(රංජිත් රාජපක්ෂ)

වැල්ලවැයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්තික් මහ රෝහල වෙත (29) දින ඇතුලත් කල බව නාවලපිටිය පෙලොසිය පැවසීය.

උදෑසන 8:15ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය රඹුක්පිටිය ප්‍ර දේශයේදිය. 

වැල්ලවායේ සිට නාවලපිටිය ප්‍රදේශයේ (29) දින පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට පැමිණි බස් රථයකුයි මසේ අනතුරට පත් වී ඇත්තේ. බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි 27 දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරට හේතුව බස් රථයෙ බස් රථයේ රියදුරුට නින්ද යෑම බවට සැකකරන බවයි නාවලපිිටිය පොලිසියේ රථවාහන අංශයේ නිළධාරියෙකු කියා සිටියේ.