සේකර මතක
නූතන සිංහල කවියේ මාවත සුනිසි කොට එය සුවිසල් මාවතක් සේ තනා පොදු රසික හදවත් යුග යුග ගණනක් ප්‍රකම්පනය කළ යුගයේ මහා කවියා ඔහුය. 1929 අප්‍රේල් 07 වැනිදා උපත ලද මහගම සේකර නම් මේ මහා කවියා සුවිශිෂ්ට ගීත රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, චිත්‍රපට අධ්යක්ෂවරයකු, නාට්‍යකරුවකු චිත්‍ර ශිල්පියකු මතු නොව දරුවන් වෙනුවෙන්ද අගනා පොත පත ලියූ කලාතුරකින් පහළ වන උදාර මානව හිතවාදියෙකි.