවේ මිනොසොටා සරසවියේ උපාධිධාරිනියකි. වෘත්තියෙන් ඇය මෘදුකාංග ඉංජිනේරුවරියක වන්නීය.

 


ජේ. පී. ඩුමිනි (දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක)
බිරිය- සු ඩුමිනි  (Sue Duminy)


දකුණු අපි‍්‍රකානු පිල බොහෝ විට ගොඩ දාන ඩුමිනිගේ මේ සුරූපී බිරිය මාධ්‍ය සහ කැමරා ශිල්පීන් අතර ජනපි‍්‍රයම චරිතයකි. ඒ ඇයගේ නිසෙත‍්‍ර ඉරියව් නිසාය. කැමරාව ඉදිරියේදී අඩ නිරුවතින් පෙනීසිටින සියල්ල ගැන නොසඟවා තම සැමියා හට ප‍්‍රකාශ කිරීම සුරූපී සුගේ පුරුද්දය.

 


ස්ටුවට් බිනී (ඉන්දීය වේග පන්දු යවන කී‍්‍රඩක)
බිරිය- මයන්ති ලැන්ගර් ((Mayanti Langer)


ඉන්දීය කී‍්‍රඩක ස්ටුවට් බීනීට වඩා බොහෝ විට බොහෝ දෙනා කතා කරන්නේ ඔහුගේ බිරිය සුරූපී මයන්ති ලැන්ගර් ගැනය. සමහරු ඇය හඳුන්වන්නේ වඩා උණුසුම් චරිතයක් ලෙසය. දකින අය වශීකරණ තරමේ රූ සපුවක් හිමි මයන්ති ප‍්‍රකට ඊ.එස්.පී.එන්. කී‍්‍රඩා නාළිකාවේ ප‍්‍රකට චරිතයක් වන්නීය. සැමියා කි‍්‍රකට් කී‍්‍රඩකයකු වුවද ඇයගේ පි‍්‍රයතම කී‍්‍රඩාව වන්නේ පාපන්දුය.

 

 


ශිඛර් ධවාන් (ඉන්දීය ආරම්භක පිතිකරු)
බිරිය- අයේෂා මුඛර්ජි (Ayesha mukherjee)


අද ඉන්දීය පිලේ වඩාත් ප‍්‍රබල ආරම්භක පිතිකරුවා වී සිටින ශිඛර් ධවාන්ගේ සුරූපී බිරිය ගැනත් සඳහන් කළ යුතුමය. බි‍්‍රතාන්‍ය කාන්තාවක ඇයගේ මව වන අතර පියා බෙංගාලි ජාතිකයෙකි. සුරූපී අයේෂා වෘත්තීය බොක්සිං කී‍්‍රඩිකාවකි. එක්දරු මවක වුවද ඇයගේ පෙනුම වඩාත් තුරුණු ආකර්ෂණයකින් හෙබි බව සඳහන් කළ හැකිය. ඇය කිසිඳු විනෝදාස්වාද කටයුත්තකට වියදම් නොකළද තම සැමියා සහභාගි වන කි‍්‍රකට් තරග සහ වෙනත් උත්සව අවස්ථා සඳහා නොපැකිළිව අත දිගහැර වියදම් කරන්නීය.

 


විරාට් කෝළි (ඉන්දීය කී‍්‍රඩක)
පෙම්වතිය- අනුෂ්කා ෂර්මා (Anushka Sharma)


වත්මන් එක්දින කි‍්‍රකට් පිටියේ සිටින අංක එකේ පිතිකරුවකුවන විරාට් කෝලි විවාහ ගිවිස ගෙන සිටින්නේ සුරූපී බොලිවුඞ් නිළියක වන අනුෂ්කා ෂර්මා සමගය. කෝලි මේ තරම් ප‍්‍රබලව දස්කම් පාන්නේ මේ සුරූපිනියගෙන් ලැබෙන උණුසුම් ආදරණීය බව නිසාම යැයි සඳහන් කළ හැකිය.

 


කි‍්‍රස්ගේල් (බටහිර ඉන්දීය කොදෙව් ප‍්‍රබල පිතිකරු)
බිරිය- නැසී බිනොයිට් (Nacy Benoit)


ලෝ ප‍්‍රකට ප‍්‍රහාරාත්මක පිතිකරුවකුවන කි‍්‍රස් ගේල්ගේ සුරූපිනිය වන්නේ නැසී බිනොයිට්ය. ගේල්ගේ හෙවනැල්ල මෙන් නිබඳව ඔහු සමග සැරි සරන මේ සුරූපිනිය සමග ඉතා සැහැල්ලූ ජීවිතයක් ගත කරන බව විටෙක ගේල් ප‍්‍රකාශකර තිබේ.

 


මහේල ජයවර්ධන (ලෝ ප‍්‍රකට කි‍්‍රකට් තරුව)
බිරිඳ- කි‍්‍රස්ටිනා ජයවර්ධන


වත්මනෙහි ජගත් කි‍්‍රකට් පිටියේ සිටින ජ්‍යෙෂ්ඨතම සහ ශ්‍රේෂ්ඨ පිතිකරුවකුවන මහේල ජයවර්ධනගේ බිරිය වන්නේ කි‍්‍රස්ටිනා මල්ලිකා සිරිසේනය. ශ්‍රී ලාංකීය පියකු සහ නෙදර්ලන්ත ජාතික මවකගේ දියණියක වන සුරූපී කි‍්‍රස්ටිනා මල්ලිකා සංචාරක උපදේශක දැනුමින් පොහොසත් තැනැත්තියක වන්නීය. හාද වූ දා සිට සැමියාගේ කි‍්‍රකට් ජීවිතය සමග ගහට පොත්ත මෙන් බැඳී සිටින කි‍්‍රස්ටිනා මහේලගේ සමාජ සත්කාරක සේවා සඳහා ද නිබඳවම සහාය වන්නියකි.

 

xcjhx

 

sandun 01



අදහස් (0)

2015 ලෝක කුසලාන කි‍්‍රකට් පිටියේ වැඩකාරයන්ගේ රූමත් නෝනලා

දුමින්ද Monday, 09 March 2015 10:25 AM

නන්දලාල් මොනවා කරන්නද අපේ නොලැබීම-ආදර ඔරුව කහවනු ගඟේ පෙරලීම (නදී)

:       0       0

නන්දලාල් Friday, 06 March 2015 05:38 PM

ආදරයට වඩා ප්‍රසිද්ධිය පස්සේ දුවන ගැහැණු පිරිමි, ලෝකේ හැම රටකම ඉන්නවා නේ? ඒ උනාට ප්‍රසිද්ධියට පත් උන ක්‍රීඩකයෝ වැඩිදෙනෙක් නම් හොයන්නේ ඇහැට කනට පේන ලස්සන, ලමිස්සියොම තමා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 94 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 115 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 50 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 21 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 31 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 476 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1286 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1539 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site