
(කීර්ති ප්‍රනාන්දු )
මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය .
මිනුවන්ගොඩ නගර සභා ඉතිහාසයේ ප්‍රථම වතාවට සභාපතිවරයෙකු ඉල්ලා අස්වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ .
මාස හයක් වැනි ඉතා අඩු කාලයක් සභාපති ධුරය දරා එයින් ඉවත් වනුයේ තමාගේ පෞද්ගලික තීරණයක් මත බවත් තම ඉල්ලා අස්වීම කිසිදු බලපෑමක් මත සිදුවන දෙයක් නොවන බවද අසේල මහතා මෙහිදී පැවසීය .
තමන්ගේ මෙම ඉල්ලා අස්වීම පිළිබඳව තම පක්ෂයටද නිල වශයෙන් දැනුම් දී ඇතැයි ද සභාපති අසේල වික්‍රමාරච්චි මහතා කීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද හේතුව...?
හරියට වැඩ කරන්න දෙන්නේ නැද්ද? බලපෑම්ද? නැතිනම් කරගන්න බැරිද? කරන්න දන්නේ නැතිද?
විපක්ෂයේ දූෂිත දේශපාලුවෝ හරියට වැඩක් කරන්න දෙන්නේ නැතුවා...